IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ඉබ්බාගමුවේ සිසුහු සිවු දෙනෙක් පාසලේ දි මත් වෙලා

(චාන්දනී දිසානායක සහ ගයාන් සූරියආරච්චි)

ඉබ්බාගමුව කලාපයේ ප්‍රාථමික පාසල සිසුන් සිව් දෙනකු දැඩි ලෙස මත්ව සිහිසුන් වී පාසලේ ගසක් යට වැටී සිටයදී කුරුණෑගල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.  

ඉන්  එක් සිසුවකු දැඩි ලෙස මත්ව සිටි නිසා ඔහුගේ තත්වය බරපතල බව කුරුණෑගල ශික්ෂණ රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. 

රෝහල් ගතකොට සිටින සිසුන්  ලිහිනිවැහැර අවට පදිංචි කරුවෝ වෙති.

මෙම සිසුන් සිව් දෙනා කිසියම් මත්පෙති වර්ගයක් පානය කිරීමෙන් මෙසේ පාසල තුළ සිහිසුන්ව සිටි බවට සැකකරන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ඊයේ පාසල පැවැත්වෙන වෙලාව තුලදී මෙම සිසුහු මෙසේ මත් ගතියෙන් පාසලේ ගසක් යට වැටී සිටියදී හමුවීමෙන් පසුව ඔවුහූ රම්බඩගල්ල රෝහලට ඇතුලත් කර ඇතත් සිසුන්ගේ තත්ත්වය බරපතල වූ බැවින් ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් ගතකල බව ‍ රම්බඩගල්ල රෝහල් ප්‍රකාශකයෙක් සනාත කලේය.

හදුනානොගත් පෙති වර්ගයක් පානය කිරීමෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවට සැකකෙරෙන බව සිදුවීම පිළිබදව පරීක්ෂණ මෙහෙය වන මදුරාගොඩ පොලිසිය පවසයි.

කිසියම් පෙතිවර්ගයක් ගසයට වැටීතිබි අහුලාගෙන පානය කල බවට සිසුහූ පැවසුවත් මේවා කිසියම් වැඩිහිටියෙකු විසින් එම සිසුන්ට ලබාදුන්නේද යන්න පිළිබදව සොයා බලන බව මදුරාගොඩ පොලිසිය සදහන් කළේය.

මින් එක් දරුවකුගේ පියකු දැඩි ලෙස මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින බවත් ඔහුගේ මත් පෙති රැගෙන ඇවිත් පානය කළේය යන්න ගැන පරීක්ෂණ මෙහෙයවයි.

 



අදහස් (4)

ඉබ්බාගමුවේ සිසුහු සිවු දෙනෙක් පාසලේ දි මත් වෙලා

පිටිගල මිලානෝ Saturday, 17 February 2024 02:28 PM

යුක්තිය වීදි නාට්‍ය කාරයෝ ටික කැමරා ටිකත් අරන් ඉස්පිරිතාලෙට ගිහිල්ලා මේ ළමයිවත් ජීප් එකට නග්ගාගෙන අරන් යයි.

:       42       45

බද්රානි Saturday, 17 February 2024 03:33 PM

පෙනෙන තෙක් මානෙක අනාගත සුරක්ෂිත භාවයක් නොදකින තරුණ පරපුර මතට හුරුවීම අරුමයක් නොවෙයි... විවිධ ආර්ථික පීඩාවන්ගෙන් දුක්විඳින දෙමව්පියන්ගේ දුක්ඛිත ජීවිත තුළ සිර වෙමින්, තාරුණ්‍යයේ විඳිය යුතු සුන්දරත්වය විඳීමට නොහැකි තාරුණ්‍යය අවසානයේ සතුටු වීමට තෝරාගෙන තිබෙන මාර්ගය තමයි මේ... මුග්ධ පාලකයින් සිටින රටවල මේ තත්වය සාමාන්‍යයි. මේ රටේ වැඩිහිටි හරක් රැලට සහ කටුවලින් ඇනගත්ත ගැටිස්සියන්ට හා විපත්මගේ වියතුන්ට කන්න නැතත් ඉන්න රටක් ඕනෑ ... අවසානයේ එවුන් රැලෙන් සමහරක් පිටරටවලට පැණ ගත්තා, ඉතිරි අයට වරප්‍රසාද හිමිවුණා.. තරුණයින්ගේ ජීවිත අවුල් වුණා.

:       18       82

මැක්ස් Saturday, 17 February 2024 07:00 PM

නගරයට වඩා ගම මතට විවරව ඇති වග පෙන්වන සිදුවීමකි. එවන් තත්ත්වයක් තුළ වුවත් යුක්තියට ගරහන අමන පිරිසක් මෙරට සිටීම කුඩ්ඩන්ගේ වාසනාවයි.

:       1       0

Tien Ma Saturday, 17 February 2024 07:12 PM

කලියුගයේ අවසාන විනාශය (මහා යුද්ධය) ලංවන විට පහත දේවල් සිද්ධ වෙනවා. මිනිස්සුන්ගේ ආයුෂ ඉතාම කෙටි වෙනවා. මිනිස්සු නිතර මැරෙනවා. රජවරු අතුරුදහන් වෙනවා. රටවල් වල බදු ගැසීම් අධික වෙනවා. ස්ත්‍රීන් බහුලව ඉපදෙනවා. මිනිස්සුට ලෙඩ රෝග බහුල වෙනවා. මිනිස්සුන්ගේ පාප ධර්ම බලවත් වෙනවා. වැරදි දර්ශන ලෝකයේ පැතිරෙනවා. ප්‍රඥාව පිරිහෙනවා. ස්වභාව ධර්මය විකෘති වෙනවා. පුරුෂයෝ මෝඩයෝ වෙනවා. පුරුෂයෝ දුර්වල වෙනවා. ස්ත්‍රීන් බලවත් වෙනවා. අඩු වයසින් ලිංගිකව එකතුවෙනවා. නෑදෑකම හෝ තමාට ඇති සම්බන්ධතාව නොසලකා ලිංගිකව එකතුවෙනවා. මිනිස්සු විවිධ ප්‍රශ්න නිසා තමන් ජීවත්වෙන ප්‍රදේශය අතහැර යනවා. මිනිස්සුන්ගේ ශරීර නිවැරදිව වැඩෙන්නේ නැහැ. ආහාර හිඟ වෙනවා. මහා විශාල ගස් අතුරුදහන් වෙනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 206 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 11 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 907 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1407 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 338 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 991 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site