IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ඉන්ධන මිල වැඩිකිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත් තීරණයක්

ඉන්ධන මිල වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක ප්‍රධාන සාධකයක් පමණක් බවත්, ආනයනය මත රඳා පවතින පරිභෝජන ආර්ථිකය, දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමට එම තීරණය ගත් බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එය රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩු පොලී අනුපාත පවත්වා ගැනීමටත්විදේශ විනිමය වියදම්අඩු කර විනිමය අනුපාතය ශක්තිමත් කර ගැනීමටත්ජනතාවගේ සෞඛ්‍යය හා සුභසාධනය සුරක්ෂිත කර ගැනීමටත්හේතු වනු ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

          එහි මෙසේ ද සඳහන් වේ.

      ''ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්ගරු අග්‍රාමාත්‍යතුමන් හා අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලදී.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩව ඉහළ යාම ඉන් එක් ප්‍රධාන හේතුවකිමේ වන විට බොර තෙල් බැරලයක මිල ඇ...ඩො.70 ඉක්මවා ඇති අතරඑය තවදුරටත් ඉහළ යනු ඇති බව වෙළෙඳපොළ ප්‍රවණතා මගින් පැහැදිලි කරයි.

ශ්‍රී ලංකාව ඉන්ධන ආනයන සඳහා අතිවිශාල විදේශ විනිමයක් දරණ රටක් පමණක් නොවඑම ආනයනයන් මත රටේ ප්‍රවාහන සේවාවිදුලි බල නිෂ්පාදනය හා ඇතැම් කර්මාන්තශාලා ද පවත්වා ගෙන යන රටක් බවට පත්වී ඇත2019 වර්ෂයේ පමණක් තෙල් ආනයනය සඳහා වැය කර ඇති විදේශ විනිමය ඇ..ජ ඩො.මිලියන 3,677කිවාහන ආනයනය නතර කිරීම හා ජාත්‍යන්තර තෙල් මිල ගණන් 2019 දී බැරලයකට ඇ...ඩො68.80 සිට 2020 දී ඇ...ඩො45.57 දක්වා අඩුවීම නිසා 2020 දී මෙම වියදම ඇ...ඩොමිලියන 2,325ට අඩු කර ගැනීමට හැකි වුවදමේ වන විට පවත්නා මිල ගණන් ඉහළ යාම නිසා 2021 වර්ෂයේ බැරලයක මිල ඇ...ඩො70 ඉක්මවීම තුළ වාහන ආනයනය තහනම පවත්වා ගෙන ගියදඛනිජතෙල් ආනයනය සඳහා විදේශ විනිමය ඇ...ඩොමිලියන 4,000ක් පමණ වනු ඇතමෙම වියදම සමස්ත විදේශ විනිමය උපයන අපනයන ආදායමෙන් 1/3කට ආසන්න වියදමකි.

බීජපොහොරආහාරඖෂධ සහ එන්නත් ආදියදආනයනය කරන මෙම ආනයන මත රඳා පවතින පරිභෝජන රටාවනිෂ්පාදනය මත පරිභෝජනය කරන තත්ත්වයට පරිවර්තනය කළ යුතුය.

විදේශ විනිමය වැය කිරීමට අමතරව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් වශයෙන් පැවතීම නිසා සෑම වර්ෂයකම ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ණය මත යැපෙන ආයතනයක් වී ඇතමෙම බැංකු දෙක සඳහා මේ වන විට රුපියල් බිලියන 652ක ප්‍රමාණයක ණය ගෙවීමට ද ඇතලංකා විදුලිබල මණ්ඩලය ද රුපියල් බිලියන 85කට ආසන්න ණය මුදල් බැංකු දෙකට ගෙවීමට සිදු වන බැවින් මේ සඳහා රාජ්‍ය බැංකු දී ඇති ණයවලට භාණ්ඩාගාරය විසින් ඇපකරයන් ද නිකුත් කර ඇති අතරණය සඳහා අධික පොලියක් ද ගෙවීමට සිදුව ඇත.

පෞද්ගලික හා පොදු ප්‍රවාහන සේවා සඳහා සියයට 60ක පමණ වන ඉන්ධන භාවිතය අඩු කළ යුතුයඑබැවින් ප්‍රවාහනය සඳහා ELECTRIC රථ වාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත් කළ යුතුයඛනිජ තෙල් වලින් ධාවනය වන වාහන ආනයනය මුළුමනින්ම නතර කර ELECTRIC රථ වාහන භාවිතය ප්‍රචලිත කිරීමත්ත්‍රීරෝද රථ සඳහා ELECTRIC එන්ජින් ලබා දීමත් මගින් ප්‍රවාහන පිරිවැය ද ස්ථාවර කර ගත හැකිය.

ඉන්ධන භාවිතය අධික වීම නිසා නාගරික ප්‍රදේශවල වාතය අපිරිසිදු වීමත්ජනතාවගේ පෙනහළු ආශ්‍රිත රෝග වැඩිවීමත් තුළ පරිසර හිතකාමී බලශක්ති මූලාශ්‍රවලට කඩිනමින් පිවිසීම අනිවාර්ය වේකැලණිතිස්ස තෙල් විදුලි බලාගාරය LNG විදුලි බලාගාරයක් බවට පත් කර ගැනීමෙන්විදුලිබල මණ්ඩලය විසින් ඉන්ධන සඳහා ගෙවන අධික මිල ද අඩු කර ගත හැකිය.

දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක් කරා වන ජාතික සංවර්ධන වැඩසටහනට අනුව පොහොරඉන්ධනවන සම්පත්කැලිකසළ ජන ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නංවන අයුරින් කළමනාකරණය කළ යුතුය.

එබැවින් මිල වැඩි කිරීමට අමතරවආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස් කිරීමට රජය විසින් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශ වී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ජනනය සඳහා සාමාන්‍ය වශයෙන් සියයට 30ක පමණ ඉන්ධන භාවිතා කරන බැවින්එය වලක්වා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ජනනය කඩිනම් කිරීමට ද රජය කටයුතු කරමින් සිටීමේ නිසා සෑම නිවසකටමපාසැල්රෝහල් හා රජයේ ගොඩනැගිල්ලක් සඳහා සූර්ය තාප විදුලි නිෂ්පාදන කට්ටල ලබා දීම මගින් ජනතාව  පිට පැටවෙන අධික මිල ගණන් වල පීඩනය අඩු කිරීම පමණක් නොවඑම විදුලි ඒකක විදුලිබල මණ්ඩලයට ලබාදීම මගින් ආදායම් මාර්ගයක් ද ඇති කළ හැකිය.

එබැවින්මෙම මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක එක් ප්‍රධාන සාධකයක් පමණිඑය රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩු පොලී අනුපාත පවත්වා ගැනීමටත්විදේශ විනිමය වියදම් අඩු කර විනිමය අනුපාතය ශක්තිමත් කර ගැනීමටත්ජනතාවගේ සෞඛ්‍යය හා සුභසාධනය සුරක්ෂිත කර ගැනීමටත්ආනයනය මත රඳා පවතින පරිභෝජන ආර්ථිකයදේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමට ගත් තීරණයකි.''

 

 



අදහස් (0)

ඉන්ධන මිල වැඩිකිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත් තීරණයක්

ඔබේ අදහස් එවන්න

දියත

රටේ සහල් හා වී තොග පිළිබඳ වාර්තාව අද සවස ජනපතිට
2024 නොවැම්බර් මස 06 3 0

දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යං


ජාවාරම්කරුවකුගේ කෝටි 10 ක දේපළ තහනම්
2024 නොවැම්බර් මස 06 122 0

අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත


අලුත් අවුරුද්දේ පාසල් නිල ඇඳුම් ඔක්කොම චීනයෙන්
2024 නොවැම්බර් මස 06 17 0

2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු මෙන්න
2024 නොවැම්බර් මස 06 518 0

කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර


‘අයිස් ‘සමඟ කතුන් දෙන්නෙක් පොලිස් දැලේ
2024 නොවැම්බර් මස 06 124 0

රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


පාරවල් හැදූ හිඟ සල්ලි ගෙවන්න යයි
2024 නොවැම්බර් මස 06 259 0

කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 15 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 423 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site