IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඉන්ධන වංචාවකට හසුවූ උතුරු මැද පළාත් සභා හිටපු මහ ඇමැතිට ඇප

(මනෝප්‍රිය ගුණසේකර)

සිය වැටුපට ඉන්ධන දීමනාව එක්කර තිබියදී උතුරු මැද පළාත් සභා මුදලින් රුපියල් ලක්‍ෂ 80කට අධික ඉන්ධන ලබාගත් බවට චෝදනා ලැබු උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මහතා සහ ඉඩම් අමාත්‍යවරයාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය ඇප මත මුදාහැරීමට නියම කළ කොළඔ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඔවුන්ට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරී මස 07 වැනිදා සිට විභාග කිරීමට අද  (24) නියම කළේය.

මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් සමරකෝන් මහතා සහ ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මියයි.

2012 සැප්තැම්බර් මස 27 වැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ අනුරාධපුරයේදී උතුරු මැද පළාත් සභාවේ මහ ඇමතිවරයා වශයෙන් හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කරමින් සිටියදී අල්ලස් පනත යටතේ විග්‍රහ කෙරෙන දුණෂය නමැති වරද කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම නඩු පවරා ඇත.

උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කළ දෙවැනි විත්තිකාරියට හිමි ඉන්ධන දීමනාව ඇගේ වැටුපට එක් කර තිබියදී උතුරු මැද පළාත් සභාව එහි ප්‍රධාන ඇමතිවරයා වශයෙන් පළමු විත්තිකරුට නිකුත් කර තිබු වව්චර් පත් මඟින් රුපියල් 26,80,528/-ක හා රුපියල් 53,79,623/-ක ඉන්ධන ලබාගැනීම සහ එලෙස ඉන්ධන ලබාගැනීම සඳහා පළාත් සභා නිලධාරීන් පොළඔවන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.

රජයේ චක්‍රලේඛණය අනුව උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයා වශයෙන් තමාට හිමිව තිබු මෝටර් රථ දෙකට හා ආරක්‍ෂක රථයට අමතරව තවත් වාහන තුනක් තමාට මුදාහැරීමට පළාත් සභා නිලධාරීන් පොළඔවන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම වැඩිදුරටත් චෝදනා නඟා ඇත.

විත්තිකරුවන්ට එරෙහි නඩුව ඔප්පු කිරීම සඳහා සාක්කිකරුවන් 12 දෙනෙකු හා ලේඛණ 31ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව  අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබිණි.

අධිකරණයෙන් නිකුත් කොට තිබු සිතාසි වලට අනුව විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටි අතර ඔවුන්ට එරෙහි අධිචෝදනා පත්‍ර හා ඊට අදාළ ඇමුණුම් විවෘත අධිකරණයේදී ඔවුන්ට බාර දුන්හ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ අසිත ඇන්තනි මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව කෙළින්ම මහාධිකරණය හමුවේ අධිචෝදනා මත නඩු පැවරු බවත් මෙම නඩුව විභාග කිරීම සඳහා දින නියම කරන්නැයිද ඉල්ලා සිටියේය.

අධිකරණයෙන් නිකුත් කළ සිතාසි වලට අනුව අධිකරණයේ පෙනී සිටින තම සේවාදායකයින්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටි නීතීඥ දර්ශන කරුප්පු මහතා තම සේවාදායකයින්ට එරෙහිව ඉදිරිපත් කොට ඇත්තේ දෝෂ සහගත නීතීවීරෝධී චෝදනා පත්‍රයක් යැයි පැවසීය.

මෙම චෝදනා පත්‍රයේ ඇති දෝෂ නිවැරදි කිරීමට පවා නොහැකි බරපතල ඒවා යැයි පෙන්වා දුන් දර්ශන කුරුප්පු මහතා මෙම චෝදනා පත්‍රය මත නඩුව පවත්වාගෙන යෑමට නොහැකි හෙයින් තමන් මුලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන්නේ යැයි පැවසීය.

විත්තිකරුවන්ට ඇප නියම කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන වසරේ පෙබරවාරී මස 07 වැනිදා විභාග කිරීමට දින නියම කළේය.

පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව විභාගයට කැඳවන ලබන අවස්ථාවේදී මුලික විරෝධතාවය ඉදිරිපත් කරන ලෙස විත්ති පාර්ශවයට දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ  අසිත ඇන්තනි මහතා පෙනී සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ සිසිර රත්නායක, මංගල රණරාජා, නිලන්ත විජේසිංහ, බුද්ධික තිලකරත්න, දිනෙරූ බණ්ඩාර සහ සචිනි ඇල්විටිගල සමඟ නීතීඥ දර්ශන කරුප්පු මහතා පෙනී සිටියේය.

 

 

 

 

 

 

 



අදහස් (9)

ඉන්ධන වංචාවකට හසුවූ උතුරු මැද පළාත් සභා හිටපු මහ ඇමැතිට ඇප

ravin Wednesday, 24 November 2021 04:35 PM

රාජ්‍ය දේපළ අවභාවිතය ඉක්මණින්ම ඇප ලැබිය හැකි වරදක්ද? අල්ලස් කොමිසම හා නීතිපති යන ආයතනවල නිසි පරිදි නඩුවක් ගොනුකළ හැකි උගතුන් නොමැතිද? නිදොස් නිදහස් සංගීතෙ වගේ...

:       1       20

දයාරත්න ගෙන්ෙපාල Wednesday, 24 November 2021 04:37 PM

මේවා නිකම් විහිලු තමයි. අල්ලස් එකෙන් නඩු දාන්නේ ලිස්සලා යන්න තමයි...

:       0       21

පැරකුම් Wednesday, 24 November 2021 05:08 PM

අනේ මේ අපි දහදුක් විඳලා ගෙවන බදුමුදල් නේද මේ කජු ඇට, කොස් ඇට වගේ නාස්ති කරන්නේ…? කවුද මේවාට වග කියන්නේ? අන්තිමට නඩුව අහක දාන බව නම් පැහැදිලියි.!

:       0       22

විපරමා Wednesday, 24 November 2021 06:37 PM

රටේ ඉහළම තැනේ පටන් ඉන්නේ දූෂිතයින්... අනික් අය ගැන කවර කතාද?

:       0       15

සෙනෙවිරත්න Wednesday, 24 November 2021 07:08 PM

එන්න මේවා පෙන්නලා දෙන අනුරට බැනලා හිත හදාගමු. මොන පැත්තේ හිටියත් බේරෙනවා. 2014 වෙච්චි දෙයක් මෙතෙක්කල් රිමාන්ඩ්ද හිටයේ? නීතිපති දෙපාර්තමේන්තුව විසිරුවලා නීතිපති පොහොට්ටු කාර්යාලයේ පුටුවක හිඳුවමු...

:       2       12

සෙනෙවිරත්න Wednesday, 24 November 2021 07:10 PM

උඔලගේ දරුවන්ට හරියට කන්න දෙන්න බැරි හේතුව දැන්වත් වැටහෙනවාද? ඉස්සරහටත් වංචා පෙන්වන අයට බැන බැන ඉඳිමු. දැං යටඇඳුම විතරයි ගලවාගන්න ඉතුරුවෙලා තියෙන්නේ...

:       0       11

කමල් Wednesday, 24 November 2021 09:54 PM

හොරකම් කරේ නැත්තම් මොකටද? ලොකු ගණන් අය කරන ලොයර්ස්ලා අල්ලගන්නේ. මෙහෙමත් රටක්.

:       0       0

kapila Wednesday, 24 November 2021 10:45 PM

හොරුන් වෙනුවෙන් පෙනීහිටින නීතිඥයින්

:       0       0

Perera Thursday, 25 November 2021 04:38 AM

අල්ලස් කොමිසමෙන් මේ වෙනකොට ආණ්ඩුවට සම්බන්ධ මහත්වරුන්ගේ නඩු කීයක් තාක්ෂණික හේතු මත ඉල්ලා අස් කරගෙන තියනවද.මේකටත් එහෙම වෙයි කියලා තමයි හිතන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 155 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 267 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 679 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 669 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 963 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26873 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18876 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1866 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site