IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


’ඉස්මයිල් ඝාතනය කළේ කෙටිදුර මිසයිලයකින්’

(විමුක්ති එස් රුද්‍රිගු)

හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ලක්වූයේ ඔහු නවාතැන් ගෙන සිටි නෙෂාට් ගොඩනැගිල්ලට එල්ල වූ කෙටිදුර මිසයිලකින් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිල නිවේදනයක් නිකුත් කරමින් අද(08) ප්‍රකාශ කළේය.

හනියේ ඝාතනය වූයේ කිලෝ ග්‍රෑම් 7 ක් පුපුරණ ද්‍රව්‍ය සහිත යුද ශීර්ෂයකින් යුත් කෙටිදුර මිසයිලයකින් බවට ඔහුගේ ඝාතනය පිළිබඳ ආරම්භ කළ විමර්ශනයේදී අනාවරණයවූ කරුණුවලින් තහවුරුවී ඇතැයි ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම ප්‍රාහරය ඇමෙරිකාවේ සහාය ඇතිව ඊශ්‍රායලය විසින් සිදුකර ඇති බවත් එයට පිළිතුරු නිසි වේලාවට නිසි ආකාරයට ලබා දෙන බවත් එම නිවේදනය නිකුත් කරමින් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රකාශ කළේය.

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආරක්ෂක විශ්ලේෂකයන් ප්‍රකාශ කර සිටියේ හනියේගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට මත දෙකක් ඉදිරිපත් වී ඇති බවත් එම මත දෙක අතර ලොකු වෙනසක් තිබෙන බවත්ය.

කෙසේ නමුත් හනියේ ඝාතනයට ලක්වූයේ ඔහු රැඳී සිටි කාමරයේ ඇටවූ බෝම්බයකින්ද එසේත් නැතිනම් ඔහු රැඳී සිටි ආගන්තුක නිවසට එල්ලවූ කෙටිදුර මිසයිලකින්ද යන්න තවමත් පැහැදිලි නැතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ. ඔහු සැබැවින්ම මියගියේ මිසයිල ප්‍රහාරයකින් නම් ප්‍රහාරය එල්ල කළ පාර්ශ්වය හනියේ සිටි තැන නිශ්චිතව දැන සිට ඇති බවත් එය ඉරානයට බරපතල ආරක්ෂක ගැටළුවක් බවට පෙනෙනු ඇති බවත් ආරක්ෂක විශ්ලේෂකයෝ පැවැසූහ.

මෙම මත දෙකෙන් ඉරානය තහවුරු කරන මතය මත ඉරානයේ ප්‍රතිචාරයද තීරණය වනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ.



අදහස් (2)

’ඉස්මයිල් ඝාතනය කළේ කෙටිදුර මිසයිලයකින්’

VIDEV NUGAWELA Saturday, 03 August 2024 10:28 PM

ඉරානය න්‍යෂ්ටික ප්‍රහාරයකින් විනාශ කළ යුතුයි

:       7       4

Chinthaka Sunday, 04 August 2024 05:08 AM

කැලේ සිටින සර්පයෝ අවුස්සා කනවෝ කනවෝ කියන්නෙ නැතුව උන්ටත් ඉන්න දෙනවා නම් ඕවා වෙන්නෙ නැහැ .ඒ මිනිස්සු වෙන ලෝක වලින් අපේ ලෝකයට අභ්‍යාවකාශ යානා මගින් ගෙනවිත් බලහත්කාරයෙන් පදිංචි කරලා ඉන්න මිනිස්සු කොට්ඨාශයක් නොවෙයි නේද. උන්ටත් මානව හිමිකම් තියෙනවා .ඇයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මේවා ගැන බලන්නෙ නැද්ද

:       3       5

ඔබේ අදහස් එවන්න

දියත

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 29 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 702 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 139 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3266 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1131 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2163 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30635 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23709 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 195 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site