IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ගේ තොරතුරු රැස් කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)


වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වීසා ලබාදීමට එසේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් අද(24) සහ හෙට(25) ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පවත්වන බව තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඊශ්‍රායල ආගමන විගමන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එයාල් සිස්සෝ මහතා ඇතුළු ඉහළ නිලධාරීන් තිදෙනෙක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ වීසා නොමැතිව සිටින සාත්තු  සේවක සේවිකාවන් හා අනෙකුත් අංශවල සිටින ශ්‍රී ලාංකිකයන් සදහා වීසා බලපත්‍ර ලබාදෙන ලෙසත් විසා අවසන් වීමෙන් පසුවත් ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා බලපත්‍ර අලුත් කරන ලෙසත් ආගමන විගමන අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේය.

එම ඉල්ලීමට ඊශ්‍රායල ආගමන විගමන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එයාල් සිස්සෝ මහතා එකඟ වූ බවත් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු ඉල්ලා සිටි බවත් තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.එසේම විසා අවසන් වීමෙන් පසුවත් ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා කෘෂිකර්ම අංශයේ රැකියා අවස්ථා ලබා දීමටද අධ්‍යක්ෂක ජනරාල්වරයා එකඟ වූ බව තානාපතිවරයා පැවසුවේය.

ඒ හේතුවෙන් මෙම වැඩසටහන සංවිධානය කළ බවත් අද(24) දින විශාල පිරිසක් එයට සහභාගී වූ බවත් තානාපතිවරයා පෙන්වා දුන්නේය.

 

 



අදහස් (0)

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ගේ තොරතුරු රැස් කරයි

ඔබේ අදහස් එවන්න

දියත

අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 19 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 161 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


සුදු සීනි තොග මිල අඩු වේ
2024 ඔක්තෝබර් මස 10 139 0

පිටකොටුව තොග වෙළෙදපොලේ සුදු සීනි තොග මිල අඩු වී ඇතැයි සීනි ආනයනකරුවෝ පවසති.


හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 440 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER නිල වශයෙන් පිළි ගනී
2024 ඔක්තෝබර් මස 10 92 0

ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රි ලංකාවට ලබා දුන් බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය පිළිගැනිම අද (10) කටුනා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 449 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 69 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 384 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1248 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site