IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10 දෙනෙකුට එක් පාදයක් හෝ පාද දෙකම අහිමිවී ඇති බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

එලෙස ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ප්‍රහාර හමුවේ තුවාල ලබන ළමයින්ගේ පාද සිරුරෙන් වෙන්කර ඇත්තේ නිර්වින්දන ටිකක් ලබාදී හෝ නිර්වින්දන ලබා දීමකින් තොරව බවද අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය. එයට හේතුව වී ඇත්තේ යුද්ධය හේතුවෙන් පලස්තීනයේ රෝහල්වලට ප්‍රමාණවත් පරිදි නිර්වින්දන බෙහෙත් නොලැබීම බවද එම පුවත් සේවය පැවැසුවේය.

හමාස් සංවිධානය මීට වසරකට පෙර ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව හමාස් සංවිධානයට එරෙහිව යුද ප්‍රකාශ කළ අතර ගතවු වසරක කාලය ඇතුළත එහි ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් පලස්තීනුවන් 41,615 ක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනයවී ඇතැයි එම පුවත් සේවය පෙන්වා දුන්නේය.

එලෙස ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රහාර හමුවේ මියගිය පලස්තීනුවන්ගෙන් 16,756 ක් ළමයින් බවත් පසුගිය වසර 20 ක කාලයේදී ගැටුමක් හේතුවෙන් වසරක් තුළ ඝාතනයවූ වැඩිම ළමයින් සංඛ්‍යාව මෙය බවත් අල් ජසීරා පුවත් සේවය පැවැසුවේය.

එසේම පලස්තීනයේ ළමයින් 17,000 කට මාපියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම අහිමි වී ඇතැයිද අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

එසේම පලස්තීනුවන් 97,303 ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ප්‍රහාරවලින් තුවාල ලබා ඇති බවත් ඒ අනුව සෑම පලස්තීනුවන් 23 දෙනෙකුගෙන් එක් අයෙකු ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රහාර හමුවේ තුවාලකරුවන් වී ඇති බවත් එම පුවත් සේවය පැවැසුවේය.

ඉන් ආසන්න වශයෙන් 22,500 ක් පමණ නැවත සාමාන්‍ය ජීවිතයට යා නොහැකි පරිද්දෙන් තුවාල ලබා ඇතැයිද එම පුවත් සේවය ප්‍රකාශ කළේය.

තුවාල ලැබූ සහ මියගිය පිරිසට අමතරව තවත් පලස්තීනුවන් 10,000 සුන්බුන් වලට යටවී ඇති බවට ඇස්තමේන්තු කර තිබෙන බවද අල් ජසීරා පුවත් සේවය පැවැසුවේය.



අදහස් (0)

ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල

ඔබේ අදහස් එවන්න

දියත

දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 306 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 42 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1258 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 2856 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 127 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 2536 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39520 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25742 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1184 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site