ඊශ්‍රායල-හමාස් යුද්ධය, ලෝක සාමයට බරපතල තර්ජනයක් බව පෙන්වා දෙමින්, ගාසා තීරයේ පලස්තීන වැසියන්ගේ ජීවිත ආරක්ෂා කළ යුතු බව අවධාරණය කරමින්, වහාම සටන් විරාමයක් ආරම්භ කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
එම යෝජනාව සම්මත කර ගැනීමට නම්, ඊට පක්ෂව ඡන්ද 9 ක් හිමිවිය යුතුය.
මීට පෙර, යෝජනාවලදී, ඊශ්‍රායලයට සහාය පළ කළ ඊශ්‍රායල හිතවාදී ඇමෙරිකාව, ප්‍රංශය සහ බි්‍රතාන්‍යය ඔවුන්ගේ නිෂේධ බලය භාවිත කිරීමෙන් වැළැකී සිටිය යුතුය.
කෙසේ නමුත් මීට පෙර ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වුණු යෝජනා මෙන් නොව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙයයි.
ජගත් මහ ලේකම්වරයා යෝජනාව ඉදිරිපත් කළේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වැනි වගන්තිය යටතේ, ඔහුට හිමි බලතල අනුවය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලෙස අන්තෝනියෝ ගුටරේස් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වැනි වගන්තිය යටතේ කටයුතු කළ පළමු අවස්ථාව මෙයයි.
ඊශ්‍රායල හමාස් සටන් විරාමය අවසන් වීමෙන් පසු, සතියකට වැඩි කාලයක් තිස්සේ ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙයි. මේ වනවිට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 17,000 පසු කර තිබේ.
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඊශ්‍රායල - හමාස් අර්බුදය: තීරණාත්මක ඡන්ද විමසුමක්