(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුන්හල් හිමියන්ගේ සියයට 3 ක කොමිස් මුදල අවලංගු කිරීමට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන ඇනවුම් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයට සමගාමීව රට පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් රාත්‍රීය 8.00 ට වසා දමන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාටුන්න මහතා අද (1) පෙරවරුවේ පැවසීය.
රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහෝමයක් මීට පෙර පැය 24 සේවා කාලයක් ඉන්ධන සැපයූ බව ඒ මහතා සඳහන් කළේය.
ඉන්ධන පිරවුම්හල්වලට ඊයේ දිනයේ ඇනවුම් කළ ඉන්ධන තොග අද දිනයේත් ලැබෙනු ඇති බවත් සඳුදා දින සඳහා ඉන්ධන තොග ඇනවුම් කර නොමැති බවත් නාඔටුන්න මහතා සඳහන් කළේය.
ඉන්ධන පිරවුම්හල් හිමියන් ද ව්‍යාපාරයක් කරන බැවින් ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව කී නාඔටුන්න මහතා බලධාරීන් මෙම ගැටළුවට විසඳුම් දීම සඳහා හැකි ඉක්මණින් සාකච්ඡාවක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් නමැති ඇමෙරිකාවේ පෞද්ගලික ගගන සමාගම, සාර්ථකව සඳට යැවූ බ්ලූ ගෝස්ට් රොබෝ සඳ ගවේෂණ යානය, මේ වනවිට ඡායාරූප කීපයක් පෘථිවියට ලැබෙන්න සලස
ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැ
මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇති දළදා දැක්ම මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි අප්‍රේල් මස 18 සිට 27 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍ර
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් සිසුවකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදු කළැයි කියන විදුහල්පතිවරයා, මේ මස 11 වන
ගම් වැදී වගා හානි කරන සියලු වන සතුන්ගේ සංගණනයක් ලබන 15 වැනිදා ලංකාව පුරා සියලු ග්‍රාමසේවා වසම් වල සිදු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නා
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
ඉන්ධන පිරුම්හල් රාත්‍රී 8.00 ට වසයි
Srinath Sunday, 02 March 2025 02:58 AM
ඉන්ධන කියන්නේ අත්‍යාවශ්‍ය සේවා? ලයිසන් කෑන්සල් කරන්න.
Asela Sunday, 02 March 2025 06:19 AM
ඔන්න අපි ආයෙත් පෝලිමට යනවා. ඊයේ මට පෝලිමේ ඉන්න සිද්ධ වුණා. දැන් මේ ප්‍රශ්නය බරපතළ වෙනවා. ඉන්ධන නැහැ, නමුත් ඇමැතිවරුන්ගෙන් අපට කුණුහරප ඇහෙනවා. මේ වැඩකට නැති, අකාර්යක්ෂම, ප්‍රායෝගික නොවන ඇමතිවරුන්ට ප්‍රායෝගිකව මේ රට පාලනය කරන්න බැහැ. මේක දැන් අවුල් ජාලයක් බවට පත්වෙමින් තියෙනවා. ඔවුන් තමන්ගේ සුපිරි මෝඩ මොළයෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරනවා. උදාහරණයක් ලෙස ඔවුන් තොරතුරු තාක්ෂණ සේවකයින්ට බදු ගහන්න පටන් ගත්තා. මේක අනවශ්‍යයි. "සතයක් ඉතිරි කර ගැනීමට අවශ්‍ය නමුත් අවසානයේ ඩොලරයක් නාස්ති කරනවා" නාස්ති කරනවා" මේ ගෞරවනීය මෝඩයින් කවදා ඉගෙන ගනීවිද". ඔවුන් අපි ඉන්ධන පෝලිමේ ඉන්නවාට කැමැතිද?. ඔවුන්ට අවශ්‍ය නම්, බිලියන ගණනක් ඉතිරි කර ගැනීම සඳහා අනවශ්‍ය දහස් ගණනක් රාජ්‍ය සේවකයින් ස්වේච්ඡාවෙන් ඉවත් කිරීමට පියවර ගන්න"
සෙනෙවිරත්න Sunday, 02 March 2025 06:55 AM
ඉන්ධන නැත්නම් ඇරගෙන මොනවා කරන්නද? ගොන් වැඩ නොකර උසාවි නියෝගය කියවලා රටේ ජනතාව ගැන හිතන්න, රටේ පාලකයෝ සහ ජනතාව කැපකිරීම් කරනකොට මස් රාත්තලම ඉල්ලන්න එපා..
karolisSunday, 02 March 2025 07:46 PM
දැන් බලයේ ඉන්න පෙළපාලි රස්තියාදුකාරයොත් ඒ කාලේ ජනතාව ගැන හිතුවා නේද? තමන්ට රිදෙන කොට තමයි ජනතාව ගැන හිතන්න කියන්න මතක් වෙන්නේ...!
Chinthaka Sunday, 02 March 2025 07:31 AM
පොම්පකරුවන් හොරට තෙල් ගැසීමේ වාසියත් බෙදුම්කරුවන්ට ලැබෙනවා උදාහරණයක් ලෙසට වාහනයේ ඉන්ධන ලීටර් දෙකක් තුනක් තිබියදී කෙනෙක් ගිහිල්ලා තමන්ගෙ කාරයට රුපියල් 5000/= ගහන්න කියනවා පොම්පකරු රුපියල් 4000/=ත් 4500/= අතරෙදි මීටරය පමනක් ක්‍රියාත්මක වෙන්න සලස්වනවා එවිට පාරිභෝගිකයා ගෙවූ මුදලින් දහයෙන් එකක් පමණ බෙදුම්කරු ගසාකනවා මේවාටත් නීතියක් ක්‍රියාත්මක කර එලෙස ගසාකෑමත් නවත්වනවා නම් ඉතාමත් හොඳයි... ගරු ඇමැතිතුමාගේ අවදානයට යොමුවේවා..!
gamunu Sunday, 02 March 2025 08:12 AM
සත්‍ය වශයෙන්ම මේ 3% ලංකාවට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ...!
Lalla Sunday, 02 March 2025 09:20 AM
ව්‍යාපාරික ප්‍රජාව මහජන සේවයක් කරනවා කියලත් ඒ සේවය ලබන මහජනතාවට පීඩා කිරීම අපරාධයක් කියලත් නොසිතනවා නම් 69 ලක්ෂයක වරමක් තිබුණු විධායක ජනපති පන්නලා දාපු මහජන මතය ගැනත් හිතන්න ඕනෑ. ඊළඟ පියවර සිපෙට්කෝ ඉන්ධන අලෙවිසැල් වර්ජනය කිරීමට පියවර ගැනීම...
Dilum Sunday, 02 March 2025 10:38 AM
මේ අයව අත්අඩංගුවට අරගෙන රැකියාවලින් ඉවත් කළ යුතුයි. රජය මීට දැඩි පියවර අනුගමනය කළ යුතුයි.
Rifan Sunday, 02 March 2025 12:26 PM
වරදක් නම් වෙලා තියෙන්නේ එක නිවැරදි කරගන්නවා වෙනුවට ඒ වරද දිගටම කරන්න බැහැනේ. වැඩිය දැගලුවොත් වැරදි ලෙස ගෙවූ මුදලත් අය කරගන්න කටයුතු කලානම් ඉවරයි. අනික මෙවැනි සේවාවන් රජ්‍ය ව්‍යාපාර ලෙස පවත්වාගෙන යායුතුයි.