IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ඊලෝන්ගේ අලුත්ම රොකට්ටුව පුපුරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමේ නවතම ස්ටාර්ෂිප් රොකට්ටුවේ අත්හදා බැලීම අසාර්ථක වෙමින් අභ්‍යවකාශ ගතකර මිනිත්තු කීපයක් තුළ පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.

පුපුරා ගිය ස්ටාර්ෂිප් රොකට්ටුවේ සුන්බුන් අහසේ සිට පොළවට වැටීම හේතුවෙන් මෙක්සිකෝ බොක්ක හරහා පියාසර කළ  ගුවන් යානා සියල්ලගේම මාර්ගය වෙනස් කිරීමට බලධාරීන් සිදුවූ බවද පැවැසෙයි. ස්ටාර් ෂිප් රොකට්ටුව පුපුරා යාම හේතුවෙන් හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට් ඕ ප්‍රින්ස් හි අහසේ උල්කාපත වර්ෂාවක් මෙන් තැඹිලි පැහැති ආලෝක බෝල ඉරි තැළෙන ආකාරය දිස්වූ බවත් ඉන් පසුව අහස ඝන දුමාරයකින් වැසී ගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ස්පේස් එක්ස් සමාගමේ දකුණු ටෙක්සාස්හි රොකට්ටු අභ්‍යවකාශගත කරන මධ්‍යස්ථානයෙන් අද (17) එරට වේලාවෙන් පස්වරු 5.38 ට පමණ ස්ටාර්ෂිප් රොකට්ටුව ආදර්ශ චන්ද්‍රිකාවක් සමග අත්හදා බැලීම සඳහා අභ්‍යවකාශගත කර ඇති බවත් අභ්‍යවකාශගත කර විනාඩි 8 කට පසුව රොකට්ටුව පුපුරා ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

 ආදර්ශ චන්ද්‍රිකාවක් සමග ස්ටාර්ෂිප් රොකට්ටුව අත්හදා බැලූ ප්‍රථම අවස්ථාව මෙය බවත් ආදර්ශ චන්ද්‍රිකාව කාර්ය මණ්ඩලය නොමැතිව අභ්‍යවකාශගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය. මෙම අත්හදා බැලීම සඳහා ස්පේස් එක්ස් සමාගම ස්ටාර්ෂිප් රොකට්ටුව නවීකරණය කර ඇති බවද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

මෙම වාරය ස්ටාර්ෂිප් රොකට්ටුවේ හත්වැනි අත්හදා බැලීම වූ අතර  ස්ටාර්ෂිප් රොකට්ටුව පුපුරා යාම හේතුවෙන් මියාමි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සමහර ගුවන් ගමන් නවතා දැමීමටද ගුවන් තොටුපොළ බලධාරීන්ට සිදුවිය. ස්ටාර්ෂිප් රොකට්ටුවේ සුන්බුන් සමග ගැටෙවී යැයි බියෙන් වාණිජ ගුවන් ගමන් දුසිම් ගනනක් වෙනත් ගුවන් තොටුපල වෙත හරවා යැවීමට සිදුවූ බවත් තවත් ගුවන් ගමන්වල මාර්ගය වෙනස් කිරීමට සිදුවූ බවත් පැවැසෙයි.

හත්වැනි අත්හදා බැලීමද අසාර්ථක වුවත් ඉන් පසුබට නොවන බවත් අටවැනි අත්හදා බැලීමට සූදානම් වීම ඇරැඹු බවත් ස්පේස් එක්ස් සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේය. ස්ටාර් ෂිප් රොකට්ටුවේ පිපිරීමක් සිදුවුණද බූස්ටරය සාර්ථකව අත්පත් කර ගැනීමට ස්පේස් එක්ස් සමාගමට හැකියාව ලැබී ඇත.

ස්පේස් එක්ස් යනු  ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය මූලස්ථානය කරගත් ගගනවිද්‍යා තාක්ෂණ, රොකට් නිෂ්පාදන හා අභ්‍යවකාශ ගමන් සේවා සපයන අධිතාක්ෂණික සමාගමකි.



අදහස් (3)

ඊලෝන්ගේ අලුත්ම රොකට්ටුව පුපුරයි

Perera Saturday, 18 January 2025 02:42 AM

මොනතරම් මුදල් නාස්තියක්ද? ඔය සල්ලිවලින් ලොව පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට උපකාර කරන්න තිබුණා.

:       5       1

Kazi Shajahan Saturday, 18 January 2025 07:40 AM

ඒ මොකක්ද බ්ලාස්ට් වුණේ...? අපේ චිචියගේ රොකට් එකේ වත් වැදුණද?

:       1       14

Saman Saturday, 18 January 2025 11:40 AM

පුපුරපු ප්‍රවෘත්තියට මේ පින්තූරය ගැලපෙනවාද...? මොකවත්ම නොදන්න මිනිස්සු මේක පිපිරීම කියලා හිතයි. මේ බූස්ටරය පහළට එන එකනේ...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කුලියට මිනී මරණ හතරක් මාට්ටු
2025 අප්‍රේල් මස 29 71 0

මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම


සැමියාගෙන් පවුලට කඩු ප්‍රහාරයක්
2025 අප්‍රේල් මස 29 51 0

පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල


පානදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 29 186 0

මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිර


කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 369 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 1323 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 893 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1018 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 438 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 586 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site