(ඇල්ල ප්‍රසාද් රුක්මල් සහ මහින්ද නිශ්ශංක)
පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ දෙමෝදර දුම්රිය ධාවනයට තව දින කීපයක් ගතවන හෙයින් කොළඹ කොටුව බදුල්ල අංක 1045 රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල කොළඹ කොටුව අංක 1046 රාත්‍රි තැපැල් දුම්රිය දැනට කොළඹ කොටුව බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය අද (29) පැවසීය.
ඒ අනුව බණ්ඩාරවෙල සිට රාත්‍රි 8.00ට අංක 1046 දරන රාත්‍රී තැපැල් දුම්රිය කොළඹ කොටුව බලා ධාවනය වන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල දෙමෝදර අතර දුම්රිය මාර්ගයට ඉකුත් (25) වන දින විශාල පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල දෙමෝදර අතර දුම්රිය ධාවනය මේ වනවිටත් මුලුමනින්ම ඇණ හිට තිබේ.
නානුඔය ප්‍රධාන දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරු ඇන්ටන් විරෝෂන් වික්‍රමරත්න මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් ඊයේ (28) පස්වරුවේ මෙම ස්ථානයට පැමිණ පරික්ෂා කරමින් එම පස්කදු ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබූහ.
කෙසේ වෙතත් එම දුම්රිය මාර්ගය ට පස්කන්ද කඩා වැටී ස්ථානයයේ ජල පහරක් තවමත් ගලායමින් නායයාම සක්‍රීය මට්ටමේ ඇති බවත් එම පස් ඉවත් කිරිමේදී තව දුරටත් පස්කදු කඩා වැටෙන බවත් දුම්රිය බලධාරීන් කීහ.
කෙසේ වෙතත් දැනට දුන්හිඳ , ඇල්ල ඔඩිසි දුම්රියන් ඇල්ල කොළඹ කොටුව අතරත්, පොඩිමැනිකේ , උඩරටමැණිකේ ,විශේෂ සීඝ්‍රග්‍රාමි දුම්රිය මෙන්ම භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය නානුඔය සිට කොළඹ කොටුව , මහනුවර බලා ධාවනය වන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් ක
උතුරු, උතුරු - මැද නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
හබරණ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව මංසන්ධියේ වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් සැරයන්වරයකු වාහනයක ගැටී මරුමුවට පත් වී පොලිස් කොස්තාපල්වර
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්
පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේදී ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සිී මියගොස් ඇත්තේ ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටහතරක් වය
කොල්ලූපිටිය ගාලු මෝදර හෝටලය ඉදිරිපිටදී අද (26) දහවල් පුද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගිය බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා