(රොමේෂ් මධුෂංඛ සහ ඉන්දිකා රාමනායක)
යාපනය පලාලි මුහුදු තීරය හරහා අනවසරයෙන් ඉන්දියාවට ගමන්කිරීමට උත්සහ දැරූ පුද්ගලයන් 13 දෙනකු සහ බෝට්ටු 2 ක් සමග නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස ත්‍රීකුණාමලයේ තිල්ලෙයිනගර් සිට පලාලි ප්‍රදේශයට පැමිණ ඇති අතර අනතුරුව පලාලි ප්‍රදේශයෙන් බොට්ටු දෙකක් යොදාගෙන පලාලි මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පැන යාමට උත්සහ දරා ඇති බවට අණාවරනය වෙයි.
අදාල පිරිස පලාලි මුහුදු මාර්ගයන් ඔස්සේ ගමන් කරමින් සිටින අතරතුර උතුරු නාවික විධානයට අයත් නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් පසු එම පිරිස බොට්ටු දෙකක්, ඉන්ධන තොගයක්ද සමගින් නාවික හමුදා භාරයට ගෙන පසුව පලාලි පොලීසියට භාරදීමට කටයුතු යොදනු ලැබීය.
නාවික හමුදා භාරයට පත් වූ පිරිස අතර කාන්තාවන් තිදෙනකු පිරිමි තිදෙනකු සහ ළමයින් පස් දෙනකු වන අතරම පලාලි ප්‍රදේශයේ පදිංචි බෝට්ටු හිමිකරුවන් දෙදෙනකුද වන බව පොලිසිය පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉන්දියාවට පනින්න හැඳූ තවත් 13ක් මාට්ටු