IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඊළඟ අගමැතිකමට සුදුස්සා ඩිලාන් කියයි

(සුජිත් හේවාජුලිගේ )

පොහොට්ටුවේ අලුත් අගමැතිවරයකු යටතේ  අන්තර්වාර පාලනයක් ඇති කිරීම රටේ ගැටළුවට  කෙටිකාලීනව ලබාදිය  හැකි ප්‍රායෝගිකම  විසඳුම බවත්  එම අගමැති ධූරය සඳහා  තමාගේ මතය අනුව වඩාම සුදුස්සා ඩලස් අලහප්පෙරුම මහතා බවත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

පසුගිය  ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී  වැඩිම ජනවරම ලැබුණේ පොහොට්ටුවට හෙයින්  අගමැතිවරයකු පත් කිරීමේ අවස්ථාව ඒ කණ්ඩායමට ලැබිය යුතු බවද  හෙතෙම සඳහන් කළේය.

සමහරුන්  වැරදි කරපු බව ඇත්ත බවත් ඒ අයගේ  උද්දච්චකම්  ඔලමොට්ටලකම්  ආඩම්බකම් නිසා  මේ දේ සිදුවුණු බව පිළිගෙන  මේ මොහොතේ කළ හැකි හොඳම දේ අන්තර්වාර පාලනයක් ඇති කිරීම බවත්  ඔහු කීවේය.

අන්තර්කාලීන රජය සම්බන්ධයෙන් පිළිගත හැකි නිශ්චිත සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත්වීමට සූදානම් බවද ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

රට වෙනුවෙන් තනතුරු අත්හැරපු කෙනෙකුවන මහින්ද රාජපක්ෂ මහතාට මේ අගමැතිධූරය ලොකු දෙයක් නොවන බවත් ඔහු කීවේය.

උද්දච්චකම හේතුවෙන් පක්ෂ දේශපාලනය ජනතාවට අද  අප්‍රියවී ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (13)

ඊළඟ අගමැතිකමට සුදුස්සා ඩිලාන් කියයි

Mo77 Monday, 02 May 2022 04:42 PM

ඔව්, හර්ෂ ජනාධිපති... ඩලස් අගමැති. අවුරුද්දක කලෙකට පමණයි. මේ කාලය තුළදී ව්‍යවස්ථාවට ගෙන ඇසිය යුතු සංශෝධන ගෙනැල්ලා ව්‍යවස්ථාව වෙනස් කරන කරන්න ඡන්ද ක්‍රමයත් වෙනස් කරන්න. ස්වාධීන ආයතන බලසම්පන්න කරන්න. ඉන්පස්සේ ජනාධිපතිවරණයකට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. පාර්ලිමේන්තු මැතිවරණයක් තබා පාර්ලිමේන්තු නියෝජිතයින් තෝරාගෙන ඔවුන්ගේ ඡන්දයෙන් ජනාධිපති තේරුවොත් වඩාත් හොඳයි...

:       13       35

Shan Monday, 02 May 2022 04:54 PM

මේ මිනිස්සුන්ගේ මුහුණ දකිනකොට අප්පිරියයි... රට කෑවා ඔක්කොම...!

:       4       62

saman Monday, 02 May 2022 05:03 PM

දැනුත් පොහොට්ටු ආණ්ඩුවක්නේ තියෙන්නේ.. නැවත පොහොට්ටු ආණ්ඩු හදලා රට ගොඩගන්න පුළුවන්ද? පොහොට්ටු ආණ්ඩුවේ තකතීරු වැඩ නිසා නේද ඉතා කෙටි කාලයක් තුළ රට බංකොළොත් වුණේ..? කරපු හරියක් සෝබන වැඩ. අධිවේගී මාර්ග, නෙළුම් කුළුණු... නැවත මේ සෙල්ලම කරන්නද හදන්නේ..?

:       5       72

මුදිතMonday, 02 May 2022 05:42 PM

අධිවේගී මාර්ග කියන්නේ සෝබන වැඩ නෙවෙයි කියලා තේරුම් ගන්න. කට්ටියක් ඒ පාරවල් හදපු මිනිස්සුන්ට බැන අඬගහන ගමන් ඒවායේ ට්‍රිප් ගිහින් ජොලි කරත් ඒ පාරවල් නිසා රටේ ආර්ථිකය දියුණු කරන්න හැකිවුණා. අපනයන බඩු කොහේ හැදුවත් ඉක්මනට වරායට ගියේ ඔය පාරවල් නිසා. හොඳම උදාහරණය ඇඟලුම් කර්මාන්තය. රටපුරා කම්හල් හැදුනේ ප්‍රවාහන වැනි යටිතල පහසුකම් සංවර්ධනය වුණු නිසා....

:       30       18

ranjithMonday, 02 May 2022 08:23 PM

ලෝකෙට ණයවෙලා කරපු සෝබන වැඩ නිසා අද මිනිස්සු බඩගින්නේ රට බංකොළොත් වෙලා තවම නොතේරෙන අය ඉන්නවා..

:       6       22

siri Monday, 02 May 2022 05:22 PM

අද රටපුරා ජනතාවගේ අදහස් ගැන සලකා බැලුවොත් ඔය වැඩේ කරගන්න වෙන්නේ නල්ලතන්නියේදී තමයි. දැන් හිටපු ඇමතිවරුන්ටත් හමුදා රැකවරණය නැතුව පාරේ බැහැල යන්නත් බැරි තත්වයක් උදාවෙලා කියලා දන්නේ නැද්ද මහත්තයෝ...?

:       2       27

ගමේ එකාලා Monday, 02 May 2022 05:28 PM

ඔය කාගේ කාගෙත් කෙරුවාවල් අපි හොඳටම දන්නවා. රැවැට්ටුවා ඇති. දූෂිත දේශපාලුවන්ගේ අමන කතා අහන්න දැන් ජනතාව ලෑස්ති නැහැ...

:       1       21

C.K.Lankaputhra Monday, 02 May 2022 05:36 PM

මේක අර මැක්කාගේ තතාව වගේ. එන්නෙම පොහොට්ටුවට. කොටින්ම කියනවා නම් ලබන ඡන්දේදිත් රාජපක්ෂලාම රජ කරවන්නයි ඔය වටේ එන්නේ. එව්වා හඳේ මන්ත්‍රීතුමෝ. මිනිස්සු ඔය ගොනා විකුණලා දැන් ටිකක් කල්...

:       2       22

saliya Monday, 02 May 2022 06:04 PM

සර් ජනාධිපති..., ඩලස් අන්තර්වාර අගමැති, බැසිල් පොහොට්ටු මන්ත්‍රී 60ක් එක්ක විපක්ෂ නායක.. ඔහෙලා ඔක්කොම දිනුම්.

:       1       23

වර්ණකුලසූරිය Monday, 02 May 2022 06:48 PM

දේශපාලන වේදිකාවේ දකින චරිත අතර ඩලස් අලහප්පෙරුම මහතා අපි හඳුනන්නෙමු. එකම වරද ඔහුට නොගැලපෙන දේශපාලන කණ්ඩායමක් නියෝජනය කිරීමයි. වර්තමාන තත්ත්වය ගැන සලකන විට ඔබතුමා රාජපක්ෂ අගමැතිවරයා ගැන කිව්වේ පට්ට බොරුවකි. වාසියට, තනතුරුවලට ඇති කෑදරකමට කතාකරන ජනතා නියෝජිතයින් අද රටේ ඇති අවාසනාවන්ත තත්ත්වයට වගකිව යුතුයි. අද ජනතාවගේ ඉල්ලීම පොහොට්ටුව නියෝජනය වෙන පාලනයක් නොවේ. එය ඔබලාට තවමත් ඇසුණේ නැතිද? සමහරවිට පිරිත් හඬ නිසා ඇසෙන්නේ නැතිව ඇති....

:       2       18

ජගත් ලියනගේ Monday, 02 May 2022 07:29 PM

කරුණාකරල රාජපස්සලාට කඩේ යන එක දැන්වත් නවත්තන්න .

:       0       0

Lalith M Monday, 02 May 2022 07:32 PM

පිස්සුව තද වෙලා. ආයිත් පොහොට්ටු ආණ්ඩුවක්. දවල් හීන. කොහොමත් එපා රටටම එපා.

:       1       15

de silva Monday, 02 May 2022 07:44 PM

ඩලස්ට අගමැතිකම කරන්න පුළුවන් නම්, පොහොට්ටුවට පාර්ලිමේන්තු බහුතරය තිබෙනවා නම් අන්තර්වාර රජයවල් කුමටද? තනියම කරගන්න බැරිද? ලෝකයා පුරා ශ්‍රී ලාංකික ජනතාව උද්ඝෝෂණ කරමින් ඉල්ලන්නේ ඔය විකාර නොවේ. මුලින්ම අනිවාර්යයෙන් ගෝඨාභය සහ මහින්ද ගෙදර යා යුතුය. එහෙම නොකළොත් කිසිවෙක් ලංකාවට බැංකු හරහා ඩොලර් එවන්නේ නැත.

:       4       24

ඔබේ අදහස් එවන්න

දියත

ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 79 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 291 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 188 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 370 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1420 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 3142 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1922 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site