(යොහාන් භාසුර)
ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 5 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 26 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
මේ අතර ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 8 කින් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කළ බවත් එම සංස්ථාව කීය.
එම මිල ඉහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 371 ක්, ලංකා ඩීසල් ලීටරයක නව මිල රුපියල් 363 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 262 බවට පත්වූ බව ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 456 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 468 ක් දක්වා අඩු කළ බව ද සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්ධන වර්ග 3 ක මිල ඉහළට
chandima Thursday, 01 February 2024 12:45 AM
රුපියල ඉහල නැග්ගා කියනවා නේද ?
chandima Thursday, 01 February 2024 12:47 AM
මුන් දාන් ඉත්තෝ එහාට මෙහාට අදිනවද මන්දා ?
Banda Thursday, 01 February 2024 05:39 AM
ඩොලර් එක් පහළ යන්න.... තෙල් ගනන් යනවා....මාරයි අප්පා...
Nadadawa withanage sisira kumara Thursday, 01 February 2024 05:52 AM
ලොකු මිනිස්සුන්ට බෝනස්.අපිට ටැක්ස්
nanda Thursday, 01 February 2024 06:14 AM
දැන් වැඩි කළා මදිද .ඔය එකතු උන සල්ලි වලින් චන්දයක් තියන්න. මිනිස්සුන්ට දැන් මේ රටම එපා වෙලා තියෙන්නේ
චන්දන Thursday, 01 February 2024 07:47 AM
දැන් ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් අලෙවිය අඩියටම වැටිලා. ඒකයි අඩු කලේ. කාංචන ව්‍යාපාරය කළු කඩයක් වෙලා. අසීමිත ලාබ ලබනවා විතරක් නෙවෙයි ලාබය හෙළි නොකරන තත්ත්වයකට පත්කරල. මුන්ට හෙන වදින්නේ වැහැ නැති වෙලාවට.
nimesh Thursday, 01 February 2024 08:46 AM
දොස්තරලට විතරක් දුන්න රු. 35,000 දීමනාව හොයා ගන්න එපැයි. මසෙකට රු. මිලියන 700 ක් ඔනි. අහින්සක අපිට තමා තට්ටු වෙන්නෙ
geethikaThursday, 01 February 2024 10:24 AM
සහතික ඇත්ත. මමත් දැක්ක එක දොස්තර කෙනෙක් වාහනෙට පරන රිම් සෙට් එක කැතයි කියල අලුත්ම ඇලොයිවීල් සෙට් එකක් දාල මුහුණුපොතේ පළ කරල තිබ්බ. හැබැයි පහු ගිය කාලෙ එයලයි එයලගෙ ගොම සංගමෙයි දවස ගානේ මාධ්‍ය සාකඡ්චා තියලනම් කිව්වෙ එයාලගෙ ආර්ථික තත්වය අඩියටම වැටිල කන්න බොන්නත් නැති ගානට. මිනිස්සුන්ව කොච්චර කුලප්පු කලාද? දැන් අපිට බදු ගහල එයලට විතරක් පඩි වැඩි කලාම අපි හුලං බොනව. එයාල පිස්සු නටට රඟනව
Aravinda Monarawila Thursday, 01 February 2024 02:09 PM
පෙට්‍රල් ලීටරය දාහට ගියත් මොකද අප්පා දැන් පෝලිම් නැහැනේ... ගන්න අතේ සල්ලි නැතිනම් මහ බැංකුවත් කඩාපල්ලා...!
බද්රානි Thursday, 01 February 2024 02:45 PM
ඉතාම කාලෝචිත තීරණයක්... රටේ කරත්ත නිෂ්පාදනය වැඩිකොට ජනතාව කරත්ත භාවිතයට යොමුකළ යුතුයි... කරත්තයට බඳින්න සුදුසු ගවයින්ගේ අඩුවකුත් නැහැනේ මේ රටේ...!