(යොහාන් භාසුර)
ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමූ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 7 කින් ද, ඉහළ දමා තිබේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 157 කට ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 184 කට ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 කටද , සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 144 කටද, භූමිතෙල් ලීටරයක් රුපියල් 77 කටද අලෙවි කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කුරුණෑ
විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්ධන මිල ඉහලට
chanda dayakaya Friday, 11 June 2021 10:46 PM
දැන් සැපයිද?
wijayaSaturday, 12 June 2021 11:09 AM
දැන්නම් පොඩි සැපක් වගේ දැනෙනවා. හාල්, පොල් මිල වැඩි වුණා. දැනුනේ නෑ. කහ මිළ දැනුනේම නෑ. එළවළු ගිනි ගණන්. ඒකත් එච්චරම ගානක් නෑ. මේකෙන් නම් පොඩි ගතියක් දැනුණා. මේ ගමන්ම ගෑසුත් වැඩි කලානම් මරු. නිකන් බයිට් එකට වගේ.
asankaSaturday, 12 June 2021 12:51 PM
හෙට අනිද්දා අපහු ඇවිත් රුපියල් 5 කින් විතර අඩු කරාම ඔක්කොම හරි.
Viki Friday, 11 June 2021 10:48 PM
දුන්නු අයට දැන් සැපද?...
nimalFriday, 11 June 2021 11:48 PM
දුන්නු 69ලක්ෂය දුන්නෙත් සුබවාදී අදහසක් බලාපොරොත්තුව... නමුත් මේවගේ වෙනසක් නම් නොවේ. ගෝඨාභය ජනාධිපති නොවී, සජිත් ජනාධිපති වූවා නම් ගෝඨාට වඩා 100 ගුණයකින් හොඳයි කියලා හැමෝම කියනවා.
බබා Friday, 11 June 2021 10:56 PM
එයා මොකුත්ම දන්නේ නෑ . පව් දෙයියනේ. මන්ත්‍රීයන්ට වාහන ගෙන්නන්න කැබිනට් පේපර් එක දැම්මෙත් එයා නෙවෙයි. ඊට කලින් LC ඕපන් කරපු මගඩිය එයා දන්නෙත් නෑ. බදුමිල වැඩි වෙනවා, ඒක දන්නෙත් නෑ. එන්නත් ව්‍යාපෘතිය මුළුමනින්ම විනාශයි... ඒක දන්නෙත් නෑ. ඒත් එයාලු අගමැති. මොකුත් නොදන්න බබා...
බබීSaturday, 12 June 2021 02:01 AM
ඉතින් එයා අගමැති කියලා දන්නෙත් නැතුව ඇති...
KUMARASaturday, 12 June 2021 07:49 AM
අනේ...!!! ඔව්... ඒ මනුස්සයාට කරන්න දෙන්න. ඒක කවුරුත් දන්නවා..
Sri Lanka Friday, 11 June 2021 11:03 PM
ලෝකයේම තෙල් මිල අඩුයි... ලංකාවේ වැඩියි. කොරෝනාවලට ගෙනාපු එන්නත් වල සල්ලි අපෙන් ගන්න සූත්‍රය... කවුද එන්නත් ඉල්ලුවේ? කවුද කොරෝනා බොරුව පිම්බුවේ?
pradeepa Friday, 11 June 2021 11:06 PM
අපේ සර්ට ඡන්දය දීලා දැන් අපිට චීත්තයක් තමයි අඳින්න වෙන්නේ. අපි මාර අපරාධයක් තමයි රටට කළේ..!!! ඒ කරපු පව තමයි අද ඵල දෙන්නේ...!!!
DilkiSaturday, 12 June 2021 09:50 AM
හැබැයි ඒ ආණ්ඩුව ගෙදර ඇරිය එක ගැන නම් සතුටුයි...
Indrajith Friday, 11 June 2021 11:07 PM
නියමයි... ‘‘සර් ෆේල්‘‘
C.K.LankaputhraSaturday, 12 June 2021 07:20 AM
නිකම්ම ෆේල් නෙවෙයි, අපට තලන්න හොඳයි මඩු වලිගෙන්.
Tharindu Perera Friday, 11 June 2021 11:16 PM
එන්න අපි අනුරට බනිමු.
Suji Friday, 11 June 2021 11:20 PM
69 ලක්ෂයට දැන් සැපද?
samanp Saturday, 12 June 2021 12:10 AM
ඉන්ධන මිල 15% ක ප්‍රතිශතයකින් වගේ ඉහළ ගිහින් තියෙනවා. අනිත් භාණ්ඩ මිලත් වාර්ෂික ඊට අසන්න ප්‍රතිශත වලින් ඉහල යනවා.. පෞද්ගලික අංශයේ රැකියා කරන අපේ වැටුප් වාර්ෂික ඉහළ යන්නේ 8%ක ප්‍රතිශතයකින් වගේ. අාදායම් වියදම් වෙනස -7%කට වඩා වැඩියි. වාර්ෂිකව මෙම -7% ක වෙනස එකතු වේවි අපි එන්න එන්න අසරණ වෙනවා.. මෙම ගැටළුව හොඳින් අධ්‍යයනය කර පෞද්ගලික අංශයේ සේවය කරන අපට විසඳුමක් සපයා දෙන මෙන් ඉල්ලා සිටිනවා. මෙම ගැටලුවට තදින්ම මුහුණ දෙන කණ්ඩායම වන්නේ මාසික වැටුප රුපියල් 70 000ට අඩු කොටසටයි.
හැට නව ලක්ෂය Saturday, 12 June 2021 01:45 AM
ඉහළ දැමීම නම් ගානට, මිම්මට විද්‍යාත්මකව කරලා තියෙනවා. 69 ලක්ෂයට හරියන්න.. වැඩිකිරීමේ එකතුව 69ට ගෙනැල්ලා තියෙනවා...
Nandalal DE SILVA - France Saturday, 12 June 2021 04:13 AM
තෙල් බාර ඇමැති වශයෙන් ගම්මන් පිළ ඊයේ කිව්වේ තෙල් මිල සංශෝධනයට පෙර මිල සූත්‍රයක් හදන බව.. ඒ වුණාට මහ රෑ ගැසට් පත්‍රයක් ගසා හිටිහැටියේ ඛනිජ තෙල් මිල වැඩි කර තිබෙනවා.. දැන් ඔබට සැපද?
dhamneth Saturday, 12 June 2021 04:27 AM
පසුගිය වසරේ ලෝක වෙළඳ පළේ තෙල් මිලගණන් අඩුවුණාට ලංකාවේ තෙල් මිල අඩු වුණේ නැහැ. ඒකට ඇමැතිවරු ගණනාවක්ම වෙළෙඳ ඇමැති ඇතුළු කිව්වේ ගණන් පහළ යාමෙන් ලැබුණු ලාබයෙන් අරමුදලක් ඇතිකළා.. ඒ නිසා මින් ඉදිරියේදී මිල වැඩිවුණා ලංකාවේ මිලගණන් වැඩි කරන්න අවශ්‍ය නැහැ. අර අරමුදලින් තුලනය කරගන්නවා කියා. කෝ දැන් ඒ අරමුදල..?
sami Saturday, 12 June 2021 06:05 AM
ජනතාව සුරා නොකන පාලකයෝ කවදා මේ රටේ බිහි වෙයිද
Puppa Saturday, 12 June 2021 06:22 AM
කෝ අර ඩොලර් මවනවා කිව්ව වියත් මග
වරුණ Saturday, 12 June 2021 06:41 AM
ඉන්ධන යනු මේ රටේ නිෂ්පාදනයක් නොවේ. ලෝකයේ ඉන්ධන මිල ඉහල යමින් පවතින්නේ බොහෝ කලක සිටන්...... ඒක අපි හැමෝම දන්නා දෙයක්. ගැටලුව නම් මේ මිලත් සමග බඩු මිලත් ඉහළ යාවි...... එය දරා ගැන්මට නම් අසීරු වේවි... සංචරණය කරන ඇති හැකි අයද මේ තත්ත්වය තුල ඉන් වැළකී සිටීමට උත්සාහ ගනීවි.
Prasad Saturday, 12 June 2021 06:42 AM
වැඩකරන අපේ විරුවා අපේ රටට සුපිරියටම දුන්නා...
ජනිත් Saturday, 12 June 2021 07:34 AM
මෙයාලා දැන් මිල සූත්‍රය වෙනස් කරලා.
මුණසිංහ Saturday, 12 June 2021 07:37 AM
කවුරු කොහොම කිව්වත් ඉන්ධන මිල වැඩිවෙන්න තිබුණේ අවුරුද්දකට කලින්. ඩොලරයත්, ලෝක වෙළඳපොලේ මිලත් එක්ක ඒකවෙනවා. නමුත් මේ වෙලාවේ මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන එක ඉතාම වැරැදියි. ඒකට ඔය විපක්ෂ මන්ත්‍රීලාත් අනුර-සජිත් දෙබෑයිනුත් සද්දයක් නැහැ. බැංකු බ්ලැක් ලිස්ට් වෙන එක හිතන්න තිබුණේ ඊට කලින්. මේක කොලේ වහලා ගැසීමක්... මේ වාහන ගන්න අය එකෙක්වත් ඊළඟට පාර්ලිමේන්තු එවන්න එපා. ඔවුන් තමා රට විනාශ කරන්නේ. බොරු කයිවාරුව විතරයි.
Ajith senadheera Saturday, 12 June 2021 07:50 AM
දේශපාලකයින්ට ඒක ප්‍රශ්නයක් නැහැ... එවුන්ට අලුත් වාහන එනවා... අපට තමයි බර අදින්න වෙන්නේ...
Rohana Saturday, 12 June 2021 08:01 AM
මිල වැඩිවන දිනය කියන්න බෑ කියලා ගම්මන්පිල කිව්වේ ටොන් පචයක් නේද? දේශපාලකයන් අවුරුදු 73ක් තිස්සේම කළේ ජනතාවට පච දෙසාබෑම බව අප හොඳින් දන්නවා.
ase Saturday, 12 June 2021 09:03 AM
සැප වාහන තහනමට? මේක ප්රතිරූප උගුරක්ද ? නැතත් අව්ලක් නැහැ සෑර් අපි රටට අාදරේ පරිසරය සුරකින සිහලුන් කරත්ත බඳිමු 69 ලක්ෂයක් ගොන්නුයි, එළදෙන්නුයි ඉන්නවනේ...
Sk Saturday, 12 June 2021 09:58 AM
කන්න බොන්න සල්ලි නේ... ඒ මදිවට තවත් මරාලයක්... අහිංසක මිනිස්සුන්ව බඩගින්න මරන්නයි හදන්නේ...
Dasitha Saturday, 12 June 2021 09:59 AM
PCR වැඩි කරන්න ලොක්ඩවුන් කරන්න කිය කිය කෑගහපු ගිය අවුරුදු 05කින් රට ආර්ථිකව පතලට දාපු අය තෙල් මිල වැඩි කළා කියලා කෑ ගහනවා.. තමන් පරිස්සම් නොවී...!!!
KumaraSaturday, 12 June 2021 10:26 AM
ඒ අය කෑගහපු වෙලාවේ PCR වැඩි කළා නම් - රට ලොක්ඩවුන් කළා නම් - එන්නත් ගෙනාවා නම් මෙතරම් විනාශයක් වීම වළක්වා ගන්න තිබුණා. රට ආර්ථිකව පතලට දැම්මේ ඒ දේවල් නොකළ අදූරදර්ශී පාලකයින් මිස ජනතාව නෙවෙයි... නමුත් ඒ දුර්වලකම් වලට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ ජනතාවට... වහලෙක් වුණාට උම්බෑ කියන්න එපා.
CHANUKSunday, 13 June 2021 11:40 AM
උම්බෑ කියලා කෑ ගහනවා අහිංසක මිනිස්සුන්ව බඩගින්නේ මරන්නයි හදන්නේ...
Deepal Nirosh Saturday, 12 June 2021 02:40 PM
තමුන් බලයට එනවිට තිබුණු තෙල් මිල සූත්‍රය සංශෝධනය කර හෝ අඛණ්ඩව ක්‍රියාත්මක වුණා නම් ජනතාවට මේ වගේ එකවර බර පටවා වදදෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ... එහෙනම් ජනතාව මිල උච්ඡාවචනයට මෙලහකට හුරුවෙලා. රජයට අනවශ්‍ය ආර්ථික බරක් පැටවෙන්නෙත් නැහැ. කාගේ නිර්මාණයක් වුණත් දැන්වත් එවැනි හොඳ ප්‍රතිපත්ති සාධාරණව ක්‍රියාවට නැංවීමයි සුදුසු... !!!
Rata Perata Saturday, 12 June 2021 03:28 PM
මෙතැන තියෙන බොහොමයක් අදහස් දැක්කම අපේ අදීනත්වය පේනවා. දූෂිත පාලකයන් පරිස්සම් වුනොත් හොඳයි. ප්‍රංශේ ජනාධිපතිට දුන්න කනේ පාර වගේ නෙවෙයි අපේ අය දෙන්න ගියාම. ඡන්දේ දීපු 69 ලක්ෂෙට බනින්න එපා. ඒ විශ්වාසය කරපු කාලකණ්ණින්ට බනින්න.
Dharmatileke Saturday, 12 June 2021 04:50 PM
අභාග්‍යයේ පෙරනිමිති... සෞභාග්‍යය කිව්වේ ඡන්ද රැස්වීම්වල විතරයි.