අප කිසියම් මානසික රෝගයකට ගොදුරුව ඇති බැව් අපි කරන කියන දෑ තුළින් සේම ඉරියව් වෙනස් වීම මතින් ඒ බැව් සනාථ කර ගත හැකිවේ. බයිපෝලර් අක්‍රමිකතා ආබාධයද එවන් ක්‍රියාකාරකම් මතින් ගොඩ නැඟුණ , අනාවරණය කරගත හැකි තවත් එක් මානසික ව්‍යාධියකි.
උග්‍ර මානසික රෝග අතුරින් එකක් වන බයිපෝලර් රෝගය හඳුන්වා දීම සඳහා සිංහල භාෂාවේ නිශ්චිත නාමයක් නොමැති වුවද ද්විධ්‍රැව අක්‍රමිකතා ආබාධය ලෙසට දැක්විය හැකියි. මෙහිදී සිදු වන්නේ රෝගියා මාස කිහිපයක් අසාමාන්‍ය සතුටකින් ගත කරන අතරේ තවත් මාස කිහිපයක් අසාමාන්‍ය ලෙස දුක්මුසු භාවයකින් ගත කිරීමයි. මෙලෙස අසාමාන්‍ය ලෙස සතුටින් ගත කරන කාලය ‘මේනියා ‘ රෝගී තත්ත්වය ලෙසද හැඳින්වේ. මේනිසා රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ අනවශ්‍ය ලෙස පුද්ගල ක්‍රියාකාරීත්වය වැඩි වුවද ඉලක්කයට වැඩ කරගත නොහැකි වීම , තමා පිළිබඳ අධි තක්සේරුව සේම ප්‍රමාණයට වඩා අභිමානයකින් පසු වීම සඳහන් කළ හැකියි. මෙවැනි ලක්ෂණවලින් යුත් පුද්ගලයන්ගේ බාහිර ස්වරූපය මගින් මනෝ වෛද්‍යවරයකුට බයිපෝලර් රෝගියකුද යන වග නිශ්චය කළ හැකියි.
මෙවැනි රෝගියකු සාමාන්‍යයෙන් එකදිගට කතා කරගෙන යන අතර රෝගය උත්සන්න වෙද්දී කෝපයෙන් පසු වන අයුරු දැකගත හැකියි. තවත් විශේෂ ලක්ෂණයක් ලෙස මෙම රෝගීන්හට නොයෙක් අස්වාභාවික සිතිවිලි සහ විශ්වාස ඇතිවේ. තවද කිසිවකුත් සමීපයේ නොමැති අවස්ථාවලදී විවිධ කටහඬවල් ශ්‍රවණය වන බවත් ඒ ආධාරයෙන් ඔවුහු තම විශේෂ හැකියාවන් විස්තර කිරීමට යත්න දරන බවත් පෙනී යයි. මේවා බයිපෝලර් රෝගයේ සුලබ ලක්ෂණ වේ.
බයිපෝලර් රෝගීන්ට කෑම රුචිය වැඩි අතර නිදා ගැනීමට ඇති වුවමනාවද අඩු වී යයි. මෙවැනි පුද්ගලයන් තමන්ට රෝගයක් ඇති බව පිළිනොගන්නා අතරම ප්‍රතිකාර ලබා ගැනීම පවා තරයේ ප්‍රතික්ෂේප කරයි. එය සාමාන්‍ය ස්වාභාවයයි.
තවත් විශේෂිත ලක්ෂණයක් වන්නේ මෙම තත්ත්වයේ පසුවන්නන් රෝගය සුව වුවද කාන්සාව,මානසික අවපීඩනය තත්ත්ව ආදියට අදාලව රෝග ලක්ෂණ පෙන්වීමයි.
රෝගය ඇති වීමට බලපාන කරුණු
පරම්පරාගතව රෝගය පැවත එන පුද්ගලයකුට පාරිසරික ආතතීන් නිසා ඇති වන තදබල මානසික පීඩන තත්ත්ව ආදියේදී මෙම රෝගය ඉස්මතු වීමට පුළුවන. මෙම මානසික රෝගය පිරිමි සහ කාන්තා යන පාර්ශ්ව දෙකටම වැළඳිය හැකි පොදු තත්ත්වයකි. ඒ වගේම දරු ප්‍රසූතියකින් පසුව ඇති වන හෝමෝන වෙනස්කම්වලදීද මෙම රෝගය මුල්මවරට කාන්තාවන් අතරද දැකිය හැකි අවස්ථා වාර්තා වේ.
තවද මොලයේ ‘ Dopamine ‘ නමැති රසායන ද්‍රව්‍යයේ අධි ක්‍රියාකාරීත්වයද සමහර අවස්ථාවලදී මෙම මේනියා තත්ත්වයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට බලපානු ලැබේ. ඒවගේම සමහර මත්ද්‍රව්‍ය වර්ගත් මෙවැනි රෝග ඇති වීමට සෘජු දායකත්වයක් ලබා දේ. ඒවගේම අපේ සිරුරේ තිබෙන ‘ කෝටිසෝල් ‘ නම් හෝමෝනයද මෙකී රෝගය ඇති කරවීමට හේතු කාරකයකි. තවද රෝගය වැළඳී පාලනය වී ඇති පුද්ගලයකුට තම සුපුරුදු නින්දට බලපෑම් ඇති වීම මගින් එනම් අධිකව නිදි මැරීම හෝ නිදි වැරීමට සිදු වීම මගින්ද රෝගය තවත් දරුණු ලෙස මතු වී ඒමට හැකියි. මෙවැනි රෝගී පුද්ගලයකුගේ මොළය හා සම්බන්ධයෙන් කෙරෙන ස්කෑන් පරීක්ෂණවලදි මොළයේ යම් යම් පැතිවල ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පුද්ගලයන්ට වඩා වෙනස් බැව් පෙන්නුම් කෙරේ.
ප්‍රතිකාර
රෝගියා දැඩි කලහකාරී ස්වරූපයක් පෙන්නුම් කරනවා නම් මානසික රෝග ඒකකයක නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි. ප්‍රතිකාරවල ප්‍රධාන අරමුණ රෝගියාගෙන් ඔහුටත්, අනු පුද්ගලයන්ටත් වන හානිය වැලැක්වීම බැවින් රෝගියා අසාමාන්‍යව වෙහෙසට පත් වී ඔහුගේම ශරීර සෞඛ්‍යයට වන හානිය වැලැක්වීමත්ය. ඒ අතර ඉතාම කලබලකාරී රෝගියකුව හසුරවීමට ඖෂධ ප්‍රතිකාර සේම එන්නත් ක්‍රමද පවතී. මීට අමතරව ලබා දෙන ප්‍රධාන ඖෂධ කාණ්ඩය වනුයේ ලිතියම් කාබනේට්, සෝඩියම් වැල්ප්‍රෙඒට් යන ඖෂධයි. මෙයින් ලිතියම් කාබනේට් ඖෂධය ඉතා පලදායී අතර වෛද්‍ය නිර්දේශ යටතේ ඇරැඹිය යුතු වේ. වෛද්‍යවරු විසින් ඖෂධ ප්‍රතිකාර ආරම්භයට මත්තෙන් රෝගියාගේ රුධිර පරීක්ෂණ, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ලේ පරීක්ෂණ සහ වකුගඩු සම්බන්ධ ලේ පරීක්ෂණ සිදු කොට අනතුරුව ඖෂධ ලබා දේ.
තවද රුධිරයේ ලිතියම් සාන්ද්‍රණය මැන බැලීමේ රුධිර පරීක්ෂණද මුලින්ම දින 05කට පසුවත් ඉන්පසු සෑම මාස 03කට වරකුත් සිදු කළ යුතු වේ. සෝඩියම් වැල්ප්‍රෙඒට් සහ ඖෂධයද මෙවන් රෝගියකු වෙනුවෙන් භාවිත කළ හැකි නමුදු තරුණ වියේ හෝ දරුවන් ලැබිය හැකි වයසේ පසුවන කාන්තාවන් සඳහා භාවිත කිරීමේදී පරෙස්සම් විය යුතුයි.මන්ද එමගින් දරු ගැබට යම් යම් හානි සිදු වීමේ අවදානමක් පවතින බැවිනි. රෝගියා ඖෂධ ප්‍රතිකාර නොගන්නා තරමට කලබල නම් විද්‍යුත් කම්පන ප්‍රතිකාර දීමට සිදු වේ. මෙහිදී රෝගියා නිර්වින්දනය කර කුඩා විද්‍යුත් ධාරාවක් හිසට ලබා දීම දින 02කට වරක් කිහිප වරක් සිදු වේ.
අනෙකුත් වැදගත්ම ප්‍රතිකාර ක්‍රමය වන්නේ phychosocial treatments යන කාණ්ඩයයි. එහිදී රෝගියාව සන්සුන් ඉරියව්වක රඳවා තබා ගනිමින් ඔහුගෙන් ඔහුටත් අන් පුද්ගලයන්ටත් හානි නොවන පරදි රෝගයේ තීව්‍රතාව අඩුවන තුරු රඳවා තබා ගැනීම සිදු වේ.
නැවත වතාවක් රෝගය මතු වීමට ඇති ඉඩකඩ ඇහිරීම
මනෝ වෛද්‍ය විශේෂඥවරයකුගේ අධීක්ෂණය යටතේ ඖෂධ ප්‍රතිකාර නොකඩවා ලබා ගැනීම අනිවාර්ය බව මතක තබා ගන්න. ලිතියම් කාබනේට් නොකඩවා ලබා ගන්නා රෝගීන්ට මෙය නැවත වැළඳීමේ හැකියාව ඉතාම අඩු බව වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු වී ඇත. ලිතියම් කාබනේට් ඖෂධය ලබා දීමට නොහැකි නම් ඒ හා සමාන වෙනත් අතුරු ඖෂධ ආදේශක නිර්දේශක කළ හැකියි. අනෙකුත් වැදගත්ම ප්‍රතිකාර කාණ්ඩය වනුයේ රෝගියාගේ ජීවන රටාව එකම රිද්මයකින් පවත්වා ගැනීමයි. මෙහිදී රෝගියාව ක්‍රමානුකූලව දින චර්යාවකට හුරු කරන අතරේ රෝගියාට අනෙකුත් පුද්ගලයන් සමඟ ගනුදෙනු කිරීමේ රටාව හුරු කරවයි. ක්‍රමානුකූල දින චර්යාවට අනුව සෑම දිනකම එකම වෙලාවකට නින්ද ලබා නොගැනීම නිසා මෙම රෝගය නැවත ඇති වීමට හේතු යෙදේ. එසේම ආතතිකාරී සමාජ තත්ත්ව එනම් අන්තර් පුද්ගල ගැටුම්ද මෙ රෝගය ඇති වීම කෙරෙහි බලපානු ලැබේ. මෙම අයහපත් තත්ත්ව සමනය කර ගනිමින් දෛනික ජීවිතය එකම රටාවකට පවත්වා ගැනීම ඉහත ප්‍රතිකාර ක්‍රමයෙන් අපේක්ෂා කෙරේ.
මෙවැනි රෝගියකු සිටින විට පවුලේ සාමාජිකයන්ටද ඔහුගේ සුවතාව සඳහා කළ යුතු කාර්යය රැසකි. එම කාර්යය මනාව තේරුම් ගෙන රෝගියාගේ උන්නතිය සඳහා වැඩ කටයුතු කළ යුතුව ඇත.
බයිපෝලර් රෝගීන් ඉතා ඉක්මනින්ම මත් ද්‍රව්‍ය ගැනීමට යොමු වේ. එමගින් ජීවිත හානි මෙන්ම රෝගය පාලනය වී තිබුණද වඩාත් උත්සන්න වීමටද හේතුවක් වනු ඇති.
මේනියා රෝගීන්ගේ දීර්ඝ කාලීනව රෝග ලක්ෂණ ඇතිවන අයුරු
මේනියා යනු බයිපෝලර් රෝගයේ එක් අවදියක් පමණි. ජීවිතයේ නව යොවුන් වියේදී ඇරැඹෙන මෙම රෝගය සමහර අවස්ථාවලදී මේනියා ලෙසත් ඉන් ටික කාලයකට පසුව මානසික අවපීඩනය හෙවත් විෂාදය ලෙසටත් ඇති වේ. මෙසේ එක් කලකදී මේනියා ලෙස මෙන්ම තව කලකදී අවපීඩනය ලෙසත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ රෝග ලක්ෂණ මාරුවෙන් මාරුවට ඇති වීම හේතුවෙන් මෙකී තත්ත්වය බයිපෝලාර් හෙවත් ද්විධ්‍රැව රෝගය ලෙස හැඳින්වේ. අනෙක් කාරණය මෙකී තත්ත්වයට ගොදුරු වූ කාන්තාවන් හට ගර්භනී සමයේදී විශේෂයෙන්ම පසු ප්‍රසව අවදියේදී රෝගය උත්සන්න වීමේ දැඩි ප්‍රවනතාවක් පැවතීමයි.
රෝගය සුව වීමට ඇති බාධා
රෝගීන්ගේ ආයු අපේක්ෂාව අඩු වන්නේ සිය දිවි හානි කර ගැනීමට වැඩි නැඹුරුතාවක් රෝගය උත්සන්න වූ විටදී පෙන්නුම් කරන නිසයි. පර්යේෂණ මගින් සනාථ කර ඇති පරිදි රෝගය වැළඳුණු කාන්තාවන්ගෙන් සියයට 8ක් සහ රෝගී පිරිමින්ගෙන් සියයට 5ක් පමණ සිය දිවි නසා ගන්නා බවට තහවුරු වී ඇත. අනෙකුත් අතුරු කාරණා ලෙස අනාවරණය වී ඇත්තේ දුම් පානය සහ අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝගද බයිපෝලර් රෝගීන් අතර බහුල බවයි. එබැවින් මෙබඳු අවදියක පසුවන රෝගීන් බයිපෝලර් රෝගයට අඛණ්ඩව බෙහෙත් ලබා ගන්නා අතරේ තමාට ඇති අනෙකුත් රෝගද මනාව පාලනය කරගත යුතු වේ. විශේෂයෙන් තමන් බෝ නොවන රෝගයකින් පෙළෙන්නකු නම් ඖෂධ සහ ප්‍රතිකාර මගින් රෝගය පාලනය කර ගත යුතු වේ.
-සටහන- මාධවී ධර්මරත්න
ඌරගස්මංහන්දිය බෙලිගස්වේල්ල ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් 56 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය.
වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 08 කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශ වලින් ඉඩම් ඇතුළු දේපල මිලදී ගත් බවට වු අධිචෝදනා
මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය හෙට (05) මියන්මාරය බලා පිටත්ව යයි
වැඩබලන පොලිස්පතිවරයාට පොලිස් ස්ථානාධිපතිවරු ඉවත් කිරීමට දී තිබූ බලය ඉවත් කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කරයි.
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ’’අන්‍යෝන්‍ය බදු ක්‍රමය’’ ඇමෙරිකාව ආර්ථිකය අවපාතයකට ඇද දමුණු ඇතැයි මතුව තිබෙන බිය තවත් වැඩි කරමින් ලොව විශාලතම සමාගම් වල වට
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
උග්‍ර මානසික රෝගයක් වන ‘බයිපෝලර්‘
ganegoda Monday, 26 December 2022 08:52 PM
ඉතා වැදගත් හැදින්වීමක්
Vira Tuesday, 27 December 2022 12:14 PM
අපේ කලින් ජනාඳිපතිට තිබුනෙත් ඔය ලෙඩේ වෙන්න බැරිද?
සරත් Wednesday, 28 December 2022 06:49 AM
පූජ්‍ය / පූජක පක්ෂයට මේ රෝගය බහුලව තියෙනවා නේද ?