IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


උතුරුමැද පාසල් ගුරුවරුන්ට ටියුෂන් තහනම්

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාතේ පාසල් වල සේවය කරන විදුහල්පතිවරුන්ට,ගුරු උපදේශකවරුන්ට හා ගුරුවරුන්ට මුදලට උපකාරක පංතිවල සේවය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් උතුරු මැද ප්‍රධාන අමාත්‍යාශ ලේකම්  චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

උතුරු  මැද ප්‍රධාන අමාත්‍යාංශයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ,සියලුම කලාප අධ්‍යක්ෂකවරුන්ට,කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට හා පාසල් විදුහල්පතිවරුන්ට මේබව දන්වා තිබේ.

එම චක්‍රලේකයේ මෙසේද සදහන්ය.

උතුරැ මැද පළාතේ පාසල්වල සේවය කරන ඇතැම් විදුහල්පතිවරුන්,ගුරු උපදේශකවරුන් හා ගුරුවරුන් තම පංතියේ හා පාසලේ ඉගෙනුම ලබන දරැවන් ගෙන් මුදල් අයකර ගෙන පාසල් වේලාව තුළ,පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත දිනවල පුද්ගලික උපකාරක පංති හා සම්මන්ත්‍රණ පවත්වන බවට නිරන්තරයෙන් පැමිණිලි ලැබෙමින් පවති.

එසේම ඇතැම් ගුරුවරුන්,විදුහල්පතිවරුන් පාසල තුළ ඉගැන්විම් කටයුතු නිසි පරිදි සිදු නොකරන බවටත් තම පුද්ගලික උපකාරක පංතිවලට හා සම්මන්ත්‍රණ වලට සහභාගි නොවන දරුවන් තම පාසලේදි හා පංති කාමරයේදි නොසලකා හරිමින්  විවිධ කායික හා මානසික හිංසනයන්ට හා පිඩාවන්ට ලක්කරමින් සිටින බවත් වාර්තා විය.

ඒ අනුව උතුරැ මැද පළාතේ පාසල් දරුවන් ගෙන් මුදල් අයකර ගෙන පාසල් වේලාව තුළ,පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත දිනවල පුද්ගලික උපකාරක පංති හා සම්මන්ත්‍රණ පැවැත්විම සම්පුර්ණයෙන්ම තහනම් කරන බවත් එම චක්‍රලේඛයේ සදහන්ය.

මේ චක්‍රලේඛයේ උපදෙස් වලට කටයුතු නොකරන ගුරුවරුන්,ගුරු උපදේශකවරුන් හා විදුහල්පතිවරුන්ට විරුද්ධව දැඩි විනයානුකුල ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් උතුරැ මැද ප්‍රධාන අමාත්‍යාංශයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා විසින් එම චක්‍රලේඛයෙන් වැඩිදුරටත් දන්වා තිබේ.

 



අදහස් (26)

උතුරුමැද පාසල් ගුරුවරුන්ට ටියුෂන් තහනම්

Banda Thursday, 18 July 2024 12:20 PM

බස්නාහිර පළාත් සභාවේ ඉන්න මහ එව්වො බුදිද? වැඩිපුරම හූරන් කන්නෙ බස්නාහිර

:       7       57

arawinda Thursday, 18 July 2024 12:42 PM

ටියුෂන් වලින් රටට උණු යහපතක් නැහැ . සිදුවුනේ රජයට බදු නොගෙවන තවත් ධනපතියන් පිරිසක් මෙන්ම හිඟමනට වැටුණු දෙමාපියන් පිරිසක් ඇතිවීමයි . නමුත් මේවගේ පැලැස්තර වලින් මේ මාෆියාව නවත්වන්න බැහැ . 1999 දී චන්ද්‍රිකාත් ලොකු සද්දයක් දාල ටියුෂන් නවත්වන්න ප්‍රතිසංස්කරණ ගේනවා අන්තිමට මොකද වුණේ ? මේ අධ්‍යාපන ඇමැතිත් ඔහේ කියවනවා නමුත් ටියුෂන් වලට තිත තියන අධ්‍යාපන ක්‍රමයක් මේ කපේදී ලංකාවේ බිහිවෙන්නේ නැති බව ස්ථිරයි. අපේ රටේ තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි විභාග ක්‍රමයක්. එනිසා පාසල් කියන්නේ විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල සමුහයක් විතරයි .

:       11       49

Lalla Thursday, 18 July 2024 12:45 PM

ගුරුවෘත්තියට සරිලන වැටුපක් ගෙවල ඔය නීතිය පනවන්න පුලුවන්. අනික සෑම පාසලකම එක වගේ හොඳ විෂය දැනුම තියෙන ගුරුවරු නෑ.ඉතින් ඒ ලමයින්ට පිහිට ටියුෂන් පමණයි. මේ කළ මෝඩ ක්‍රියාව නිසා ගුරුවරු සහ සිසුන් කොපමණ සංඛ්‍යාවක් කරදරයට වැටෙනවා කියල තේරෙනවද? අනික මේ ටියුෂන් කාරයින්ට උදව්වීමට ගහපු නියෝගයක් නේද?

:       31       36

himal Thursday, 18 July 2024 01:01 PM

උතුරු මැද පළාතේ ගුරුවරයෙක් වෙන පළාතක පන්ති කරොත් ගැටළුවක් නැද්ද?

:       3       28

Munasinghe Thursday, 18 July 2024 01:59 PM

රාජ්‍ය සේවයෙන් ඉවත් වී පූර්ණ කාලීන පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගි වන ලෙස ඔවුන්ට කියන්න. රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් පුරප්පාඩු කෙටි කාලීන පුහුණුවකින් පිරවිය හැක. ගැටළු දෙකම එක විසඳුමකින් විසඳා ගත හැක.

:       10       21

අයි.ජී..එල් අම්බලන්ගොඩ Thursday, 18 July 2024 02:01 PM

පය බරවායට පිටකර බෙහෙත් බදිනවා කියන්නෙ මේවට තමයි.මේවයින් වෙන්නෙ වෙනවනම් සල්ලි කර පවුල් වල අය දක්ෂ ගුරැවරැ ගෙදරට ගෙන්වා ගනීවි.අනික මේව කිසිසේත්ම නිතියට එකග නැහැ.මෝඩ කමට හරි මේව ගුරැවරැ පිළිගත්තොක් අසාධාරණය වෙන්නේ අසරණ පවුල් වල දරැවන්ට.මේව ගැඹුරින් සාකච්ඡා කර ගත යුතු තීරණයක්.මේව දැක්කහම මට හිනහ වෙන්න කට මදියි.මේව ගරැ අධිකරණයේදී අභියෝග කලොත් දුවන්න පාර මදි.කරනව නම් අධ්‍යාපනයට කරන්න තව බොහෝදේ තියෙනව. අනික අපේ අධ්‍යාපනයෙන් අවසානයෙදි බිහිවෙන්නෙ වහලෙක් මිසක තර්කාණුකූලව හිතන පුද්ගලයෙක් නොවෙයි.ඉහළ කෙනා කියන දේ මොනව වුනත් පහළ කෙනා ඒක පිළිපදිනව.

:       9       19

JDB Thursday, 18 July 2024 02:07 PM

මේවගේ නීති ගෙනෙන එකා මහම මහා මෝඩ තකතිරුවෙක්. ගුරුවරු ගුරු සේවයේ ඉන්නේ ටියුෂන් එකෙනුත් අමතර අදායමක් තියෙන නිසා. එහෙමනම් ගුරුසේවයෙන් ඉවත් වී ටියුෂන් කරන්නම ගියොත් ඊට වඩා හම්බකරනවා. තමුන්ගේ වෘර්තියෙන් බාහිර වෙලාවක ඕනෑම කෙනෙක් අමතර අදායමක් උපයනවා. වෛද්‍යවරු උදාහරණයක් විදිහට කියන්න පුළුවන්.

:       9       18

ලලිත් අම්බලන්ගොඩ Thursday, 18 July 2024 02:56 PM

එහෙනම් ඉතිං මන්තිවරැන්ට බාර් ලැයිෂන් වැලි පරමිට් වගේ ඒවත් තහනම් කල යුතුයි.අපේ ගමේ පන්සල් වල සමහර හාමුදුරැවන්ලා ඉන්නවා අඩුවට වාහන අරගෙන හදල වැඩි ගානට විකුණනවා. තව ඉන්නව සල්ලි පොලි කරන හාමුදුැරැවල්ලා. මේවද රටේ පශ්න. අහිංසක ගුරැවරයෙක් ජීවත් වෙන්න තමන්ගෙ දැනුම විකුණනව හැර වෙන මොනව විකුණන්ද.අපේ ගමේ ඉන්නව තමන්ට දානය දෙන උපාසක අම්මලාගෙන් පවා කේන්දරේ බලල සල්ලි ගන්න අය. එහෙනම් ඒවත් තහනම් කල යුතුයි.

:       4       11

පී කොළොම්බු ආච්චි Thursday, 18 July 2024 03:52 PM

මම දන්න හැටියට නම් ලංකාවෙ අනෙක් පළාත් වලත් තහනම් කලා කියලා පසුගිය කාලයේ ප්‍රවෘත්ති පලවුනා. ඔහොම කරලා ඕක නවතන්න බැහැ .ආයතන සංග්‍රහයේ තියෙනවා රජයේ සේවකයින් රජයේ තනතුර උපයෝගී කරගෙන කරන ඉපැයීම් වෙනුවෙන් අවසර ගැනීමත්, උපයන මුදලින් සියයට 25 ක් රජයට ගෙවීමත් කලයුතුය කියලා නියමයක් .ඉතින් ඒක ක්‍රියාත්මක කලොත් රජයට ආදායම් ලැබෙනවාට අමතරව විෂමාචාර ක්‍රියාවන් නවතන්න පුළුවන් .ඒ ගමන්ම රජය මගින් පාසලේදී ඉගැන්වීම නොකරන ගුරුන් ළගට දරුවො නොයවන්න කියලා ප්‍රචාරය කරන්න. ඇත්තටම රජයේ ගුරුවරු පාසල් කාලය සමගම උපකාරක පංති කරන්න ගියාම දරුවො නොසෑහෙන්න දුක් විදිනවා. ගුරුවරු ඉගැන්වීම සදහා සූදානම් නොවන බවකුත් ඇතිවෙනවා

:       4       6

ප්‍රදීප් Thursday, 18 July 2024 06:13 PM

දොස්තරලාටත් පුද්ගලික චැනලින් තහනම් කළොත් හොඳ නැද්ද? ටියුෂන් මාෆියාව වගේම තමයි චැනලින් මාෆියාව.

:       3       3

ලක්මාල් Thursday, 18 July 2024 06:17 PM

හොඳ තීරණයක්, පන්ති කරන ගුරුවරුන්ගෙන් බොහෝමයක් ඔහොම වැඩ කරනවා. නොකරන අය ගැන කණගාටුයි. බහුතරයටනේ උත්තරය ලැබෙන්නේ...

:       1       1

Kolla Thursday, 18 July 2024 07:16 PM

ජනතා ඡන්දයෙන් පත්වෙලා, ජනතාවගේ දේපළ හොරා කන අය...

:       2       5

සිසිර Thursday, 18 July 2024 07:54 PM

ටියුෂන් සම්පුර්ණයෙන් තහනම් කළ යුතුයි...

:       4       22

Lalla Thursday, 18 July 2024 10:04 PM

ගුරුවරු අඩු ගමේ ඉස්කෝලවල ළමයින්ට මෑනියෝද උගන්වන්නේ...?

:       1       0

කාජල් Friday, 19 July 2024 08:46 AM

සතුටුයි තීරණයට නමුත් ප්‍රයෝගික වෙයිද....... පාසලක එක ගුරුවරයෙක් ක්‍රිඩා පිටියක් නැ කියා, දරුවන්ට කලට වේලාවට පෙළපොත් නැ කියා, පාසලට ගුරුවරුන් නැ කියා, පාසලේ දරුවන්ගේ අභිවෘද්දිය වෙනුවෙන් කැප කරන එක් ගුරුවරයෙක් මම දන්න තරමින් නැ. නමුත් රට හදන්න තමන්ගේ පඩිය වැඩි කරගන්න ස්ට්‍රයික් කරන්න උද්ඝෝෂණ කරන්න ඕනතරම් සිටියි. පාාසලට පැමිණ තමන් පුද්ගලික පංතියට එන්න කියන්න එයාලාට හයිය ඕනතම් තියනවා....

:       2       2

CHINTHANA Friday, 19 July 2024 09:39 AM

එහෙම රාජකාරි වේලාවෙන් පිට කරන වැඩවලට නියෝග දෙන්න ලේකම්ට බලයක් තියනවාද?

:       1       2

de silva Friday, 19 July 2024 10:50 AM

මෙම නිතිය රටපුරාම රජයේ පාසල්වල උගන්වන ගුරුවරුන්ට බලපාන ආකාරයට ක්‍රියාත්මක කලානම් හරි , පුද්ගලික පන්ති කරන්න කැමති කෙනෙක් රාජ්‍ය සේවයෙන් ඉවත්වෙලා එක කෙරුවට කමක් නැහැ .

:       1       7

SUNEETHA SENEVIRATHNA Friday, 19 July 2024 12:20 PM

ගුරුවරයාගේ වැටුප ඉහළ තැනකට ගේන්න.ගොඩක් ගුරුවරු ටියුෂන් කරන්නේ තම වෘත්තීයෙන් අඩු වැටුප ලබන නිසයි . එතකොට දොස්තරලා පුද්ගලිකව බෙහෙත් චැනල් කරන එකට මොකද කියන්නේ කොච්චර හවස පන්ති දාගෙන වැඩකලත් ඕ ටී නැහැ .ලියන පෑන පොත පවා තමගේ මුදලට ගන්නේ.

:       3       0

hesa Friday, 19 July 2024 12:52 PM

විකාරද, ගහලා බැන්දත් එකයි බැඳලා උගැහැව්වත් එකයි කොහොම හරි ගරන්නමයි බලන්නෙ

:       2       0

Priyantha Friday, 19 July 2024 05:41 PM

උතුරු මැද නොවේ... අනිත් පළාත් වලත් නවත්වන්න...!

:       2       0

හසන්ත Friday, 19 July 2024 09:35 PM

නියමයි දෙමව්පියන්ගේ සල්ලි හූරාගෙන කන එක නවත්තන්න ඕනෑමයි. අනෙක් පළාත් වලත් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි...

:       0       0

Ishani Saturday, 20 July 2024 07:07 PM

උතුරුමැද විතරක් නෙමේ අනිත් පළාතේ වලත් නවත්තන්න

:       1       0

S.M Sunday, 21 July 2024 07:55 AM

දැන් කිුයාත්මකද හොද තීරණයක් උසස්පෙල පාස් රැකියා විරහිත තරැණ ලමයින්ට අවස්ථාවක්.රජයේ ගුරැවරැ රස්සා දෙකක් ඔන නැනේ

:       0       0

.Suranga Sunday, 21 July 2024 07:56 AM

ඉතා හොදයි

:       0       0

අමිල Sunday, 21 July 2024 11:47 AM

මිනිසුන් රවටන බොරු චක්‍ර ලේඛන ගේන්න එපා. නිසි විසඳුමක් මිස. රජයේ නිලධාරීන් බොරුවට දේශපාලකයින් නියෝග දුන්නාට තේරීමක් නැති වැඩ කරලා මාධ්‍යයට දාන්න එපා. හරි දේ හරියට කරන්න.

:       0       0

thusitha Tuesday, 23 July 2024 10:31 PM

ඇයි පාසල් වේලාවේ ටියුෂන් තහනම් කරන්න බැරි මේ වගේම

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3783 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2768 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3551 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3254 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 722 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1409 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36123 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24135 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site