IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


උතුරු නැගෙනහිර මහජාතිය දෙමළ ජනතාව

(සුජිත් හේවාජුලිගේ )

උතුරු නැගෙනහිර මහ ජාතිය දෙමළ ජනතාව බව  දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා පැවසීය.

තමා ඉල්ලන්නේ ෆෙඩරල්  බව පැවසූ මන්ත්‍රීවරයා  බලය බෙදීමට ඉන්දියාව එකඟ බවද  සඳහන් කළේය.

භික්ෂූන් වහන්සේලා දේශපාලනයට පැමිණීම හොඳ නැති බවත් සිවුරු ඇඳගෙන දේශපාලනය නොකරන්නැයි උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටින බවත්    කළේය.

හින්දු පූජකවරුන් දේශපාලනය නොකරන බව  ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (40)

උතුරු නැගෙනහිර මහජාතිය දෙමළ ජනතාව

Santhu Saturday, 11 February 2023 03:06 PM

ආයේම නැගිටින්න වගේ හිතන් ඉන්නේ...

:       62       33

NimalSaturday, 11 February 2023 06:17 PM

ලංකාවේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් භාෂාවල් කතාකළද මහජාතිය හෝ සුළුජාතිය කියා වෙනසක් නැත. සිටින්නේ ශ්‍රී ලාංකිකයින් පමණි. ජාතීන් අතර එක්සත් බව සංහිඳියාව වෙනුවට බෙදීම් ඇතිකරනුයේ දේශපාලකයන් විසිනි. මොවුන් ද්‍රවිඩ ජාතීන්ගේ ගැටළු පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා නොකරයි. නමුත් බලය බෙදීම පිළිබඳව දිනපතාම කතා කරයි. පසුගිය වසර 37ක් කාලය තුළ ලබාගත් බලයකුත් නැත. ද්‍රවිඩ ජාතීන්ගේ ගැටළු විසඳාත් නැත...

:       3       51

BamunuarachchiSaturday, 11 February 2023 08:17 PM

ලංකාවේ 75%ක් සිටින සිංහලයින් මහා ජාතිය නොවෙයිද? මේක ඇමරිකාව හෝ ඔස්ට්‍රේලියාව හෝ කැනඩාව නොවෙයි. ලංකාවේ අවුරුදු 2600ක ලිඛිත ඉතිහාසයක් ඇති සිංහල මිනිසුන්ගේ නිජබිමයි. මුස්ලිම් කියා ජාතියක් හෝ භාෂාවක් නැත. ඒ නිසා මුසල්මානුවන් මේ සංවාදයට ඈඳාගන්න එපා. ඉන්දියාවෙ මාළු අල්ලන්න ගිය අය මෙරටට ගොඩබැස්සා පමණින් වාගං මච්චන් කියලා කරට අතදාලා පිළිගන්න තරම් අමාරුවක් ඔහෙට තිබුණාට සිංහල අපිට එහෙම අමාරුවක් නැත. දෙමළුන් මෙරටින් තොලෙන්චි වුණා කියලා අපිට ආර්ථික වශයෙන් අමාරුවක් තිබෙනවාද? WWII කාලේ මෙරටට කාපිරි මිනිස්සු ගෙන ආවා ඕලන්ද කාරයෝ බර්ගර් මිනිස්සු ගෙනාවා... ඔවුනුත් ශ්‍රී ලාංකිකයින් කර ගන්නවද? බර්ගර් ජාතිකයින් රට හැරදා ගියා අපිට පාඩුවක් වුණාද? ලංකාවට ගොඩබහින හැම එකාම ශ්‍රී ලංකික වුණාම සිංහල කියන නමට මොකද වෙන්නේ? රටේ මහා ජාතිය සිංහල අපි. 12% ඉන්න දෙමල්ලුන්ට පිළිගැනීමක් දෙන්න සිංහල අපි ශ්‍රී ලාංකික කියා දියාරු විය යුතු නැත... ඔවුන් ශ්‍රී ලාංකික වුණාවේ...

:       22       59

NimalSaturday, 11 February 2023 09:35 PM

"බමුණා" ඔබට ගැලපෙනම නම දාලා තිබෙනවා. ඔබලා වැනි අයත් අප සමාජයේ සිටිය යුතුයි. එක සමාන අදහස් දරන්නා වූ අන්ත දෙකක ජීවත්වන ඔබත් විග්නේශ්වරන් අතර වෙනසක් පෙනෙන්නට නැත.

:       1       2

BamunuarachchiMonday, 13 February 2023 07:53 AM

මෙතන අන්ත දෙකක් නැහැ හලෝ මොන අපබ්‍රංශ කියවන්නේ? ඒකීයව තිබෙන රට කඩලා කෑල්ලක් ඉල්ලනවා. ඒක අන්තවාදයක් . අපි එහෙම කරන්න බැහැයි කියනවා. ඉල්ලන දේ දෙන්න බැහැයි කීම අන්තවාදී ක්‍රීයාවක්ද? එසේනම් සිදුවිය යුතු අන්තවාදී නොවන ක්‍රීයාව මොකක්ද? සිංහල අපි හදන්නේ තිබෙන දේ රැකගන්න. අපි ශ්‍රී ලාංකිකයෝ විය යුතුනම් රටේ වෙනම රාජ්‍යක් ඇතිවිය යුතුද? දෙමල්ලු ශ්‍රී ලාංකික වෙන බව හෝ වියයුතු බව උන්ගේ නායකයෝ කොතැනක හෝ කියා තිබෙනවාද?

:       0       0

Jagath Liyanage Saturday, 11 February 2023 03:17 PM

සාටකය දාගෙන දේශපාලනය කළාට කමක් නැහැ නේද?

:       27       27

saliya Saturday, 11 February 2023 03:45 PM

රට කඩා වැටුණු දා, එක් ව ගොඩගත යුතු වුණා. වගකීම් පැහැර හැර නායකයින් බල ලෝභයෙන් කා කොටා ගන්නවා. මිනිසුන් වෙනුවෙන් ඉදිරියට එනවා වෙනුවට​, හැමදේටම විරුද්ධවී රට අගාධයට ගෙන ගොස් බලය ලැබේවි යැයි සිතා සිටිනවා. දේශපාලනය අතහැර එකතු වන්න​. කාටවත් ස්ථාවර බහුතරයක් නැහැ. අස්ථාවර කළාම අවස්ථාවාදී බෙදුම් වාදය තමයි ජය ගන්නේ... දැන්වත් සර්ව පාක්ෂික ස්ථාවර රජයක් සඳහා එකමුතු වෙන්න​. කවුරු නායකයා ද යන්න අපිට අදාල නැත​...

:       1       26

බද්රානි Saturday, 11 February 2023 04:19 PM

ඕක ගිහින් කියන්න සිංහල මස්සිනාට.. එනවා මෙතන රට කොටවන්න...

:       22       50

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 11 February 2023 04:32 PM

පොදුවේ සිංහල හා දෙමළ වැසියන්ට ජාතිභේද, ආගම් භේද ආදිය වුවමනා නැහැ. ඒත් දෙපාර්ශවයේම සිටින දේශපාලකයින් හට තමයි මේ භේද ආදිය අවුස්සා ජන සමාජය භේද භින්න කොට දේශපාලන වාසි ලබාගැනීමට වුවමනාව තියෙන්නේ. එක හොඳ දෙයක් කිව්වා. භික්ෂූන් සිවුරු දරමින් දේශපාලනය නොකළ යුතු බව හා හින්දු ආගමේ පූජකවරුන් දේශපාලනය නොකරන බව... ඒ දේ අපේ වගකිව යුත්තන් හට පෙන්නා දුන්නාට ස්තූතියි.

:       50       28

BamunuarachchiSaturday, 11 February 2023 05:11 PM

ඔහේ ඉපදුණේ ඊයේ පෙරේදාද? ඉස්කෝලේදී රටේ ඉතිහාසය ඉගෙන ගත්තේ නැද්ද? අපේ හාමුදුරුවරු රට රැකගන්න ඉදිරිපත් වුනේ බුද්ධාගම ලංකාවට ආකාලයේ සිටමයි. මෙරට රැකගන්න කවදාවත් ඉදිරියට ආවේ නැත. මම හිතනවා මහත්මා ගාන්ධිට වග කිව්වා වගේ කෙනෙක් ලංකාවේත් ඇතියි කියලා.

:       23       49

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 11 February 2023 08:05 PM

ඇත්ත කියවෙනකොට අපේ බමුණු තෙමේට හොඳටම රිදිලා වගේ... එදා රට රැකගන්න පෙරට ආව සිල්වත්, ගුණවත්, නැණවත් භික්ෂූන් වහන්සේලා හා දේශපාලන වාසි සඳහා පෙරට එන අයයි. ඒකට සමාන කරන්නට බැහැ. විශේෂයෙන්ම පොහොට්ටුව හා සම්බන්ධ v8 කාරයින්. ඒ කෙසේවෙතත් ඔබට ඕනෑ විදිහට නෙමේ සැබෑ බෞද්ධ පිළිවෙත වන්නේ. බුදුහාමුදුරුවන් අත්හැරිය පිළිකුල් දේශපාලනය භික්ෂූන් වහන්සේලාට ගැලපෙන්නේ නැහැ. සැබෑ බුදු දහමට ජාති, ආගම්, කුලමල ආදී කිසිවක් අදාල නැහැ. ඔබට ඕනෑ පොහොට්ටුවට උදව් කරන, දෙමළ මුස්ලිම් මිනිසුන් නසන අමුතු තාලේ බුද්ධාගමක්... ඔය ලෙඩේ හැදුණාම ඒකට බෙහෙත් නැහැ.

:       7       21

BamunuarachchiSaturday, 11 February 2023 09:45 PM

දෙමළා, මුසල්මානුවා වෙන්කර ගන්න බැරි ඔබට කව්ද ඔබ ඇත්ත කියනවා කියලා තීන්දු කළේ? මොකක්ද ඔබේ කතාවේ තිබෙන ඇත්ත? මේ සිංහල රටේ සිංහලයෙක් හැටියට මට රිදෙනවා තමයි. ඒකේ කතා දෙකක් නැහැ. හාමුදුරුවරු වර්ග දෙකක් ඉන්න බව දන්නවද ? 1. සාසනේ හා රට රකින හාමුදුරුවරු. 2. සිල් රකින හාමුදුරුවරු... සිල් රකින හාමුදුරුවරු රට රකින්න ඉදිරියට එන්නේ නැත. අඩුම ගානේ ඔබලා වගේ මිනිස්සුවත් එන්නේ නැත. ඔබලා දොරවහගෙන යතුරු හිලෙන් රටේ මොනවද කියලා බලන වර්ගයේ මිනිස්සුයි. දෙමළා මේරටින් කොටසක් අල්ලගන්න හදන්නේ ක්‍රි පු 135 සිටයි. මෙපමණ කලක් රැකගෙන ආපු මෙරට බේරාගන්න පළමුව කළයුත්තේ ඔබලා වැනි මිනිසුන්ගෙන් නිදහස් වීමයි...

:       2       1

BamunuarachchiSaturday, 11 February 2023 09:24 PM

මේක ඇමරිකාව හෝ ඔස්ට්‍රේලියාව හෝ කැනඩාව නොවෙයි. ඔයරටවල් තුනේම ඉන්නේ අන්රටවලින් කඩා පාත්වුණු මිනිස්සුය. ඔවුන්ගේ මහා ජාතිය කියා ජාතියක් නැත. නමුත් රුසියාවේ මහා ජාතිය රුසියානුවන්ය. දෙමළෙක් අවුරුදු 1000 රුසියාවේ සිටියත් රුසියානුවෙක් වෙන්නේ නැත.

:       10       21

samSunday, 12 February 2023 03:07 AM

බමුණුට විජය කුමාරයා ආවේ කොහෙන්ද කියලා මතක නැතිවෙලා වගෙයි...

:       1       3

BamunuarachchiSunday, 12 February 2023 05:55 PM

විජය කුමාරයා? හලෝ මේ රටට ආව කුමාරයෙක් නැහැ... ලංකාවට ආපු පළවෙනි කල්ලතෝනියා විජයන්. විජයන් කියන කල්ලතෝනියාට 700 සෙනඟ ගෙනෙන්න ටයිටැනික් වගේ නැවක් තියෙන්න ඕනේ. විජයන් එන්න ඇත්තේ 7 දෙනෙක් එක්ක වෙන්න ඇති. ලංකාව පෙනෙන මානයට ලී කොටේක එල්ලීලා ඇවිත් පීනලයි මිනිහා ආවේ. අනික විජයන් ආවේ වැද්දෝ ඉන්න රටකට නොවෙයි, රෙදි වියාගෙන අඳින මිනිසුන් ඉන්න රටකට. ඒකයි විජයන්ට නුල්කටින ස්ත්‍රියක් හමු වුනේ? ඉන්දියාවේ මොන පළාතේද සිංහල කතා කළේ විජයන් අපිට සිංහල කියලා දෙන්න...

:       2       3

Bamunuarachchi Saturday, 11 February 2023 04:50 PM

රටේ මහ ජනතාව සිංහලයින්, දෙමල්ලුන් මේ රටට පසු කාලයක ගොඩබැස්ස ජාතියක් මිස රටේ මුල් පුරවැසියන් නොවෙයි. මුල් පුරවැසියන් නම් රට මැද බින්න බහින්නේ නැතුව මොන කෙන්ගෙඩීයකටද රටේ ඝර්ම කලාපයේ පදිංචි වුනේ. දුටුගැමුණු රජුත් මහින්දත් එකම වැරැද්ද කළා. මේ අයව සම්පූර්ණනයෙන්ම එලවා දමන්නේ නැතුව බාගෙට වැඩේ නැවැත්තුවා. හාමුදුරුවරු රට වෙනුවෙන් ඉදිරියට ආවේ දෙමල්ලු මෙරටට එන්නත් කලින්. ඒ නිසයි මිහිඳු හාමුදුරුවෝ තිස්ස රජුට පැවසුවේ ඔබ මේ රටේ අයිතිකරු නොවෙයි ආරක්ෂකයා පමණි කියලා. හින්දු කාරයින්ට මේ රටේ දේශපාලනය කරන්න කිසිම ඉඩක් නැහැ.

:       23       26

සුරංගොඩ Saturday, 11 February 2023 05:16 PM

මේ මනුස්සයා හැමදාම බලයේ ඉන්න බලාගෙන ජාතිය භේද කරනවා. ඒත් පුතා විවාහ කරගෙන ඉන්නේ වාසුගේ දුවලු... ඉතින් ඔවුන්ට නැති ජාති භේදයක් අනෙක් මිනිසුන්ට මොකටද? මෙහෙම ජාතිය විනාශ කරන ජාති වාදීන් සමාජයෙන් තුරන්කර දමමු...

:       1       29

නානා Saturday, 11 February 2023 08:08 PM

වාසුගේ දුවටත් වාසුගේ වගේ යටි රැවුලක් ඇති නේද?

:       18       8

BamunuarachchiSaturday, 11 February 2023 09:52 PM

ඇයි ඔට්ටුවක් දාලා බලමුද?

:       2       0

ගජමිතුරු Sunday, 12 February 2023 08:38 AM

නානා පොහොට්ටුවේ මුල්පෙලේ නායකයෙක් කියලා ඉතාමත් පැහැදිලියි. නැත්නම් යන්නේ කොහේද මල්ලේ පොල් වගේ අදහස් දාන්නේ නැහැ..!

:       0       1

BamunuarachchiMonday, 13 February 2023 08:01 AM

නානා යටි රැවුල් හොයන්න දුර යන්න ඕනේ නැහැ. ඔහේගේ දුවගෙන් බලා ගන්න.

:       0       0

Bamunuarachchi Saturday, 11 February 2023 05:17 PM

කෝ මේ අරගල කාරයෝ..? ජෙප්පෝ රට බේරාගන්න එළිබහින්නේ නැද්ද? මොවුන් යුද්ධය කාලෙත් හැංගුණා රට බෙදන්න ලැහැස්ති වෙනකොටත් හැංගිලා. ගාන්ධි ඝාතකයෙක් ලංකාවේත් බිහිවෙයිද?

:       26       33

චන්දන Saturday, 11 February 2023 06:00 PM

රාජාසන කතාව ඉවර කරලා යනකොට ලොක්කා මෙයාගේ පිටට තට්ටුව දාලා ගියේ ඇයි...? කොහොම නමුත් ඉඩම් සහ පොලිස් බලතල දුන්නොත් ඉස්සර වෙලා ඉවත් කරන්නේ පන්සල් ටික. ක්‍රිස්තියානි සම්භවයක් තියෙන ලොක්කාට ඒක අවුලක් නැහැ. එහෙම කරලා රට ගිනි තියන්න එපා. මේක අනතුරු ඇඟවීමක්...

:       9       18

Rata Perata Saturday, 11 February 2023 07:40 PM

කොතැනද දැන් මහ? අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. එච්චරයි... සූත්තර පුංචාගේ ඇම නියමෙටම නැගලා යනවා වගේ... එයා මේ හදිස්සියේ 13 ඇදලා ගත්තේ ඕකට තමයි.

:       3       11

BamunuarachchiSaturday, 11 February 2023 09:49 PM

නමේ හැටියට සිංහලයෙක් වෙන්නේ නැහැ. තාත්තා පෘතුගීසි නම් දරුවන්ට ජාතික හැඟීම් ඇතිවෙන්න බැහැ...

:       2       1

නිහාල් Saturday, 11 February 2023 07:54 PM

සුපුරුදු ගතියක් තියෙනවා. ආ... මහින්ද ඡන්දෙට ලෑස්ති වෙනවා...

:       3       10

මැක්ස් Saturday, 11 February 2023 07:58 PM

හින්දු සහ කතෝලික පූජකවරුන් දේශපාලනය කළ හැටි අපි යුද සමයේ අත්දුටුවෙමු. රායප්පු ජෝශප්ලා, සවුන්දර්නාගම්ලා එකල කළ සෙල්ලම් අපට අමතක නැත. ඔබතුමා විසින් විකෘති කරන ලද ඉතිහාසයට අනුව කටයුතු කළොත් සිදුවන්නේ අප රට තුළ ද ඊශ්‍රායල් සහ පලස්තීන වැනිි තත්ත්වයක් ඇතිවීමයි...

:       3       14

ranjith Saturday, 11 February 2023 08:38 PM

මහා ජාතියක් කියලා ජාතියක් නැහැ. මේ ලෝකේ ඉන්නේ මනුස්සයින්... මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ හොඳ ජීවන තත්වයක් ලබාගන්න. මේ වයෝවෘද්ධ දේශපාලුවන්ට ඕනෑවෙලා තියෙන්නේ දුප්පතුන් ගොනාට අන්දවාගෙන සුඛෝපභෝගි විදියට කොළඹට වෙලා සුර සැප විඳින්න...

:       6       18

BamunuarachchiSunday, 12 February 2023 06:08 PM

ලෝකේ ඉන්න මනුස්සයින්.... නම්, අපේ රටේ ඉන්න දෙමල්ලු වෙනම ෆෙඩරල් රජයක් ඉල්ලන්නේ මොන දේකටද?

:       2       2

Lalla Saturday, 11 February 2023 10:59 PM

පුතාට දකුණේ මහජාතියෙන් ලේලියක් ගත්තේ ඇයි...? අනික තමුන් පදිංචිව ඉන්නේ කොළඹ නේද?

:       0       1

BamunuarachchiSunday, 12 February 2023 06:06 PM

ඔයිට වඩා හොඳ අදහසක් ඔය ඔලුවට එන්නේ නැද්ද? පව් කියලා හිතෙනවා...

:       2       1

nihal Saturday, 11 February 2023 11:07 PM

විග්නේෂ්වරම් හිටියා වගේ කට පියාගෙන ඉන්න... රනිල්ගේ හයිය අරන් දොඩවන්නේ නැතිව...

:       1       0

කමල් Sunday, 12 February 2023 12:07 PM

රාජපක්ෂලයි, විග්නේශ්වරන්ලයි අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ජාතිවාදේ අවුස්සලා ගොඩයන්නයි බලන්නේ...

:       1       2

BamunuarachchiSunday, 12 February 2023 06:04 PM

2005 රාජපක්ෂ බලය නාවා නම් රටෙන් 2/5 ප්‍රභාකරන්ට දෙන්න... රනිල් ISGA ගිවිසුම සූදානම් කරලයි තිබුණේ. මෙතැන දොඩවන්නේ නැතුව ගුගල් කරලා කියවන්න ISGA කියන්නේ මොකක්ද කියලා...? එහි අන්තිම ටික කියෙව්වාම ISGA ගිවිසුම හදපු එකාගේ මුහුණට පයින් ගහන්න හිතේවි. මෝඩ මැට්ටන්...!

:       2       1

BamunuarachchiMonday, 13 February 2023 08:13 AM

හලෝ මිනිසුන්ට ජාතිවාදය එපානම් විය යුත්තේ ජාතිවාදය අවුස්සන පක්ෂ වලට බලය,චන්ද නොදීමයි. නමුත් වෙන්නේ ඒ පක්ෂවලට බලය,චන්ද දීමයි. එයින් ගම්‍ය වන්නේ මිනිස්සු ජාතිවාදයට කැමතී. එහෙම නේද ගොයියෝ?

:       0       1

anura Sunday, 12 February 2023 01:25 PM

එතකොට බම්බලපිටිය, වැල්ලවත්තට මොකද වෙන්නේ?

:       0       2

BamunuarachchiSunday, 12 February 2023 05:59 PM

බම්බලපිටිය, වැල්ලවත්ත, කොටහේන පොඩි පොඩි ෆෙඩරල් රාජ්‍ය වෙනවා...

:       2       2

saman Sunday, 12 February 2023 02:15 PM

ගෝඨාභය මැතිඳුන් එලවා දැමීමට අරගල කල කාලකණ්නි රටට වන අනාගත වුවදුරුවල වගකීම බාරගත යුතුයි.

:       1       1

චිරන්ත Sunday, 12 February 2023 05:30 PM

වුවදුරු කියලා ලියනවා මිස උවදුරු කියලා සාමාන්‍ය පෙළවත් සමත් කෙනෙක් නම් ලියන්නේ නැහැ. ඒ සමග කියන්න ඕනෑ... උ යන්න වචනයක මැදටත්, වු යන්න වචනයක මුලටත් යොදන්නේ නැහැ කියලා...

:       0       1

BamunuarachchiSunday, 12 February 2023 05:58 PM

රනිල් දෙමළුන්ට රට දුන්නොත් රැට්ටා, බෙට්ටා, බට්ටී අර වැදි කොල්ලා ගෝල්ෆේස් පිටියේම දංගෙඩියට ගෙනෙන්න ඕනේ...

:       2       3

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 81 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 39 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 238 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 57 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 149 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2088 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 330 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 615 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site