IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඉරාන ජනපති වෙනුවෙන් සොව පළ කෙරේ

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්ලහීන් ඇතුළු පිරිස වෙනුවෙන් රටවල් රැසක් සොව පළ කර තිබේ. ඒ අතරින් ඉදිරියෙන්ම පසුවන්නේ ඉරානයේ හිතවතුන් වන රුසියාව සහ චීනයයි.

ඉරාන චීන සබඳතා ශක්තිමත් කර ගැනීමට හැකිවූයේ රයිසි නිසා යැයි චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ශෝක පණිවුඩයේ සඳහන් වෙයි. අවශ්‍ය වේලාවට උදව්වට ආ මිතුරකු ලෙස රුසියාව ඉරාන ජනාධිපතිවරයා හඳුන්වා දී ඇත.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්, යුරෝපා සංගමය, කටාර් රාජ්‍යය, ඊජිප්තුව, මැලේසියාව, ජෝර්දානය, ජපානය, ඉතාලිය, සුඩානය, සිරියාව, තුර්කිය, වෙනිසියුලාව, හවුති සටන්කාමී සංවිධානය, ඉරාකය, හිස්බුල්ලා සංවිධානය, හමාස් සංවිධානය, එමිරේට්ස් රාජ්‍යය, ද සොව පළ කර තිබේ.

පාකිස්තානය ද අද (21) ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඉන්දියාව ද ඉරාන ජනාධිපති රයිසි, විදේශ ඇමැති අමීර්අබ්දුල්ලහීන් සහ මියගිය සෙසු පිරිස සම්බන්ධයෙන් ශෝකය පළ කර ඇත.

ඊට අමතරව ඉරාන නායකයා හෙලිකොප්ටර් අනතුරින් මියයෑම සම්බන්ධයෙන් ඇමෙරිකාව ද ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ. හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන්, මාධ්‍යවේදීන් ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඇස්ටින්ගෙන් විමසා ඇති අතර, ඇමෙරිකන් ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත්තේ තමන්ට ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ලැබී නැති බවය.



අදහස් (0)

ඉරාන ජනපති වෙනුවෙන් සොව පළ කෙරේ

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 600 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 168 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 489 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 120 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1717 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 182 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site