IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කරයි

(යොහාන් භාසුර)

ඉන්ධන මිල ලබන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර මහතා අද (13) පැවසීය.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා එසේ පැවසීය.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ අළෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන නඩු කටයුතු සමතයකට පත් කර ගැනීම, නව ඉන්ධනහල් ඉදිකිරීමේ කටයුතු සහ ලිහිසි තෙල් අළෙවිය කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව අමාත්‍ය කංචන විජේස්කර මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (12)

ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කරයි

මැක්ස් Wednesday, 13 September 2023 01:15 PM

එංගලන්තය වැනි රටකදී අප ද මෙය අත්දැක ඇත. ෂෙඩ් එකට ගියාමයි එදිනට අදාළ තෙල්මිල ගැන දැන් ගන්නට ලැබෙන්නේ. අපේ බොහෝදෙනෙක් එංගලන්තය වැනි "දියුණු" රටක් බවට ශ්‍රී ලංකාවත් පත්කර ගැනීමට දත කන නිසා එහි එක පියවරක් ලෙස මෙය සිදු කරන්නට ඇතැයි සිතා හිත සතුටුකර ගන්න...

:       1       32

Aravinda Monarawila Wednesday, 13 September 2023 02:01 PM

පිස්සු හැදිලා වෙන්නැති...

:       7       12

de silva Wednesday, 13 September 2023 02:10 PM

අපේ මිල සූත්‍රෙය් ක්‍රියාත්මක වෙන්නේ තෙල් මිල අඩුවුණොත් පමණයි.

:       2       10

Nimal Wednesday, 13 September 2023 03:37 PM

ජනතාව පීඩාවට පත්කිරීමේ අලුත්ම උපක්‍රමය...

:       3       8

Ajith Wednesday, 13 September 2023 03:38 PM

ඒ කියන්නේ දවස ගානේ, තෙල් මිල වැඩිවෙන එකද?

:       4       9

SUNIL MILANO Wednesday, 13 September 2023 04:24 PM

මේ ක්‍රමය තමයි මුළු යුරෝපෙම තියෙන්නේ. මේක තමයි වෙන්න ඕනෑ. මේ ක්‍රමය ගැන අංශු මාත්‍රාවක්වත් නොදන්න අයට. මැජික් එකක් තමයි.

:       4       10

අරවින්ද මොනරවිලWednesday, 13 September 2023 05:23 PM

ගොන් කතා කියන්න එපා... යුරෝපයේ තිබෙන හැමදේම ගෙඩිපිටින් මෙහෙ පැල කරන්න යන්නේ අඥාණ මෝඩයින්. ඒ රටවල් වල ආථික ස්ථාවරත්වයක් තියෙනවා. ඒ වගේම ඒ රටවල් බොහෝමයක් තමන්ට අවශ්‍ය ඉන්ධන වලින් සැලකිය යුතු ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගන්නවා. ඒ වගේම ලංකාවේ වගේ රුපියල් පනහකින් සීයකීන් වගේ ලොකු ගණන් වලින් මිල වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තෙල්මිල වෙනස් වන විදිහට බස් ගස්තු හා අනෙක් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල වෙනස්වන බවක් අප අසා නැහැ...!

:       4       50

pjThursday, 14 September 2023 03:52 AM

මෝඩ විදිහට හිතන අයට සත්‍යය ඇහෙන්නේ ගොන් කතා විදිහට වීම පුදුමයක් නොවේ...

:       1       0

රේණුක කරුණාරත්න Wednesday, 13 September 2023 04:28 PM

විදේශීය රටවල් සමග කිසිම දෙයක් සන්සන්දනය කරන්න බැහැ. ලංකාවේ රජයේ හා පෞද්ගලික සේවකයින් වැටුප් හා දීමනා ඉතා අඩුයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලැබුණු බැංකු පොලිය 50% කින් අඩුවුණා. කරුණාකරලා මිනිසුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳ සමාජ සමීක්ෂණයක් කරන්න...!

:       3       10

Deepal Nirosh Wednesday, 13 September 2023 08:50 PM

අපි කඩේකට ගියාම භාණ්ඩයක මිල කුමක් ද කියන එක එදිනෙදා තමා දැන ගන්නේ, මාළු වෙළෙන්දා ගාවට ගියත් එහෙමයි. ඉතින් මේ ක්‍රමවේදයේත් එහෙමට වෙනසක් නැහැ. මෙතැන ගැටළුව ඛනිජතෙල් මිල සමඟ රටේ අනිකුත් භාණ්ඩ හා සේවා බහුතරයක මිල ගැට ගැසී තිබීමයි. ඒ නිසා මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමේ ක්‍රමවේදය තමයි අප රටට සුදුසු... මාස අවසානයට ආසන්නයේදී ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ චකිතය නිසා ඉන්ධන ඇණවුම් නොකිරීමට පිළියමක් යෙදීමයි කළ යුත්තේ...

:       0       2

රාජේශ් ඛන්නා Thursday, 14 September 2023 03:57 AM

දිනෙන් දිනට පමණක් නොවෙයි ෂෙඩ් එකෙන් ෂෙඩ් එකටත් ඉන්ධන ප්‍රවාහනය වන දුර අනුව මිල වෙනස් විය යුතුයි....

:       0       0

සල්ලි Thursday, 14 September 2023 07:21 AM

නොරොච්චෝලෙට චයිනීස් ස්ටාෆ් ගේන සීන් එකේදි මෙයා නිහඬයිනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 475 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 674 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 402 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 351 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1117 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 206 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40231 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26024 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 287 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1338 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site