හමාස් ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායල රජය, හදිසි යුද තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊශ්‍රායල ගුවන් හමුදාව, දිගින් දිගටම ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙයි.
හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාර හමුවේ, ඊශ්‍රායලය ඔවුන්ගේ අතිරේක හමුදා බලඇණියට සම්බන්ධ සෙබළුන් ලක්ෂයක පිරිසක් ද සටනට යෙදවීම තීරණය ඇතැයි ද පැවැසෙයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඊශ්‍රායල වැසියන් අමතමින් පවසා ඇත්තේ, දීර්ඝ කාලීන යුද්ධයකට සූදානම් වන ලෙසය.
හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් මේ වනවිට මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 700 ඉක්මවීය. මියගිය පිරිස අතරේ ඇමෙරිකාවුවන් ඇතුළු විදේශිකයෝ ද වෙති.
හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් ගණන 100 ක් බව පැවැසෙයි. ඊශ්‍රායල සොල්දාදුවන්, කුඩා දරුවන් සහ කාන්තාවන් ද ප්‍රාණ ඇපයට ගත් පිරිස අතරේ සිටින බව පැවැසෙයි.
ගාසා තීරයට දිගින් දිගටම එල්ල වන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 400 කි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය ගන්නා තීන්දු තීරණවලදී තමන්ගේ සහාය ඔහුට හිමිවන බව ඊශ්‍රායල විපක්ෂ නායකයන් බොහෝ දෙනකු පවසා ඇත. මෙම නව අර්බුදය හමුවේ තාවකාලික එකමුතු රජයක් පිහිටුවීමට ද අග්‍රාමාත්‍ය නෙදන්යාහු සූදානමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින්, ඊශ්‍රායලයට සහාය දෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කිරීමත් සමඟ, ඇමෙරිකන් නාවික හමුදාවට අයත් යුද නෞකා කීපයක් ඊශ්‍රායලය අසල මධ්‍යධරණී මුහුදට සේන්දු වූ බව ඇමෙරිකන් ජාතික ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් මාධ්‍ය හමුවේ පැවැසුවේය.
ඊට අමතරව, යුදෝපාකරණ සහ පතුරම් ද ඊශ්‍රායලයට ලබා දීමට ඇමෙරිකාව තීරණය කර තිබේ. සියයකට වැඩි හමාස් සටන්කාමීන් පිරිසක් ගාසා තීරය හරහා දකුණුදිග ඊශ්‍රායලයට කඩා වැදී පහර දෙන්න වූයේ පසුගිය 7 වැනිදා අලුයම කාලයේ සිටය. එම ප්‍රහාරයෙන් ඇමෙරිකන් පුරවැසියන් කීප දෙනකු ද ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
මේ නවිටත්, ඊශ්‍රායලයට කඩා වැදුණු හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ සාමාජිකයන් අතරේ ඊශ්‍රායල නගර කීපයක දරුණු අවි ගැටුම් පැවැති බව වාර්තා විය. ගැටුම් ඇවිලෙන්නේ කිබ්බුට්ස්, අෂකෙලෝන් සහ ස්ඩෙරෝත් යන නගරවලය.
ඊශ්‍රායලය සහ සෞදි අරාබිය අතරේ යහපත් සබඳතා වර්ධනය වීම හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී පහර දීමට හේතුවක් වූ බව ද ඇමෙරිකන් ජාතික ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් පැහැදිලි කර තිබේ.
වසර ගණනාවක් තිස්සේ ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර පවතින අර්බුදයේ දී පලස්තීන මුස්ලිම් වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල මැදපෙරදිග රාජ්‍යය සෞදියයි. යුදෙව් ඊශ්‍රායලය සහ සෞදිය අතරේ යහපත් සබඳතා වර්ධනයක් වූයේ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි. ඊට ඉරානයේ ද දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර හටගත් නව අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි සැසියක් පැවැත්විණි. හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතරේ හටගත් ගැටුම් වහා නැවැත්විය යුතු බව රුසියාව ද ඉල්ලීමක් කර තිබේ.
(අල් ජසීරා)
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඊශ්‍රායලයේ හදිසි යුද තත්ත්වයක්
මැක්ස් Monday, 09 October 2023 02:38 PM
ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය ගන්නා තීන්දු, තීරණවලදී තමන්ගේ සහාය ඔහුට හිමිවන බව ඊශ්‍රායල විපක්ෂ නායකයින් බොහෝ දෙනෙකු පවසා ඇත. ඒකටත් එක්ක ලංකාවේ විපක්ෂේ ඉන්න අය! එල්ටීටී යුද්දේ වෙලාවේ ආණ්ඩු පෙරලන්න ජෙවිපීකාරයින් උත්සාහ කළා. යන්තන් කරූලා ඇවිල්ලා වැඩේ ගොඩදාලා දුන්නා. චැනල් 4 අභූත චෝදනා ආවාම ඒකෙනුත් ඔවුන්ගේ පැත්ත ගන්න අපේ විපක්ෂය පොර කෑවා. සජබේ ඉන්න කසිප්පු මුදලාලි කෙනෙකුයි, තව කෙනෙකුයි ඊයේ පෙරේදා රටට විරුද්ධව ගතු කියන්න ජිනීවා ගිහින් ඔවුන්ගේ තියන බේබදු ගතිය නිසා වැඩේ කරගන්න බැරි වුනා. ඔන්න අපේ විපක්ෂයේ හැටි...!
Shashika519 Monday, 09 October 2023 06:44 PM
ලංකාවේ විපක්ෂේ එවුන් සාම ගිවිසුම ගහලා හමුදාවේ සිය ගණනක් මරන්න ඉඩ දුන්නා. ආණ්ඩු බලය ගන්න පාස්කු බෝම්බ ගැහුවා. ත්‍රස්තවාදීන් සතු මුදල්, රත්තරං තමන්ගේ සාක්කුවට දා ගත්තා...
Kumar Tuesday, 10 October 2023 12:15 AM
ඊශ්‍රායලයට එරෙහි මෙම ප්‍රහාරය මරණයට හා විනාශයට තුඩු දෙන වෙනත් ගැටුමකින් අවධානය වෙනතකට යොමු කළ හැකිය. ඊශ්‍රායලය විනාශ කළ හැකි බලවේගයක් අසල ඇතැයි මම විශ්වාස නොකරමි.