IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇතැයි එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති නිරීක්ෂකයෝ බිය ඵළ කරති.

එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති නිරීක්ෂකයන් මෙසේ බිය පළ කළේ ‘සුදුසු වෙලාව බලා’ ඉරානයට ප්‍රහාරයක් එල්ල කරමින්, ඉරානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවට ඊශ්‍රායලය කළ අනතුරු ඇඟවීම සැලකිල්ලට ගනිමිනි.

ප්‍රමාණයෙන් කුඩා රාජ්‍යයක් වුවත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සහාය ලබන ඊශ්‍රායලය, අති නවීන අවි ආයුධ සහ යුදෝපකරණවලින් සමන්විතය. නෂ්ටික යුද ශීර්ෂ 400 ක් පමණ ඊශ්‍රායල හමුදාව සතුය.

මෙම යුද ශීර්ෂ සවි කළ මිසයිලවලින් ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් පහර දුන්නොත්, එම ප්‍රහාර වළක්වා ගැනීමට ඉරානයට හැකියාවක් නොලැබෙනු ඇති බවත්, නෂ්ටික පිපිරීම් සිදුවී මහා විනාශයක් සිදුවනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති නිරීක්ෂකයන් වැඩි දුරටත් බිය පළ කර ඇත.

පරමාණු බලශක්ති බලාගාරවලට පහර දීමෙන්, ඉරානය ක්ෂණිකව අඩපණ කිරීමට ඊශ්‍රායලයට හැකියාව ලැබෙනු ඇතැයි ද පරමාණු බලශක්ති නිරීක්ෂකයයෝ පැහැදිලි කරති.

ඉරානය, ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන යොදා ගනිමින් පහර දුන්නේ පසුගිය 13 වැනිදාය. ඒ, ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලය විනාශ වී, ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානීන් දෙදෙනකු ද ඇතුළු පිරිසක් මියයෑමේ සිද්ධියට පලිගැනීමක් ලෙසය. 

ඉරානයෙන් ඊශ්‍රායලයට එල්ල වුණු මිසයිල සහ ඩ්‍රෝන යානා උඩු ගුවනේ දී පහර දී විනාශ කිරීමට ඊශ්‍රායල හමුදාව සමත්විය. ඇමෙරිකාවෙන්, මහා බි්‍රතාන්‍යයෙන් පමණක් නොව, ජෝර්දානයෙන් ද ඊට සහාය හිමිවිය. ඒ අනුව, ඉරාන ප්‍රහාරයෙන් ඊශ්‍රායලයට බරපතල හානියක් සිදුවූයේ නැත.

ඉරාන ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය රැස්වී ඉරානයට එරෙහිව ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. සුදුසු වෙලාව බලා ඉරානයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලය කටයුතු කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු පැවැසුවේ මෙම අවස්ථාවේදීය.

ඊශ්‍රායලයට කොන්දේසි විරහිතව සහාය දක්වන ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල් පවසා ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ, ඉරානය සමඟ ගැටුමක් ඇති කර ගැනීමෙන්  වැලැකී සිටින ලෙසය. කෙසේ නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු පවසා ඇත්තේ සතුරු ප්‍රහාරයක් එල්ල වන සෑම අවස්ථාවකම, ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලයට අයිතියක් ඇති බවය.



අදහස් (4)

ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්

රට වැසියා Tuesday, 16 April 2024 11:47 AM

ආගමික අන්තවාදීන් අතට න්‍යෂ්ටික අවි ආයුධ ලැබීම අතිශයින් භයානකය, ඉරානයට ඉරාකයට වු දෙයට වඩ‍ා භයානක දෙයක් විය හැක. ත්‍රස්ථාදය සමඟ පරම්පරාවක් ජීවත් වු අප ලොව ඕනැම තැනක ත්‍රස්ථාදය හෙලා දකිමු!

:       8       58

Bunny Preena Wednesday, 17 April 2024 08:57 AM

යුද්ධය විසින් පරාජය කරනු ලබන්නේ "මනුෂ්‍යත්වය " පමණකි

:       1       10

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 17 April 2024 05:00 PM

එක්සත් ජාතීන්, මානව හිමිකම් හා අනෙකුත් සංවිධාන වලින් සිදුවන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ ගෝලබාලයින් ගේ වුවමනා විතරයි. එක එක රටවල් වලට එක එක අයුරින් සැලකිලි. ඊශ්‍රායලය කියන්නේ ඔවුන්ට ගැති ලෝකයේ සමහර මාධ්‍ය විසින් පුම්බන ලද විකටයින් පමණයි. ඇමෙරිකාව බටහිර රටවල් එකතුවෙලා තම පලස්ථීනය ආක්‍රමණය කරන්නේ. මොවුන් ඔක්කෝම ඊශ්‍රායලයේ හා ඇමෙරිකාවේ සියළුම අපරාධ වෙනුවෙන් තිරය පිටුපස ඉඳන් ක්‍රියාත්මක වන කල්ලි. ලංකාවේ වසර 30ක යුද්ධය අවසන් කිරීමට මේ කිසිවෙකු ඉදිරිපත් වුනේ නෑ. හැබැයි කොටි සංවිධානයට සම්පූර්ණ සහයෝගය දැක්වූවා. යුද්ධයෙන් පසුවත් ලංකාවේ රජයට විරුද්ධව කෙනෙහිලිකම් කළා. හැබැයි ඒ සෑම අවස්ථාවකම ඉරානය ඇතුළු මුස්ලිම් රටවල් ඉදිරිපත්වුණා. ලංකාව වෙනුවෙන් පක්ෂපාතිව ඡන්දය ප්‍රකාශ කිරීමට... දැනුත් ඔවුන් පලකරන අදහස් දිහා බැලුවොත් පැහැදිලි ඊශ්‍රායලයට වඩා ලොකු උවමනාවක් තිබෙනවා එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති නිරීක්ෂකයන්ට ඊශ්‍රායලය පහර දිය යුත්තේ කොහාටද යන වග. කුමක් කෙසේ වුවත් ඉරානය කියන්නේ කවුරුන්ද යනවග ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දන්නවා. ඉතින් රුසියානු හිතවාදී ඉරානයට ලොකු වුවමනාවක් තිබෙනවා ඊශ්‍රායලයට පහර දෙන්න.

:       0       1

හරිනමගේ ලෝස් ඇන්ජලීස් අනුර කුමාර දිසානායක හොරා Wednesday, 17 April 2024 08:29 PM

ඉරානයටයි ඊන්දියාවටයි රුසියාවටයි බලු ව්හීනයටයි දෙමලු තම්බින්ට කෙලවිලායන්න ගහපිය ඉක්මනට තුන්වෙනි ලෝකයුද්දය ලන්කාවෙන් පටන් ගන්නේ ඉරාන බලු ස්බුල්ලා බල්ලාව රනිලා ලන්කාවට ගෙනා ගමන් ඊස්‍රාලයෙන් එක යුදප්ලේන් එකයි ලන්කාවේ පාර්ලිමේන්තුවේ 226ම සුන්නද්දූවිලි වෙලායනවාමයි ඊටපස්සේ පොලිස් ත්‍රිවිද බලහමුදා දුප්පත් දෙමා පියන්ගේ දරුවන් නැතුව ලොකු ජුන්ටා රෙජීම් එකත් ඉවරයි මේ සින්හරෙජිමේට් යුරෝපා කන්ට්‍රීස් නෙටෝ සන්විදානයේ අන දීමක්

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 123 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 82 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 617 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1404 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 185 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 92 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38403 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site