IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඉලොන් මස්ක් ට්‍රිලියනපතියෙක් වෙන්නයි යන්නේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් 2027 වසරේදී ලොව ප්‍රථම ට්‍රිලියනපතියා වනු ඇතැයි ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමියේ නවතම විශේලෂණ වාර්තාවක් පෙන්වා දෙයි.

ස්පේස් එක්ස් සමාගමේ සහ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ඉලෝන් මස්ක් ඇමෙරිකානු ඩොලර් බිලියන 251 ක වත්කමකට හිමිකම් කියන බවත් ඔහුගේ වත්කම් වාර්ෂිකව සියයට 110 ක ප්‍රතිශතයකින් වර්ධනය වන බවත් ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය පවසයි. එසේම ඔහු ප්‍රධාන විධායක නිලධාරී ධුරය දරණ ස්පේස් එක්ස් සහ ටෙස්ලා සමාගම් වල වටිනාකම මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1195 ක් බවද ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය ප්‍රකාශ කළේය.

ලොව දෙවැනි ට්‍රිලියනපතියා වීමේ වාසනාව 2028 වසරේදී ඉන්දියාවේ ගෞතම් අදානි උදාකර ගනු ඇති බවත් ඔහු ධනය වසරකට සියයකට 123 ක ප්‍රතිශතයකින් වර්ධනය වනු ඇති බවත් ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය පුරෝකථනය කර ඇත.

එම ලැයිස්තුවේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන එන්වීඩියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ජෙන්සන් හුවාන්ග් සහ ඉන්දුනීසියානු බලශක්ති සහ පතල් කැනීම් ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන ප්‍රාජොගෝ පන්ගෙස්ටු හිමිකරගෙන ඇති අතර ඔවුන් 2028 වසරේදී ට්‍රිලියනපතියන් වනු ඇතැයි ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ. එසේම එම ලැයිස්තුවේ සය වැනි ස්ථානය හිමිකරගෙන සිටින මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් 2030 වසරේදීත් අටවෙනි ස්ථානය හිමිකරගෙන සිටින ඉන්දියාවේ මුකේෂ් අම්බානි 2033 වසරේදීත් ට්‍රිලියනපතියන් වනු ඇතැයි ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය පුරෝකථනය කර ඇත.

මෙම ලැයිස්තුවේ පළවෙනි ට්‍රිලියනපතියන් 10 දෙනා අතර ඉන්දියාවේ දෙදෙනකු සිටීම විශේෂත්වයක් වන අතර ලොව ධනවත්ම පුද්ගලයන්ගේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය නොවෙනස්ව පැවතීමේ උපකල්පනය මත ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය මෙම විශේල්ෂණ වාර්තාව සකසා ඇත.



අදහස් (7)

ඉලොන් මස්ක් ට්‍රිලියනපතියෙක් වෙන්නයි යන්නේ

Jagath Monday, 09 September 2024 10:49 AM

අපේ කෙනෙක් හිටියා නම් ජෙප්පෝ වැඩේ දීලා දැන්ම....

:       25       21

පොඩිඑකාMonday, 09 September 2024 03:06 PM

මෙයා මොන මෝඩයෙක්ද?

:       4       6

ඉරේෂා Monday, 09 September 2024 01:07 PM

මට ආසයි... ඉලෝන් මස්ක්ගේ දියුණුවට හේතු දැනගන්න. හදවතින්ම සුබ පතනවා..!

:       0       20

පොඩිඑකාMonday, 09 September 2024 03:09 PM

එකම හේතුව මහින්දයයි, රනිලුයි හිටියේ නැති එක. හැබැයි පොඩි පුරස්නෙකට තියෙන්නේ කපුටා ඕකට කෙලින්න ඉඩ තියෙනවා...!

:       6       9

ANURA ROME Monday, 09 September 2024 01:46 PM

අනාගත මුදල් ඇමති හඳුන්නෙත්තිය ගෙන් ඇහුව නම් දැන ගන්න තිබුන සියල්ලදත්.

:       16       11

පොඩිඑකා Monday, 09 September 2024 01:55 PM

පොඩ්ඩක් හිටහං එලොං මල්ලි, අපේ නිමල් බේබි ජනාදිපති වෙනකං.

:       3       11

රම්සි Monday, 09 September 2024 03:11 PM

පරිස්සමින් ඉන්න මස්ක් කොම්ලෝ..., අපේ කපුටා ඔහේ..!

:       4       6

ඔබේ අදහස් එවන්න

දියත

වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම
2024 නොවැම්බර් මස 27 48 0

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.


රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගුයි
2024 නොවැම්බර් මස 27 94 0

අධික වර්ෂාව සමඟ දුම්රිය මාර්ගවලට පස් කඳු හා ගස් කඩා වැටීම හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක්


දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
2024 නොවැම්බර් මස 27 244 0

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම


ලොව වයස්ගතම පිරිමියා මියයයි
2024 නොවැම්බර් මස 27 826 0

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක



E8 ගැන පැමිණිලි ගලයි
2024 නොවැම්බර් මස 27 605 0

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 561 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2137 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site