IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඉරානය හඬවා ජනපති ඊබ්‍රාහිම් නික්ම යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ තෙදින අවමංගල්‍ය උත්සවය අද (21) ටබ්‍රිස් නගරයේදී එරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ වූවේය. අවමංගල්‍ය උත්සවය අදියර කීපයකින් පැවැත්වීමට නියමිත බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.

අනතුරුව ජනාධිපති රයිසිගේ මෘත දේහය ආගමික නගරයක් වන කොම් වෙත රැගෙන ගිය අතර එරට වේලාවෙන් පස්වරු 4.30ට එම නගරයේදී සිදු කෙරෙන ආගමික චාරිත්‍ර ආරම්භ කෙරිණි.අනතුරුව ජනාධිපති රයිසිගේ මෘත දේහය සහ අනතුරින් මියගිය අනෙක් පුද්ගලයන්ගේ මෘත දේහ ගුවනින් ඉරාන අගනුවර වන ටෙහෙරාන් නගරය වෙත රැගෙන යාමට නියමිතය.

ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි අවමංගල්‍ය උත්සවයේ යාඥා මෙහෙයවනු ලබන්නේය.අනතුරුව එළඹෙන බ්‍රහස්පතින්දා දින උදෑසන රයිසිගේ දේහය දකුණු කොරසාන් පළාතේ අගනගරය වන බ්‍රිජාන්ද් වෙත රැගෙන යාමට නියමිත අතර එදිනම සවස් කාලයේදී දේහයන් පිළිබඳ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී පැවැත්වීමට නියමිතය .

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා ඉරාන වැසියන් විශාල පිරිසක් එකතු වූහ.



අදහස් (3)

ඉරානය හඬවා ජනපති ඊබ්‍රාහිම් නික්ම යයි

Hafeel Tuesday, 21 May 2024 04:31 PM

අපේ පින් ජනාධිපති ඉන්දුනීසියාවේ සිට කෙළින්ම ඉරානයට යාවිද? වාසනාවට මෙතුමාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතයි. නමුත් එකට කලින් මේ ජනාධිපති ගියත් පුදුමයක් නැහැ...

:       7       4

Nawshad Tuesday, 21 May 2024 04:49 PM

ඔබ ෙහා් ඔබේ පවුලේ කිසිවෙකුත් විශ්වවිද්‍යාලයකට ගිහින් නැති බවයි මේ ‌කමෙන්ට් එකෙන් පෙනෙන්නේ. එහෙම ගිය අය දන්නවා උපාධි ප්‍රදානෝත්සවයක වටිනාකම...

:       3       5

Saman Tuesday, 21 May 2024 06:26 PM

ඉරාන ජනාධිපතිගේ මරණය ගැන අපට නම් කිසිම දුකක් නැහැ. ඊට වඩා හුඟක් දුකයි අර 2022 මහ්සා අමිනීගේ මරණය. මිනීමරුවෝ ඒ කෙල්ලව මැරුවා...

:       4       10

ඔබේ අදහස් එවන්න

දියත

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 188 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 149 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 807 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 224 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 675 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 148 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site