IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ඉන්ධන සළාක ක්‍රම ජූලි මස සිට

(යොහාන් භාසුර)

එළඹෙන ජූලි මස මුල සතියේ සිට ඉන්ධන සඳහා සළාක ක්‍රමයක් ආරම්භ කරන බවත් ඕනෑම පුද්ගලයෙක්ට නිෂ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලැබෙන ආකාරයට එම ක්‍රමය සකස් කරන බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

පුද්ගලයෙක් ලියාපදිංචි වන පිරවුම්හලෙන් අවම වශයෙන් මාසකට නියමිත ඉන්ධන ප්‍රමාණයෙන් සියයට 60 ක් හෝ ලබාගත හැකි ආකාරයට සළාක ක්‍රමය සකස් කරන බව කී අමාත්‍යවරයා ඉතිරි ඉන්ධන ප්‍රමාණය වෙනත් පිරවුම්හකින් ලබාගත හැකි ආකාරයට සකස් කරන බව ද සඳහන් කළේය.

 



අදහස් (13)

ඉන්ධන සළාක ක්‍රම ජූලි මස සිට

mp Friday, 17 June 2022 06:48 AM

එක එක වෙලාවට එක එක කතා. ඕවා කිසිම දෙයක් ප්‍රායෝගික දේවල් නොවේ. මහපාරට ඇවිල්ලා බලන්න. මිනිසුන්ගේ ප්‍රශ්නය තේරුම් ගන්න. පැය පහක් තෙල් පෝලිමේ ඉන්නත්, දවස් පහේම වැඩට යන්නත් පුළුවන්ද? කෝච්චිවල තරප්පුවේත් මිනිස්සු. මිනිසුන්ගේ ජීවිත බල්ලට දාලාද?

:       1       2

supun Friday, 17 June 2022 08:10 AM

යල්පැන ගිය සාලක ක්‍රමය මගින් මිනිසුන් තරාතිරම, රැකියාව අනුව වර්ග කිරීම පිළිකුල්... සැමට සමානව එකසේ නැති ක්‍රම හඳුන්වා දෙනවිට පන්ති භේදය ඇතිවෙනවා.

:       1       1

Bamunuarachchi Friday, 17 June 2022 08:53 AM

නියමයි. කරන දෙයක් ෆුල් පෘෆ් ක්‍රමයට කරන්න. හොරකම, වංචාව, නැති ක්‍රමයකට, එකම වාහනයට තැන් කීපයකින් ඉන්ධන ගතනොහැකි හැකි ආකාරයට ක්‍රමයක් හදන්න.

:       3       3

BamunuarachchiSaturday, 18 June 2022 04:18 PM

ඉන්ධන එන වේලාවන් ස්ථාන ප්‍රසිද්ධ කරන්න එපා... එතකොට වෙන ප්‍රදේශවල මිනිස්සු වාහන අරගෙන අපේ ප්‍රදේශවලට ඇවිත් පෝලිමේ ඉන්නවා.

:       1       1

prabhash Friday, 17 June 2022 08:56 AM

මේ අවස්ථාවේ ඉතාම හොඳ වැඩ පිළිවෙලක්. ඉක්මණින් ක්‍රියාත්මක කරන්න. නැත්නම් පෝලිමේ ඉන්න එකම කට්ටියක් තමයි තෙල් ටික ඇද ගෙන බිස්නස් කරන්නෙ.

:       86       17

Himali Friday, 17 June 2022 09:16 AM

මිනිසුන් තරාතිරම රැකියාව අනුව වර්ග කිරීම පිළිකුල්

:       9       115

samanFriday, 17 June 2022 11:55 AM

මේ වෙලාවේ හැටියට හොඳම සලාක ක්‍රමය. ඉදිරියටත් මෙය තමා හොඳ. කාර් වල, බයිසිකල් වල, ජීප් වල, ඩබල්කැබ් වල වැඩට යන්න තරම් අපි පෝසත් රටක් නොවේ. පුද්ගලික පරිහරණයට, සති අන්තයට ගමනක් බිමනක් යන්න වාහනයක් භාවිතා කරනවා හැරෙන්න ඔෆිස් යන්න විතරක් වාහනයක් භාවිතා කිරීම නොකළ යුතුයි. එසේ කරනවා නම් ඔවුන්ට ගාස්තුවක් නියම කළයුතුයි. මේ හැම දෙයකටම කලින් පොදු ප්‍රවාහනයේ තියෙන, සුව පහසුව, නියමිත වෙලාවකට වැඩ කරන එක... මහමඟ කොටන එක. පොල් පටවලා වගේ මිනිස්සු ගෙනියන එක, දාඩිය දැමීම වැනි කරුණුවලට හොඳ පිළිතුරක් රජයෙන්, පාර්ලිමේන්තුවෙන්, යෝජනා කළයුතුයි... මන්ත්‍රීලාගේ පෙට්‍රල් බොන වාහනත් ගාල්කළ යුතුයි.. ඔවුන්ටද, පුද්ගලිකවම, සලාක පෝලිම්වලට එන්න වැඩ සැලැස්විය යුතුයි...

:       2       2

pakeerFriday, 17 June 2022 12:57 PM

හරියට කළත් එහෙම වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට.. ඩිරෙක්ටර් කෙනෙක්, සභාපති කෙනෙක්, මැනේජර් කෙනෙක්ට, ඉන්ධන ඕනෙ නැහැ. ඒ කියන්නේ ලොකු ලොකු තනතුරු දරන අයට. හුඟක් උගත් අයට ඕනෙම නැහැ ඉන්ධන. ඉන්ධන ඕනේ සෞඛ්‍ය සේවයට, පොදු ප්‍රවාහන සේවයට, කම්කරුවන්ට, ප්‍රවාහනය ආශ්‍රිත රස්සාවල් කරන අයට... හරියට කළොත් මේ ක්‍රමය හරි...

:       1       1

කෝරලගේ Friday, 17 June 2022 12:41 PM

අනේ මෙයාගෙ සලාකේ... ඇයි ට්වීටර් ගිණුම හිරවෙලාද? මේ ගොල්ලො පොළවේ පයගහලා ඉන්න මිනිස්සු නෙමෙයි. අද මිනිස්සුන්ගේ බඩ පොත්තට ඇලිලා පොළවේ පස් කනවා ජීවත් වෙන්න. මේ හොරැරැළ රට සුන්නත්දූලි කරලා වලපල්ලට යවලා තියෙන්නේ...

:       0       1

ඉන්දික රණසිංහ Friday, 17 June 2022 12:49 PM

එහෙම කරන එක හොඳයි. ඉක්මණින් එය කරන්න...!

:       2       2

saman Friday, 17 June 2022 03:06 PM

මෙය කිරීමට තිබුණේ මීට මාස තුනකට කළින්...!

:       1       2

Nadisha Friday, 17 June 2022 06:04 PM

ඉක්මනට ඕක කරන්න. නැත්නම් රෑ වැඩමුර වලට එන්නේ නැතුව හෝ පැය 14ක විතර ෂිෆ්ට් කරන්න තමයි වෙන්නේ. සතියට දවස් කීපයක් එහෙම කරන්න වුණොත් ජීවිතයක් නෑ තමයි. දැනටම හෙට රෑ වැඩට යන්න විදියක් නෑ. බසුත් නෑ. අත්‍යාවශ්‍ය සේවාවලට මුල්තැනක් දෙන්න කියලා තියෙන ෂෙඩ්වලින් අත්‍යාවශ්‍ය සේවා ඇරෙන්න අනිත් ඔක්කෝටම දීලා අත්‍යාවශ්‍ය සේවාවලට ආපහු යන්න කියනවා. හොස්පිටල් ටිකේ එහෙම ස්ටාෆ් අඩුවෙලා මිනිස්සුන්ට අමාරු වෙන්නයි, මැරෙන්නයි වුණොත් කෝමද? හැබැයි හැමදාම තෙල්පෝලිම් වල ඉන්න අය රණ්ඩු කරගෙන හරි තෙල් අරන් 600/= 700/= ගානේ කළුකඩේ විකුණනවා.

:       1       1

සම්පත් Saturday, 18 June 2022 11:00 AM

මේ අවස්ථාවට ගැලපෙන හොඳම ක්‍රමය තමයි සලාක ක්‍රමය. එය ඉක්මණින් ක්‍රියාත්මක කරන්න..

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1205 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 426 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1295 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 143 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 888 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2508 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 630 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1795 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site