IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඊලෝන් මස්ක්ලා පැමිණියහොත් ආර්ථිකයට ලොකු රුකුලක්

(අංජුල මහික වීරරත්න)

ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන කැඳවා ගැනීමට හැකි වුවහොත් එය මෙරට ආර්ථීකයේ සංවර්ධනයට විශාල දායකත්වයක් වන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

“Starlink” වැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වීම හරහා මෙරට අන්තර්ජාල පහසුකම දුර්වල ප්‍රදේශවලට ද ගැටළුවකින් තොරව අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකිවන බවත් එය සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථිකයට වැඩදායී ක්ෂේත්‍ර රැසක වර්ධනයට රුකුලක් වන බවත් විජයවර්ධන  මහතා පෙන්වා දුන්නේය. 

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

"10 වන ලෝක ජල සමුළුව “World Water Forum” පසුගිය 18 වනදා සිට 20 වනදා දක්වා ඉන්දුනීසියාවේ බාලි දූපතේ දී පැවැත්වුණා. ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo)මහතාගේ නිල ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසක් ඊට සහභාගී වුණා. එම සංචාරයේ දී ජනාධිපතිවරයා සහ ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් මහතා අතර විශේෂ හමුවක් පැවැත්වුණා. 

එහිදී “Starlink” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එම ව්‍යාපෘතිය ලංකාවේ ආරම්භ කිරීමට නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ සහාය අවශ්‍ය බව එහිදී ඊලෝන් මස්ක් මහතා පැවසුවා.  එවැනි ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භ කිරීමට අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා" යනුවෙන් ද විජයවර්ධන මහතා පැවසීය.



අදහස් (20)

ඊලෝන් මස්ක්ලා පැමිණියහොත් ආර්ථිකයට ලොකු රුකුලක්

නිහාල් Monday, 27 May 2024 07:35 PM

වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවෙන් රටට වෙච්චි රුකුල කියන්න වචන නෑ. මේ පාර නම් 2048 වෙනකම් ඉන්න ඕන නෑ රට දියුණු වෙයි මේම මේම...

:       13       51

Lakmal Monday, 27 May 2024 07:40 PM

ඊලෝන් මස්ක් එයි...

:       5       30

End Game Monday, 27 May 2024 07:48 PM

තොපි වගේ හොරු ඉද්දි හොරකම් කරන කිසි මනුස්සකමක් නැති රජයේ සේවකයෙක් ඉද්දි මස්ක් එයිද?

:       6       33

Perera Monday, 27 May 2024 08:00 PM

හ්ම් ඔව්.. දැන් බලන්න අර වොක්ස්වැගන් සමාගම කුලියාපිටියේ ඇවිල්ලා රටේ ආර්ථිකයට මොන තරම් රුකුලක් වුනාද කියලා

:       6       28

රනිල් Monday, 27 May 2024 08:00 PM

වොක්ස්වැගන් පාට් 2. ඉතිං අපි අයිමත් රැවටෙමු....

:       4       31

පුරවැසියා Monday, 27 May 2024 08:21 PM

ඩොලරය රුපියලට බහී නේ. ලංකාව විකුණන්න වත් ප්ලෑන් එකක් තියෙනවා ද දන්නේ නැහැ නේ

:       4       22

sachith Monday, 27 May 2024 08:38 PM

ඡන්දේද දාන පෝසට්... එච්චරයි දැන් අඩුවට තිබ්බේ..

:       3       22

නිහාල් Monday, 27 May 2024 08:57 PM

පිං ජනාධිපති අවුරුදු 40 ක් ලංකාවට කොරපු හරිය මස්ක් දන්නවනම් ඇමරිකාවෙ ඉන්නෙත් නැතුව පැනල වෙන රටකට ගිහින් බිංගේක හැංගෙනවා

:       4       27

Kasun Monday, 27 May 2024 09:36 PM

ඉලොන් මස්ක්ක්... අපි කියන්නේ නැ

:       4       18

Nandalal DE SILVA - France Monday, 27 May 2024 09:37 PM

රට දියුණු කිරිමඋදෙසා මොන ව්‍යාපාරයක් වෙනුවෙන් රජය හෝ උසස් රජයේ නිලධාරීන් යෝජනා කලත් ඒවාට සමච්චල් කරනවා ඒ කඩාකප්පල් කිරිමට ඇතැම් ගොබ්බයන් සිටින අවාසනාවන්ත රටකි

:       22       12

සෝමේ Tuesday, 28 May 2024 06:09 AM

නන්දලාල් ද සිල්වා.. ඔව් ඒ සම්මචල් හින්ද තමයි දැන් බංකොලොත් වෙලා තියෙන්නේ , පුදුම දියුණුවක් නේ කරේ මෙච්චර කල් . දැන් ප්‍රංශටයත් වඩා දියුණුයි ලංකාව , ඇවිත් බලන්න ......ආස හිතෙයි

:       1       5

පුරවැසියෙක් Tuesday, 28 May 2024 02:57 PM

උඹලවගේ ගොබ්බයන්ට තමයි මේ අමතලා තියෙන්නේ. උඹලා ඕවා විශ්වාස කරන මෝඩයොනේ. දැන්කරපු වියපෘති වලින් රටට කිරි ඉතිරිලා.ජපානෙත් අපෙන් ණය ඉල්ලයි. තුන්වේල කාල හිටපු මිනිස්සු බඩගින්නේ අවුරුදු 40 ක්‌ පාර්ලිමේන්තුවේ ඉඳලා කරපු සංවර්ධනය නිසා. මේවා හිතන්න බෑ, හිතෙන්නේ නෑ මෝඩයන්ට. කියපු එකම දෙයක්වත් කරපු මනුස්සයෙක්ද මේ. ඊලෝන් මාස්ක් ආවත් එන්නේ එයාලගේ වාසියකට මිසක් අපේ හිඟනකම නැති කරන්න නෙමෙයි. ඒ මනුස්සයට මේ රටේ මොනවා විකුණයි ද කව්ද දන්නේ.

:       0       5

සෙනෙවිරත්න Monday, 27 May 2024 10:11 PM

ලක්මාල්, ඔය අලුත් මාස්ක් ජාතියක් ගැනද මුන්නැහැ මේ කියන්නෙ?

:       3       15

සෙනෙවිරත්න Monday, 27 May 2024 10:17 PM

අනේ ඔය ටයි කෝට ගහල ජාත්‍යන්තර සමුළුවලට ගියහම ලොකු ලොකු කට්ටිය හම්බවෙලා අතට අත දීල ,ඉංග්‍රීසියෙන් කතාකරල,පොටෝ ගහල අරක ගැන සාකච්ඡා කලා ,අරක දෙනව කිව්ව මේක දෙනව කිව්ව, ඔය වගේ කතා අහල අප්පිරියයි, වෙච්ච දෙයක් නැහැ, දෙගොල්ලන්ම දන්නවා.

:       6       29

රෝයි ෆෙඩ්රික්ස් Tuesday, 28 May 2024 04:28 AM

අනේ .මචං මේ නිකරුනේ වචන නාස්ති කරන්න එපා. උඹලට ඡන්දයක් ලංවෙන කොට සත්ව කරුණාව දිව්‍ය ඥානය ඔය ආදී හැමදෙයක් පලවෙනවා. ඒ වුණාට දැන් අපේ අං තට්ටු හැලිලා.

:       0       0

Vithana Tuesday, 28 May 2024 06:07 AM

ලංකාවේ හැමදේම කඩාකප්පල් කරන මාලිමා මස්කාරයෝ ඉන්නකන් ඉලෝන් මස්ක්ලා එයිද? පේනවනේ දාලා තියෙන කොමන්ට්ස් මස්ක්ලා. මේ රට සැබෑවටම සංවර්ධනය කරන්න ඕනේ නම් ඔය මාලිමා මස්කාරයන්ව බැඳ දාන්න කරුණාකරලා.

:       6       2

මල්වානා Tuesday, 28 May 2024 10:37 PM

අනේ විතාන උඹලා හැමදාම බලාගෙන හිටපල්ලා සුද්දෙක් හරි මොකෙක් හරි ඇවිත් අපි නැගිට්ටනකන්. ස්වඋත්සාහයෙන් නැගිටින්න අපිට ඕනේ තරම් සම්පත් තියෙනවා. ඒවා ප්‍රයෝජනයට ගාන්නේ පිටරටියන්. අපි හැමදාම කැමති හිඟන්නෝ වාගේ ඉල්ලන්න. යදින්න. මේ දේසපාලකයෝ මේ රට කෑවේ නැත්නම් යම් තරමක ලෝකේ ඉහලින් ඉන්නේ. බුද්ධිමතුන් පිටරට ගිහින්, ඒ බුද්ධිමත් මිනිස්සු එකතු උනානම් ලොකු වැඩක් රටට කරන්න පුළුවන්. ඒ මිනිස්සුන්ට තැනක් දෙන්නේ නෑනේ. හොරු, පාතාලයෝ, චන්ඩි, කුඩු මුදලාලිලා තමයි වැදගත් ස්ථාන වල වැජම්බෙන්නේ. ඉතිං රටක් ඉදිරියට යාවිද. පාසල් ළමයි පවා දැන් මිනී මරණ, කුඩු බොන තත්ත්වෙට පිරිහිලා. පාලකයෝ මේවගැන හොයනවා තියා හිතලවත් නෑ. ඒ අය බලය වෙනුවෙන් පොරේ.

:       0       1

Lucky Tuesday, 28 May 2024 08:00 AM

ෆොක්ස්වාගන්, ගූගල් ලූන්, ෆ්‍රී වයි-ෆයි......මිනිස්සු මැරිලා ඉපදිලා නෑ මහත්තයෝ!!!

:       0       7

Bamunuarachchi Tuesday, 28 May 2024 08:29 AM

වොක්වැගන් කොම්පැනියත් ආවානේද? ඒ කොම්පැනිය කොහෙද තිබෙන්නේ? ඊලොන් මස්ක් දකින්න ඇති අපේ ගොයියා පැනල හව් ඩූ යු ඩූ, නැතිනම් යු ඩු ගුඩු ගුඩු කියන්න ඇති මෙහෙ ඇවිත් පොර ටෝක් දෙනවා.

:       0       2

විදුර Tuesday, 28 May 2024 09:35 AM

එතකොට රුවන් උඹට පඩි ගෙවන්නෙ ඊලොන් මස්ක් ද අපිද?

:       1       11

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2562 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 436 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1747 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5109 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3418 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3772 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site