IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


උඩරට මාර්ග රැසකට පස් කඳු කඩා වැටේ

(සමන් පාලිත නානායක්කාර, ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)

කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය බදුල්ල බණ්ඩාරවෙල අතර කිරි මණ්ඩලය ආසන්න ප්‍රදේශයේදී විශාල පස් කන්දක් කඩාවැටී එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය .

කෙසේ වෙතත් මේ වන විට මාර්ගය අවහිර වී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට දන්වයි.

මේ අතර පස්සර බිබිල මාර්ගයේ 187 කනුව ප්‍රදේශයේදී ද පස්කදු කඩා වැටී ඇති අතර එම ප්‍රදේශයේ මාර්ග පද්ධතිය සකස් කිරීම සඳහා බැකෝ යන්ත්‍ර දෙකක් යොදා ඇති බවද අවශ්‍ය ඕනෑම අවස්ථාවක යොදාගැනීමට හැකිවන පරිදි පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන පරිදි බැකෝ යන්ත්‍ර දෙකක් රඳවා ඇති බව ද ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මේ අතර නුවරඑළිය ගලාගම හරහා වැලිමඩ මාර්ගයට කාර්රවුම ප්‍රදේශයේදී විශාල ගල් පෙරලීම නිසා මේ වනවිට එම ස්ථානයෙන් ගමන් කළ හැකි වන්නේ කුඩා වහන වලට පමණක් බවද අඹගස්දෝව පොලිසිය පැවසීය.

එම ස්ථානයේ සිටි අවදානම් නිවසක පදිංචිකරුවන්ද තාවකාලිකව ඉවත් කර තිබෙන බව ආපදා අංශ සඳහන් කළේය.

(ඡායාරූප: ප්‍රසාද් රුක්මල්)



අදහස් (0)

උඩරට මාර්ග රැසකට පස් කඳු කඩා වැටේ

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සැප වාහන වෙන්දේසියට නියෝග
2025 ජනවාරි මස 07 221 0

රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත වී 8 ඇතුළු අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර ඒ ආදායම්


ජස්ටින් ටෘෘඩෝ පදවියෙන් යන්න තීරණය කරයි
2025 ජනවාරි මස 06 345 0

කනඩා ලිබරල් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීමෙන් පසුව කැනඩා අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ අද පැවැති මාධ්‍ය හමු


උතුරු මැද 11 ශ්‍රේණියේ වාර විභාගය අවලංගු කරයි
2025 ජනවාරි මස 06 89 0

උතුරු මැද පළාතේ පාසල්වල 2024 වසරේ අවසන් වාර පරික්ෂණය වෙනුවෙන් 11 වන ශ්‍රෙණියේ සිසුන් සදහා පැවැත්විමට නියමිතව තිබු විභාගයේ සියළු ප්‍රශ්න පත්‍ර විභාගයට පෙ


බිම තියෙන ගුවන් යානා තුනක් කෝටි 280ක් කා දමලා
2025 ජනවාරි මස 06 420 0

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ භාවිතා නොකෙරුණු ගුවන් යානා තුනක් වෙනුවෙන් බදු කුලී වශයෙන් රුපියල් කෝටි 280ක් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්ත


උඩරට මාර්ගය දුම්රිය ධාවනය යථා තත්වයට
2025 ජනවාරි මස 06 47 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය අසලදී පිලිපැනීමට ලක්වූ බදුල්ල මහනුවර අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය යලි පිලීගත කිරිමෙන් අනතුරු


විදේශ ගමන් බලපත්‍රයකට අමතර රුපියල් 450ක් ගෙවන්න වෙලා
2025 ජනවාරි මස 06 673 0

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 452 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 228 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 214 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site