IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


ඉන්දීය විදේශ ඇමැති පාකිස්තානයේ සංචාරයක

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට ගිය, පාකිස්තාක අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගෙන් ඔහුට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

චීනයේ ප්‍රධානත්වයෙන් පිහිටුවූ ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ වාර්ෂික සමුළුව  (15) සහ (16) දෙදින ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්විණි. ඉන්දියාව මෙන්ම පාකිස්තානය ද ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ සාමාජිකයන්ය. මෙවර සමුළුවේ සත්කාරකරු වන්නේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ය.

සමුළුවට පැමිණි විදෙස් රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉස්ලාමාබාද් අගනුවර ලොක්ඩවුන් කෙරුණි. විශේෂ පොලිස් සහ හමුදා බලඇණි අගනුවර ආරක්ෂාවට යෙදවිණි. සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පින් ද සහභාගී විය.

සමුළුවට පැමිණි රාජ්‍ය නායකයන සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් රාත්‍රියේ පැවැත්වුණු අතර ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ඊට සහභාගී විය. එහිදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, අතට අත දී, ඉන්දීය විදේශ අමාත්‍යවරයා පිළිගත් අතර, දෙදෙනා අතරේ තත්පර 20 ක සුහද වචන කීපයක් හුවමාරු විය.

ඉන්දීය රජයේ අමාත්‍යවරයකු මේ අයුරින් පාකිස්තානයට පැමිණියේ වසර 10 කට පමණ පසුවය. මීට පෙර, විදේශ අමාත්‍යවරියක ලෙස කටයුතු කළ සුෂ්මා ස්වරාජ් පාකිස්තානයට පැමිණියාය. ඒ, 2015 වසරේදීය. ස්වරාජ් පාකිස්තානයට පැමිණියේ ඇෆ්ගනිස්තානයේ අනාගතය වෙනුවෙන් ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වුණු ජගත් සමුළුවට සහභාගී වීම සඳහාය.

සුෂ්මා ස්වරාජ් ඉන්දීය විදේශ ඇමැතිනිය ලෙස එම ධුරය හොබවද්දී, විදේශ ලේකම් ලෙස කටයුතු කළේ ජයිශංකර්ය. එදා ද ජයිශංකර්, සුෂ්මා ස්වරාජ් සමඟ පාකිස්තානයට පැමිණියේය.

ඉන්දු පාකිස්තාන විරසකය පවතින්නේ දේශසීමා අර්බුද මුල්කොට ගනිමිනි. ඉන්දියාව අස්ථාවර කිරීමට, පාකිස්තානය ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වන බවට ඉන්දියාය චෝදනා නගයි. 2015 වසරේදීත් 2016 වසරේදීත් ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට පුහුණුව දුන්නේත් අනුග්‍රහය දැක්වූයේත් පාකිස්තාන රජය සහ එරට අයි.එස්. බුද්ධි අංශය යැයි චෝදනා එල්ල වී ඇත.



අදහස් (0)

ඉන්දීය විදේශ ඇමැති පාකිස්තානයේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

දියත

ගෝලීය අවශ්‍යතා සලකා අධ්‍යාපනය සකස් විය යුතුයි
2024 ඔක්තෝබර් මස 16 873 0

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා


ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමක්:අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 16 441 0

අයිස් ජාවාරමේ යෙදුණු බව කියන පුද්ගලයකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් කීපදෙනකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ ජාවාරම්කරු කොළඹ ජාතික රෝහ


පොලිසියට අල්ලස් දෙන්න ගිය කුඩ්ඩා මාට්ටු
2024 ඔක්තෝබර් මස 16 467 1

හෙරොයින් ජාවාරම නිදහසේ කරගෙනයාම සදහා මට්ටක්කුලිය පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක් අල්ලස් වශයෙන් ලබාදීමට තැත්කළ මත්ද්‍රව්‍ය ජාවා



පුංචි ලෝකාන්තයෙන් පහළට දැමූ රියදුරුගේ සිරුර හමුවෙයි
2024 ඔක්තෝබර් මස 16 1493 1

පහරදී ඝාතනය කර මඩොල්සිම පුංචි ලෝකාන්තයේ අඩි 1000ක පමණ ප්‍රපාතයකට විසිකර දමා තිබූ හාලිඇල රොසට්වත්තේ 23 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරුගේ මළසිරුර දින දහසයක


නැගෙනහිර ආදායම් ලොකේකෙක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 16 481 1

නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 542 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 478 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1503 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site