IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ඉලක්කයට යද්දි බාධා කරන ඕනෑම කෙනකුට ගහගෙන යනවා

(අංජුල මහික වීරරත්න)

රටේ අපරාධ පැත්ත නැති කරන්න තමාට ඉලක්කයක් ඇතැයි ද එම ඉලක්කයට යෑමට   බාධා කරන ඕනම කෙනකුට ගහගෙන යන බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

මොන තරම් "පවර්ෆුල්"පුද්ගලයන් උනත් තමා කටයුතු කරන්නේ එහෙම යැයිද අමාත්‍යවරයා කීය.

ලබන ජුනි 30 වැනිදාට පෙර තමාට හැම පලාතේම අපරාධ මර්දනය සම්බන්ධයෙන් ලොකු වෙනසක් දැකිය යුතු බවද ටිරාන් අලස් මහතා කීය.

කොළඹ පැවති පොලිස් වැඩමුළුවකට සහභාගී වෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

සමාජ මාධ්‍යයේ සිටින ඇතැම් පිරිසක් දැන් කුලප්පු වී තමාටත් පොලිස්පතිතුමාටත් ගහන බව කී අමාත්‍යවරයා මේ සියල්ලම කුඩු සල්ලි බව පැවසීය .

තමා අවුරුදු ගණනක් ඔය කාරණාවලින් තෙම්පරාදු වී සිටින බවද  ඔහොම ගහලා තමා වට්ටන්න බරි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පොලිසිය කෙලින් වැඩක් කර ප්‍රශ්නයක් වුනොත් තමා ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ යැයිද මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

 

 

 



අදහස් (11)

ඉලක්කයට යද්දි බාධා කරන ඕනෑම කෙනකුට ගහගෙන යනවා

Amal Thursday, 14 December 2023 09:34 PM

අවුරුදු ගණනක් ඔයල කොහෙද කෙලින් වැඩක් කරේ?

:       1       7

ජේ ආර් නානා Thursday, 14 December 2023 09:46 PM

අපිටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි...!

:       1       5

Chamila Fernando Thursday, 14 December 2023 10:05 PM

පොර ටෝක් නැතිව, නීතිය හරියට ක්‍රියාත්මක කරලා පෙන්වන්න. පුළුවන් නම් වැරැදි කරපු එක මැති ඇමැතියෙක්ට දඬුවම් කරලා පෙන්වන්න. එතකොළ අපි පිළිගන්නම් නීතිය හරියට ඉටුකළා කියලා.

:       1       9

මැක්ස් Thursday, 14 December 2023 10:10 PM

කුඩ්ඩන්ගේ සල්ලිවලට රට වනසන ඊනියා කීබෝඩ් වීරයන්වත් නිරුවත් කළ යුතුයි. අරගල මරාලයට කර උර දෙමින් රටේ වත්මන් අරාජිකත්වයට මඟ පෑදු ඔවුන් ගැන සැලකිලිමත් වන්න...!

:       5       2

Bamunuarachchi Thursday, 14 December 2023 11:03 PM

ඔව් ඔබ‍ට එහෙම කරන්න පුළුවන් බව මුහුණ දිහා බලපුවාම තේරුම් යනවා. අපිට තවත් රන්ජන් විජේරත්න කෙනෙක් ලැබුණා කියලා සතුටු වෙන්න පුළුවන් වගේ. ජයවේවා!

:       3       5

Desabandu gona Friday, 15 December 2023 05:38 AM

එතකොට මහා පරිමාණයෙන් හොරා හාපු රාජපක්ෂලාගේ පස්ස ඉඹගෙන නේ යන්නේ ?

:       0       5

බී අමරසිංහ Friday, 15 December 2023 05:55 AM

එතකොට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව?

:       0       5

Kazi Shajahan Friday, 15 December 2023 11:20 AM

ලොකු ටෝක් දුන්නට රනිල්ගෙන් අහලා තමයි හැමදේම කරන්න වෙන්නේ.අර්ජුන ඇලෝසියස් තාම අල්ලගන්න බැරි උනා .තවුසන්ඩ් ටෝක් විතරයි

:       0       10

Rata Perata Friday, 15 December 2023 12:59 PM

අර යුද්ධය කාලේ LTTE එකට සල්ලි දුන්නු එක ගැන හොයලා බලන්න... පුළුවන් නම් නිකන් පුස්වීරයෙක් වගේ වටේට ආරක්ෂාව දාගෙන කෑ ගහන්නේ නැතිව...

:       0       7

කොටි සල්ලි Friday, 15 December 2023 03:20 PM

ඉස්සෙල්ලාම අත්අඩංගුවට පත්වෙන්න ඕනෑ එවුන් කියන කතා ඇහුවාම දෙකොනින්ම හිනා. දොන් ජුවන් තමයි ඉස්සෙල්ලාම arrest කරන්න ඕනෑ.

:       0       4

Akila Friday, 15 December 2023 04:05 PM

ඉස්සෙල්ලාම අර රජයේ බැංකුවලට බිලියන ගණන් පොලු තියලා තියන ඒවා ගෙවුවොත් නරකද?

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 1366 0

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 729 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2204 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1369 6

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2452 2

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 796 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39322 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25640 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1118 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site