(ඉන්දිකා රාමනායක)
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙක් පිසින ලද ව්‍යාංජනය සහිත උණු කල්දේරමකට වැටී පිළිස්සුම් තුවාල ලබා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව මානවහිමිකම් කොමිසම විමර්ශන ආරම්භ කර ඇති බව එම කොමිසම් ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වල පළ වු ප්‍රවෘත්ති පදනම් කරගෙන මෙම විමර්ශන ආරම්භ කළ බවද එම ආරංචි මාර්ග කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගර නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත ඇති අතර, විමර්ශන කණ්ඩායමක් අගුණකොළපැලැස්ස බන්ධනාගාර වෙත ගොස් විමර්ශන පැවැත්වීමට නියමිතව ඇත.
මෙලෙම මියගොස් ඇත්තේ දැරණියගල පදිංචි (62) පුද්ගලයකු වන අතර මිනිමැරුම් චෝදනාවකට 2001 වසරේ සිට වසර 25 ක සිරඳඩුවම් නියමව සිටි පුද්ගලයකු බවත්, 2028 වසරේ ඔහු එම දඩුවමෙන් නිදහස් වීමට සිටි පුද්ගලයකු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මොහු මු`ථ ගැන්ගෙයි වැඩ අංශයේ සේවය සදහා යොදවා සිටියදී ඉකුත් (26) දින පිසින ලද ව්‍යාංජනයක් සහිත කල්දේරමක් තවත් සිරකරුවෙක් සමග එක්ව ලිපෙන් බා තැබීමට ලිය අවස්ථාවේ මෙම සිරකරු පය ලිස්ස වැටීමෙන්, ලිපෙන බා තිබු භාජනය තුළ ඉන්දී ඇත.
සිද්ධියෙන් සිරකරුගේ පිටුපස ප්‍රදේශය හා පිට ප්‍රදේශ පිළිස්සුම් තුවාල ලැබීම හේතුවෙන් ඔහු තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, තංගල්ල රෝහලේ දින 10ක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි මෙම සිරකරු ඉකුත් (6) මියගොස් ඇත.
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උණු කල්දේරමකට වැටී සිරකරුවෙක් මියයාම ගැන මානව හිමිකම් විමර්ශනයක්