IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


උඩවලව සිඳීමෙන් සීනී කර්මාන්තයට බාධා

(කේ.පී. සුමනදාස)

උඩවලව ජලාශයෙන් පරිභෝජනය සදහා සහ වගා කටයුුතු සදහා ජලය ලබා දිය නොහැකි තත්වයට ජලාශයේ ජල මට්ටම පහත වැටීම හේතුවෙන් සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ කටයුතු සදහා දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි කියති.

මේ  හේතුවෙන් කර්මාන්ත ශාලාවේ උක් ඇඹරීමේ කටයුතු සිදු කිරීම ගැටලු සහගත තත්වයකට පත්ව තිබේ.

‘සමාගමේ උක් ඇඹරීමේ කටයුතු පැය 24 පුරාම සිදු කරනු ලබන බවත්  කර්මාන්ත ශාලාවේ බොයිලේරුව සිසිල් කිරීම සදහා භාවිතා කරනු ලබන්නේ ද මෙම ජලය නිසා එම කටයුතු දැඩි අසීරුතා මැද සිදු කිරීමට සිදුව ඇති බවත් සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කැලුම් ප්‍රියංකර මහතා කීවේය.

අවශ්‍ය ජල ප්‍රමාණය ලබා ගනු ලබන්නේ උඩවලව ජලාශයේ වම් ඇලෙන් පෝෂණය වන පොඩි වැවකින් වන අතර මේ වන විට වම් ඇළට ප්‍රමාණවත් ජලය ප්‍රමාණයක් උඩවලව ජලාශයෙන් නිකුත් කළ නොහැකි තරමට ජලාශය සිදී ඇති බවත් ඔහු කීවේය.

නමුත් උක් ඇඹරීම නවතා ලීමට බලාපොරොත්තුවක් නොමැති බවත් ඒය පැය 24 -16 දක්වා අඩු කිරීමටත් බොයිලේරුව සිසිල් කිරීම සදහා භාවිතා කරන ජලය අපතේ නොයවා එම ජලය යලි ප්‍රයෝජනයට ගැනීම සිදු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිට බවත් ඒ් මහතා කීවේය.

සෙවනගල සීනි සමාගමේ කෘෂි ව්‍යාප්ති කළමනාකාර ජී.ආර්. ප්‍රියන්ත මහතා

උක් වගාව පවත්වාගෙන යාමට ජලය අත්‍යවශයි කර්මාන්ත ශාලාව දුවන්න ජලය අවශ්‍යයි. මේ වන විට උක් ඇඹරීම සිදු කරනු ලබනවා. මෙවර අස්වනු නෙලිය හැකි උක්ටොන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ගොවි බිම් වල තිබෙනවා. ගොවින්ගේ එම අස්වනු මිලදී ගෙන ඇඹරීම කල යුතුයි.එසේ නොවුන හොත් විශාල අමාරුවක වැටෙනවා.

 උක් ගොවි පවුල් 15000 ක් පමණ සෘජුවම ප්‍රතිලාභ ලබන අතර වක්‍රව තවත් පවුල් 10000ක් පමණ ප්‍රතිලාභ ලබනවා ඇතැම් උක් ගොවින් හිටවපු උක් පැලවීම සදහා මේ වන විට ජලය නැතිව වේලී යනවා.

 උක් අක්කර 5500 පමණ වාරි පෝෂිත තිබෙන අතර උක් අක්කර 4000 ප්‍රමාණයක් වර්ෂා පෝෂිතව තිබෙනවා වර්ෂා පෝෂිත බිම් වලට ජලය පොම්ප කර වගා කරනු ලබනවා එහෙත් මේ වන විට පොම්ප කිරීමට ජලය නැහැ එම වගාවන් විනාශ වෙමින් පවතිනවා .

ජලය නොමැති උවහොත් උක් අක්කර දහස් ගණනක් විනාශ වී යාමේ තර්ජනයක් තිබෙනවා .

 ගොවි සංවිධාන නියෝජිතයින්  මෙසේ සඳහන් කළේය.

මෙවැනි අවස්ථාවලදී මීට ප්‍රථම සිටි බලධාරීන් සහ දේශපාලඥයන් විසින් සාකච්ඡා කර උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය නිකුත් කරනු ලැබුවා.

මෙවර එවැනි දෙයක් කිරීමට එරෙහිව විදුලිබල අමාත්‍යවරයා හරස් වෙලා තියෙන බව අපිට දැනගන්න ලැබුනා විදුලිය ඩීසල් යොදා නිපදවිය හැකියි. ඒ වගේම තවත් විකල්ප තිබෙනවා වගාවන් සිදු කිරීමට, පානය කිරීමට සහ සිදු කර ඇති වගාවන් පවත්වාගෙන යාමට ජලය අවශ්‍යයි. ‘

 



අදහස් (2)

උඩවලව සිඳීමෙන් සීනී කර්මාන්තයට බාධා

lankaputha Monday, 24 July 2023 08:35 AM

උක් ඳඩු ටොන් 100,000ක් පවුල් 15,000, එක් පවුලකට ටොන් 6ක ප්‍රමාණයක් මුළු අවුරුද්දට... මොකක්ද මේ ගනනය කිරීම් කරුණාකර පහදාදෙන්න?

:       0       0

himal Monday, 24 July 2023 10:58 AM

ඩීසල් බලාගාරවලට වඩා ලාබෙට ජලයෙන් විදුලිය ගන්න පුළුවන්. ඒ නිසා ජල විදුලිය හදන්නෙ නැතිව මේවට ජලය දීලා හරියන්නෙ නෑ.

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 805 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 910 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 174 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 656 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 786 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 1378 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 490 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1466 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site