IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


උඩරට දුම්රිය මඟේ නාය යාම වළක්වන්න පියවර

( නිශාන්ත කුමාර )

 ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ   මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ  දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝදර  අතර මාර්ග කොටස තුල ඇති නායයාමේ අවදනම වැලක්වීම සදහා කඩිනම් ස්ථිර සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.

ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 101.3 ක මුදලක් වෙන් කර තිබේ.

  ඒ යටතේ බණ්ඩාරවෙල දුමිරිය ස්ථානය ආසන්නයේම දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටා ඇති තැපැල්කන්ද නායයාම වැලක්වීම සදහා දැවන්ත සංවර්ධන ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබේ.

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේම දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටා ඇති තැපැල්කන්ද සෑම වර්ෂා කාලයකදීම නායයාම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය බොහෝ අවස්ථාවලදී බණ්ඩාරවෙලට පමණක් සීමා වන අතර එය වැලක්වීම සදහා මෙම පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරවෙලල සිට දෙමෝදර දක්වා නිරන්තරයෙන්ම නාය යන ස්ථාන අටක් හදුනා ගෙන එම ස්ථාන අටම නායයාම වැලක්වීම සදහා සංවර් ධනය කිරීමට නියමිතය.

මෙරටට පැමිණෙන සංචාරකයින් බොහෝ පිරිසක් ඇල්ල සහ දෙමෝදරට දුම්රියෙන් පැමිනෙන අතර මෙම සංචාරකයින් උඩරට දුම්රිය මාර්ගයේ සිරි නැරඹීම සදහා ඉමහත් කැමත්තක් දැක්වීම නිසා මෙම මාර්ගයේ  නාය යාම් අනතුරු වලක්වා ගැනීමටත් සංචාරක ආකර් ෂණය එලෙසම පවත්වා ගැනීමත් අරමුණු කර ගනිමින්  මේ වන විට මෙම දැවැන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.



අදහස් (0)

උඩරට දුම්රිය මඟේ නාය යාම වළක්වන්න පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 51 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 266 2

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 281 2

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 409 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප



ඇමෙරිකාව එක්ක කළ තීරු බදු සාකච්ඡාව ගැන රජයෙන් ප්‍රකාශයක්
2025 අප්‍රේල් මස 25 421 1

ඇමරිකාව විසින් පනවන ලද තීරු බදු සම්බන්ධව අපක්ෂපාතී හා සාධාරණ වෙ‍ළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බව එක්සත් ජනපද වෙළෙඳ න


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 762 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 370 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 518 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site