(සුජිත් හේවාජුලිගේ)
සේවක අර්ථසාධක අරමුදල(ඊ.පී.එෆ්) ගුවන් සමාගමක කළ කෝටි 50 ක ආයෝජන වෙනුවෙන් එම අරමුදලට සත පහක හෝ ප්‍රතිලාභයක් ලැබී නැතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
සේවක අර්ථසාධක අරමුදල මුදල් ආයෝජන කිරීමේදී සාමාජිකයන්ට ඉහළ ප්‍රතිලාභ ලබාදිය හැකි වන පරිදි ප්‍රශස්ත ආකාරයට එය කළ යුතු වුවද එවැනි තත්ත්වයක් පසුගිය කාලයේදී දක්නට නොලැබුණු බව පවසන වලේබොඩ මහතා අන්තනෝමතිකව සහ අවිචාරවත්ව කර ඇති මෙම ආයෝජන හේතුවෙන් එම අරමුදලටද කිසිදු වාසියක් අත්වී නැතැයි සඳහන් කළේය.
මුදල් ආයෝජනය කළ ඇතැම් සමාගම්වලින් අර්ථසාධක අරමුදලට සත පහක් හෝ ලැබී නැතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
අරමුදල ලයිස්තුගත සමාගම් 11ක ආයෝජනය කර ඇති මුදල රුපියල් කෝටි 738 ක් බවත් මෙම කොටස් ආයෝජනයන් සඳහා 2019, 2020 හා 2021 යන වර්ෂවල කිසිදු ලාභාංශයක් ලැබී නැතැයි කෝපා කමිටු වාර්තාවල පැහැදිලිව සඳහන් වන බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
මින් සමාගම් හයක් සංචාරක ව්‍යාපාරය හා බැඳුණු ඒවා බව පැවසූ ගාමිණී වලේබොඩ මහතා ලයිස්තුගත සමාගම් අටක කර තිබූ රුපියල් කෝටි948 ක සාමාන්‍ය කොටස් සහ ආයෝජනයන් සඳහා2021 වර්ෂයේදී ලාභාංශ ආදායම පවා ලැබී නොතිබූ බවද ප්‍රකාශ කළේය.
ජනතාවගේ මුදල් ඵලදායී නොවන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම වැලැක්වීමට රජය වහාම වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් සියලුම ආයතනවලට විද්‍යාත්මක ආකාරයේ සුවිශේෂ මාර්ගෝපදේශ හඳුන්වාදීමද වැදගත් බව පෙන්වා දුන්නේය.
පටු වාසි වෙනුවෙන් ජනතාවගේ මුදල් මෙලෙස වැරදි ආකාරයට ආයෝජනය කිරීමට ඉඩදී බලා සිටීම රජයක වගකීම නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ඊ.පී.එෆ් කෝටි 50 ක ආයෝජනය පුස්සක්
himal Tuesday, 18 April 2023 02:55 PM
මුලින්ම බලන්න ඕන ඔය වසර වල සංචාරක අංශයේ වෙනත් සමාගම් ලාභාංශ ගෙවලා තිබ්බද? මොකද සමාගම් පාඩු ලබනවා නම් ලාභාංශ ගෙවන්නෙ නෑනේ. අනෙක ආයෝජනයක ප්‍රතිලාභ කියන්නෙ ලාභාංශ ගෙවන එකම නොවේ. ලාභය ආයෝජනය කරලා ව්‍යාපාර වර්ධනය වෙනවා නම් කොටස් මිල වැඩි වෙනවා.
sampath Wednesday, 19 April 2023 06:40 PM
මේ වගේ ජනතාවගේ මුදල් ආයෝජනය වගකීමක් ඇතිව කරන්න ඕනේ..., පසුගිය වසර කීපයකම ඊපීඑෆ් මුදල් ආයෝජනය රජාණන්ගේ හිතවතුන්ගේ සමාගම්වල කරලා ලැබුණු දෙයක් නැහැ.. හරි සමාගම් හොයාගන්න දැනුමක් නැත්නම් රාජ්‍ය කටයුතුවලට පමණක් මේවා යොදා ගත යුතුයි...