( ඔගස්ටින් ප්‍රනාන්දු)
ඉස්සන් ඇති කිරිම පිණිස පොකුණක් සකස් කර ගැනීමට දේශපාලන හයියක් ලබා ගෙන කෙරෙන තවත් කඩොලාන ශාඛ විනාශයක් සම්බන්ධ තොරතුරු හලාවත අඹකදවිල වැලි හේන ගම්මානයේ ධීවර ජනතාව හෙළි කරති.
අඹකදවිල වැලිහේන කළපු රක්ෂිතයේ බෝට්ටු තොටුපළට ආසන්නයේ සාර්ථක කඩොලාන වගාවක් පවතින අතර ඊට ආසන්නයේ සමහර පෞද්ගලික ඉඩම් වල සමහර ව්‍යාපාරිකයින් කාලෙක සිට ඉස්සන් පොකුණු පවත්වා ගෙන යමින් ඉස්සන් වගාව සිදු කරති.
ඔවුන් තම ඉස්සන් පොකුණු සදහා නිසි බලධාරින් වෙතින් අවශ්‍යය අවසර පත්‍ර ලබා ගෙන ඇති බවත් කියති.
පසුගිය කාලයේ දි ඉස්සන් පොකුණු ව්‍යාපාරය පාඩු ලබන තත්ත්වයක පැවැතියත් වනමි නමැති ඉස්සන් ප්‍රභේදයක් හදුන්වා දිමෙන් පසු මේ වන විට ඉස්සන් වනවගාවෙන් විශාල ආදායමක් ලබා ගත හැකි වුවත් අලුතින් පොකුණු සකස් කර බවත් ගෙන යාමට බාධාවක් වි ඇත්තේ ඒ සදහා අවශ්‍යය ඉඩම් ලබා ගැනිමට නොහැකිව තිබිම නිසාය .
එහෙත් පසුගිය මහා මැතිවරණයේ උණුසුම පහව යාමත් සමගම නව ආණ්ඩුවක් පත්කිරිමට සක්‍රිය දායකත්වය ලබා දි ඇති කණ්ඩායමක් මේ වන අඹකදවිල වැලිහේන ධීවර ගම්මානයේ කළපු රක්ෂිතයේ කඩොලාන වගාව කපා දමමින් නිති විරෝධිව ඉස්සන් පොකුණු සකස් කිරිමේ සුදානමක් ඇති බව ගම්වාසින් පෙන්වා දෙති.
දිවා කාලයේ මෙම කඩොලාන ශාඛ විනාශය සිදු නොවුණත් සමහර රාත්‍රි කාලයේ සහ රජයේ නිවාඩු දිනවල මෙම විනාශය බාධාවකින් තොරව කර ගෙන යන බවත් කියති. ඒ ආසන්නයේ පිහිටි තම ඉස්සන් පොකුණු සදහා අවශ්‍යය අමතර පොකුණු සකස් කර ගැනීමට මෙම වන විනාශය සිදු කරන බවත් කියති.ඊට එරෙහි වන අයට යම් තර්ජනයන් පවා මේ වන විට එල්ලවෙමින් පවතින බවත් ගම්වාසින් පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් තමන් මේ වන විට වන සංරක්ෂණ නිලධාරින්ට ද ලිඛිතව දැනුම් දුන් බවත් ඔවුහු කියති.
මේ සම්බන්ධයෙන් හලාවත අඩවි වන නිලධාරි ආර්.ඒ.සී.ඩි. රණසිංහ මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙස් කීය.
වැලිහේනේ කළපු රක්ෂිතයේ සිදු කෙරෙන බව කියන කඩොලාන ශාඛ විනාශයක් ගැන මේ දක්වා මා දැනුවත් කර නැහැ. කිසිම අයෙකුට කිසිම ආකාරයට කළපු රක්ෂිතයක ඇති කඩොලාන කපා ඉවත් කිරිමට හෝ වෙනත් කිසිම කාර්යයක් කිරිමට කිසිදු අවසරයක් ලබා දෙන්නේ නැහැ. අපි වහාම වැලිහේනේ සිදු කරන බව කියන කඩොලාන විනාශය ගැන සොයා බලන්නම්. එසේ වැරදි කර ඇති අයට අපි නිත්‍යනූකුලව පියවර ගන්නවා.
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.
ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා
මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසි
අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.
පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉස්සන් ඇති කරන්න අඹකඳවිලත් කඩොලාන විනාශ කරයි
Perera Thursday, 03 September 2020 05:48 AM
ඔක්සිජනුත් එපා, පරිසරයත් එපා 2/3 තියෙනවා ඒ ඇති.
බද්රානි Thursday, 03 September 2020 06:21 AM
ඉතින් ඕවා විනාශ කරන්න නේන්නම් පුත්තලමේ අය එකතු වෙලා පත්කර ගත්තේ? දැන් ඉතින් නාහෙන් අඬල පලක් නැහැ.
ලුම්බිණි Thursday, 03 September 2020 06:56 AM
පාලකයෝ වැරදි වලට අනුබල දෙන කොට මෙහෙම දේවල් වෙන එක පුදුම වෙන්න දෙයක් නැහැ.
ana Thursday, 03 September 2020 07:03 AM
මේ පරිසරවේදියෝ වන ජීවි පණ්ඩිතයෝ රටේ සංවර්ධනයට බාධා කරන නිසා තමයි 2/3 අර ගත්තේ. පොලිසියේ ඔය විගණන එකේ ඉන්නවා කරදර කාරයෝ ටිකක්. ඒ අය දැන ගන්න ඕන මහජන මතය, බහුතරය ඉන්නේ කැලෑ විනාශ කිරීමට පක්ෂව බව. තව භූ විද්‍යා එකේ සංවර්දනයට අවශ්‍ය වැලි ගොඩ දානවාට විරුද්ධයි. මේ අය සේරම පුරුදු වෙන්න ඕන බහුතර මතයට ගරු කරන්න.
Champa Thursday, 03 September 2020 07:31 AM
හරිම කණගාටුවක් දැනෙනවා මේවා දකින කොට... ලංකාව විනාශ කරන තරමක් විනාශ කලේ දේශපාලකයන් සහ ඔවුන්ගේ හෙන්චයියන්. පළවෙනි වැරැද්ද පාලකයින්ගේ... පාලකයින් පරිසරයේ වටිනාකම දන්නේ නැත්නම් ඔවුන්ගේ අන්තේවාසිකයන් දනියිද? කඩොලාන ගැන මීට කලිනුත් ලියලා තියෙනවා. කඩොලාන අනිත් ගස් වලටත් වඩා ආරක්ෂා කරගන්න ඕනේ... හේතුව කඩොලාන ගස්වලට අනිත් ගස් වගේ දහගුණයක ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන රඳවා ගෙන ඉන්න පුළුවන් නිසා. මේ නිසා අවට පරිසරය පිරිසුදු වෙනවා. සිහිලසක් දැනෙනවා. අනිත් අතට කඩොලාන නිසා වෙරළ ඛාදනයත් වළකිනවා.
de silva Thursday, 03 September 2020 07:55 AM
බිම් මට්ටමේ නියෝජනය කරන දේශපාලකයන්ගෙන් 75% වැලි, පස්, වෙනත් ජාවාරම් කරන පුද්ගලයන්.
Athula Thursday, 03 September 2020 07:57 AM
ගෝඨාභය ට රට ගැන කිසිම දැක්මක් හෝ හැඟිිමක් නැතිබව මනාව ඔප්පු කරනවා.
jonana Thursday, 03 September 2020 09:12 AM
කස පුපුරන හඬ ළඟ ලඟම...
nalin Thursday, 03 September 2020 09:33 AM
ඔක්සිජන් එපා කියන ඇමතියාට පරිසරයත් එක්ක තියෙන්නේ පුදුම අවුලක්.... නොදකින් විතරක්!!! කට්ටිය එකතු වෙලා මේ පරිසර පාලුවාව එව්වෙ වැඩිම මනාපෙන්නේ... අනික මේ ආණ්ඩුවට 2/3 තියෙනවනේ... ඉතින් ඔවුන්ට ඕනේ විධියට ඔවුන් පරිසරය ගැන බලන්නේ නැතිව තමන්ගේ හෙන්චයියලාට ඕනේ දේවල් කරන්න දෙනවා. අනේ මට නම් මේව දැකලා දැකලා ඇති වෙලා දැන්... අර නාමල්කාරයා ජනාධිපති වෙන්න කලින් මොකක් හරි රටකට පනින්න බලන්න ඕනේ...
JANAHITHA Thursday, 03 September 2020 09:33 AM
අවාසනාවට සමාජ විරෝධී වැඩකරන පස් ජාවාරම් කරුවන්, අපරාධකරුවන් බොහෝමයක්...බහුතර ජනතාවගේ පක්ෂ, පාට එක්වී සිටිනවා.. මීට පෙරත් එසේමය. ඉතාමත් අසාර්ථක කැබිනට් මණ්ඩලයක් පත්වී ඇත.
janabala asamagi Thursday, 03 September 2020 09:34 AM
ඉඟුරු දී මිරිස් ගත්තාවත්ද අපි..?
janabala asamagi Thursday, 03 September 2020 09:36 AM
මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.
SISIRA Thursday, 03 September 2020 11:21 AM
පුත්තලම කිව්වම මතක්වෙන්නේම බූරුවෝනේ... ඒ කතාව ඇත්තම වගේ..
K Perera Thursday, 03 September 2020 11:32 AM
දැන්නම් ජනතාවට නිශ්ශබ්දව සිටින්නට නොහැකි වාතාවරණයක් මේ ආණ්ඩුව විසින් නිර්මාණය කරමින් සිටිනවා. ඉදිරියේදී මුළු ශ්‍රී ලංකාවම ඩෝසර් කරාවිද කියලා බයකුත් සිතට දැනෙනවා.
wije Thursday, 03 September 2020 05:02 PM
මේ ආණ්ඩුවට පරිසරය ගැන කිසිම දැනුමක් හෝ හැගීමක් නැති බව හොඳටම පේනවා.
නන්දසේන Friday, 04 September 2020 06:06 AM
ඔයාලා පැනික් වෙන්න එපා. 2/3ක් බහුතරය ගත්තේ මේවාට තමයි. කඩොලාන කන්න බෑනේ. ඉස්සන් කන්න පුළුවන්. ඔක්සිජන් ඕනේම නෑ. පුන්නක්කු තිබ්බම ඇති වහල්ලුන්ට.
මෝ Saturday, 05 September 2020 03:14 AM
ඔය වනරක්ෂණ නිලධාරියට කියන්න ඉස්සෙල්ලාම තම නිලයේ නම තේරුම් ගන්න කියලා. මිනිස්සු ඇවිත් කියන්න ඕනෑද විනාශය ගැන...? ඇරත් විනාශය සිදු වුණාට පස්සෙ දඬුවම් කරලා මොකටද? වගාකරලා කඩොලාන නැවත පරිසරයට එක්කරන්න යන කාලය බැලුවම. මුලින්ම කළ යුත්තේ මෙවැනි නිලධාරින්ට දඬුවම් කිරීමයි.
මෝ Saturday, 05 September 2020 03:17 AM
මේ ආණ්ඩුව පැමිණුනාට වඩා වේගයෙන් පිරිහෙනවා. ගෝඨාට මේ සෙට් එක සමග වැඩ කරන්න බෑ. බලතල ලැබුණු විගස මේ නසරානි දේශපාලුවන් පන්නා දමා වැඩ පටන් ගන්න...