IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ඉසුරු සොයා යන පිරිස්වල අඩුවක්

(අජන්ත කුමාර අගලකඩ)

විදේශ රැකියා සදහා පිටත්ව යාම ගතවූ කාලය තුළ ලක්ෂ දෙකකින් පමණ අඩුවී ඇතැයි ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

සාමාන්‍යයෙන් වාර්ෂිකව දෙලක්ෂ තිස්දහසක් පමණ විදේශ රැකියා සඳහා පිටත්ව යන නමුත් එයමේ වන විට 30,000 පමණ දක්වා අඩු වි ඇතැයි සඳහන් කළේය

මේ හේතුවෙන් විදේශ ආදායම් ලැබීම් විශාල වශයෙන් අඩුවී ඇති බව ද ඔහු කීවේය.

විදේශ රැකියාවලට ගොස් සිටින අයගේ සේවය වසරකින් පමණ දීර්ඝ කිරීම සහ කොරෝනා වසංගතය හේතුවෙන් විදේශ රැකියා අවස්ථා අහිමි වීම ඇතුළු හේතු රැසක් ඊට බලපා ඇතැයි කී රාජපක්ෂ මහතා එයආර්ථිකයට දැඩි ලෙස බලපා ඇතැයි ද සඳහන් කළේය .

එසේ වුවද අපනයන ආදායමෙි වැඩි වීමක් සිදුව තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (10)

ඉසුරු සොයා යන පිරිස්වල අඩුවක්

සසික Saturday, 24 July 2021 01:57 PM

රට ඉන්න මිනිස්සු ගෙන්න ගන්න බැහැ කියපු ආණ්ඩුව දැන් ලැජ්ජා නැතුව අාදායම් අඩු වුණාලු. හරියට කොරෝනා පාලනය කළා නම් අදටත් රැකියාවලට මිනිස්සුන්ට යන්න තිබ්බා...

:       96       518

NihalSaturday, 24 July 2021 03:39 PM

සෞඛ්‍ය නීති නොපිළිපදින අය හදාගන්නවා

:       0       0

WCASaturday, 24 July 2021 05:50 PM

අනෙක මේ අය එන අදායම විතරයි බැලුවේ.. අඩුගානේ ඒ මිනිහ ගිහින් එනකොට සතුටුවෙන්න ඉඩමක් ගන්න, ගෙයක් හදාගන්න ලෝන් එකක් වත් දුන්නද කඩේ යවන්නැතුව..? (සාමානයෙන් මිනිහෙක් රට යන්නේ ඕව කරගන්නනේ...)

:       10       94

NuwanSaturday, 24 July 2021 07:03 PM

එපමණක් නොවේ දින 30ක නිවාඩුවකට ගෙදර එන මනුස්සයෙක්ව බලහත්කාරයෙන් හෝටල්වලට දින 14, 15ක් ගාල් කරලා ලක්ෂ ගණන් කඩන ලෝකයේ කොහේවත්ම නැති අමුතු නිරෝධායන නාඩගමක් නටපු නිසා ගොඩ දෙනෙක් තම රැකියාවලින් අස්වෙලාම ගෙදර ආවා.. මම දන්න මිතුරන් දෙදෙනෙකුත් ඇතුළුව..

:       2       197

AselaSaturday, 24 July 2021 08:02 PM

ඇයි වාහනයක් ගන්න. පිටරට සේවය කරන අයගේ ලොකු බලාපොරොත්තුවක් ඒක. මේ අය ඒකත් නැවැත්තුවා.

:       0       64

RanjanSaturday, 24 July 2021 11:16 PM

පිටරටවල් සිටින සියලු දෙනාම එකතු වී රජයට හොඳ පාඩමක් උගන්වන්න් හොඳම දේ සම්පූර්ණයෙන්ම අඩුම වශයෙන් මාස 6ක් වත් ඒ කිසිම මුදලක් එවා නොසිටීම... අන්න එතකොට ඒ ගොල්ලෝ එන්න මේ අයගේ පිටි පස්සේ අරක දෙන්නම්, මේක දෙන්නම් කියකියා. අන්න එතැනට ගේනතුරු විදේශ රටවල්වල රැකියාවල්කර සිටින කිසිවෙකුට කිසිම දෙයක් රජය මගින් සිදුනොවේ...

:       0       0

ChandimaSaturday, 24 July 2021 11:29 PM

ඉසුරු ගෙනාවට කන්නේ වෙන එවුන් නිසා ඒක අල්ලලා දැම්මා.

:       0       0

පප්ප Saturday, 24 July 2021 02:11 PM

ඒ අහිසංකයො ගේන සල්ලිවලින් ඔහේලා සැප කාර් ගන්නවා .අර ඩිලාන් කියල දියවන්නාවෙ නරියෙක් ඉන්නෙ. ඒකා මේ අහිසංකයො රට විරුවො කියලා හොදට ඇන්දුවා, උලා කෑවා ,සැප ගත්තා ,මේ අහිංසකයන්ට කරපු වැඩක් නැහැ .උගත් කම අඩු උනත් අද හිරේ ඉන්න රංජා නම් මේ කෙල්ලොන්ගෙ ප්‍රශ්නවලදි එයාට පුලුවන් විදියට උදව් කලා.

:       0       0

69lakshaya Saturday, 24 July 2021 04:09 PM

අපේ සර් ලංකාවේ ආර්ථිකය දියුණු කරපු නිසා තමයි ලංකාවේ අය මැද පෙරදිග දැන් යන්නේ නැත්තේ .ජයවේවා !

:       0       0

Nilu Sunday, 25 July 2021 09:12 AM

රට යනවා අඩුයි කියන්න නම් මතක් වෙනවා.. රටට විදේශ විනිමය ගෙනත් දෙන අහිංසක අපිට කිසිම සහනයක් දෙන එක රජයකටවත් මතක් වෙලා නෑ මෙච්චර කාලෙකට...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 151 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 180 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 40 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 1717 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1042 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 17 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site