(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉන්ධනවලට ලබන මාසයේදී ජනතාවට දැනෙන සහනයක් දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද ( 21) පැවසීය.
ඊට පසුව දෙසැම්බර් මාසයේදී විදුලි බිලටත් සහනයක් දෙන බව හෙතෙම සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග පිළිබඳව විවාදයේදීය.
කංචන විජේසේකර මහතා මෙසේද සඳහන් කළේය.
බොරතෙල් මිල අඩු වෙමින් තියෙනවා. ඒ වගේම රුපියලත් ශක්තිමත් වෙනවා. ඉන්ධන මිල සහනයක් දෙන්න කියලා ජනාධිපතිතුමා දැනටමත් මට උපදෙස් දීලා තියෙනවා. අපි ඒ සහන දෙනවා.
"පාරවල්වල උද්ඝෝෂණය කරලා විදුලියේ ස්වීච් ඕෆ් කළාම රටට ආයෝජකයෝ එන්නේ නැහැ. සමහර දේශපාලන පක්ෂ කරන්නේ
ඒ වැඩේ. දේශපාලන පක්ෂ මෙහෙයවන වෘත්තීය සමිති තියෙනවා. සමහරු පළාත් පාලන මැතිවරණයට පවා ඉදිරිපත් වෙලා තියෙනවා. මූල්‍ය අරමුදලේ මුදල් එනකොට ඒ අයගේ එක සටන් පාඨයක් නැති වෙනවා. ඉන්ධන මිල අඩු වෙන කොට තවත් සටන් පාඨයක් නැති වෙනවා. බඩු මිල අඩු වෙනකොට තවත් සටන් පාඨයක් නැති වෙනවා. ඒ නිසා මේ අය දැන් කුලප්පු වෙලා. තර්ජන ගර්ජන කරනවා. රටට කුමක් වුණත් කමක් නෑ තමන්ට බලයට ගන්න පුලුවන් නම් . වර්ජන තර්ජන කරනවා. විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාව ප්‍රති ව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ආපස්සට ගන්න සූදානම් නැහැ. ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට ඉන්ධන සැපයුම් වෙළෙඳපොළ විවෘත කිරීමට කටයුතු කරනවා. එහෙම කරන්නේ තෙල් පිළිබඳ තරගකාරිත්වයක් ඇති කිරීමට.
විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්ධන වලට සහනයක්
surnimal Tuesday, 21 March 2023 01:22 PM
සහන දෙන්නේ ගෙදරින් ගෙනල්ලද? සහන නෙමෙයි හරි ගානට දෙනවා. තමුන්ලගේ සහන අපට එපා. අහිංසක මිනිස්සු රවට්ටලා ප්‍රජාතන්ත්‍රවාදය පලපල්ලට යවන තමුන්ලා ගැන අපිට තියෙන්නේ තරහක්. කලකිරීමක්.
de silva Tuesday, 21 March 2023 01:47 PM
අපට සහන හෝ ඔබගේ අනුකම්පාවක් අවශ්‍ය නැහැ. පොරොන්දු වුණු පරිදි වාහාම මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න. ඉන්ධන ගෙන්වනවිට විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුව කටයුතු කරන්න. ගසාකෑම නවත්වන්න.
pradeep Tuesday, 21 March 2023 02:17 PM
එතකොට රට බංකොළොත් කලේ කවුද? ඔය හොරු නඩය නෙමේද? ලැජ්ජාවක් නැතුව කියෝන හැටි.
සමල් Tuesday, 21 March 2023 03:57 PM
මේ වතාවේ වත් පසුම්බියට දැනෙන ගණනකින් (රුපියල් 100/- කින් වත්) මිල අඩුකළයුතුයි.
චන්දන Tuesday, 21 March 2023 06:03 PM
ඇත්ත . සියලු ඉන්ධනවල මිල 100 කින් වත් අඩු කල යුතුය .