(කාංචන කුමාර ආරියදාස සහ ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද ජලාශයේ සිට උතුරු මැද පළාතට ජලය රැගෙන යාමට යෝජිත ඇළ මාර්ගයේ ඉදිකිරීම්වල අඩුපාඩු හා ක්‍රමවත්ව කඩිනමින් ඉදිකිරීම් නොකිරීම නිසා කොන්ත්‍රාත් සමාගම ඉවත් කිරීම නිසා එම ව්‍යාපෘතියේ කටයුතු අතරමඟ නතර වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
රුපියල් මිලියන 65000ක වියදමින් ඉදිකිරීමට යෝජිත මෙම ඇළ මාර්ගයෙන් මොරගහකන්දේ සිට මහකනදරාව වැව දක්වා ජලය රැගෙන යාම සඳහා කිලෝ මීටර් 95ක් දිගින් යුත් මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු 2020 වසරේ අවසන් වීමට නියමිතව තිබුණි.
මේ වන විට එම කොන්ත්‍රාත් සමාගම් සේවකයනට පඩිනඬි ගෙවා ගැනීමට නොහැකිව නිසා ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය ඉදිකිරීම් සඳහා ගෙනා යකඩ කපා පරණ යකඩවලට අලෙවි කරන බව මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය බාර ව්‍යාපෘති ඉංජිනේරු ඩී .එම් විජේරත්න මහතා පවසයි.
ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුල්ගල තබන ලදි.
උතුරුමැද පළාතේ ගොවි පවුල් අසූ දහසකට පමණ සෙත සැලසීම් සඳහා මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ හරහා ජලය සැපයීම මෙම ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ අරමුණවී තිබිණි.
මෙම ව්‍යාපෘතිය අතරමඟ නවතා දැමීම හේතුවෙන් ඇලහැර කලාපයේ වන සතුන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්වීමේ අවදානමක් පවතින බව ඇලහැර අඩවි වන නිලධාරී ඩබ්ලිව්.ඩි.බණ්ඩාරනායක මහතා පැවසීය.
වනජීවි කලාප මැදින් මෙම ඇළ මාර්ගයය උමං මාර්ගයක් ලෙස ඉදි කරමින් පැවති අතර ඇතැම් ස්ථානවල අඩි තිහක පමණ ගැඹුරු ඇල හාරා ඒවායේ වතුර පිරී තිබෙන අයුරු අපහට දැක ගැනීමට හැකි විය.
ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ප්‍රතිපාදන වෙන් කළ බව මහවැලි අධිකාරිය කියයි.
මොරගහකන්ද කළු ගඟ ජලාශ හා ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඩි.එම්. විජේරත්න මහතාගෙන් විමසීමේදී මෙසේ කියා සිටියේය ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම මේ වන විට ගිවිසුම් උල්ලංඝනය කර ඇති නිසා කොන්ත්‍රාත් සමාගම ඉවත් කිරීමට සිදු වුණා.
ඔවුන්ගේ සියලු ඉදිකිරීම් උපකරණ එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙසත් ඔවුන් රැගෙන විත් තිබූ යාන වාහන පමණක් මහවැලි අධිකාරිය බාරයේ රඳවා ගැනීමට පියවර ගත් බවද සඳහන් කළේය.
(ඡායාරූප ඉන්දික අරුණ කුමාර)
(ඡායාරූප කාංචන කුමාර ආරියදාස)
කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර
රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගාලු මුවදොර පිටිය උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්
බෙන්තොට, රජ මාවතේ ගමන් ගත් යතුරු පැදියක් කෝම්මල ප්‍රදේශයේදී දුරකථන රැහැන් කණුවක හැපීමෙන් පැදිකරු බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උතුරු මැදට වතුර දෙන්න ගිය ඉහළ ඇළහැර ඇළේ වැඩ අතරමඟ
Binkunndaa Monday, 26 July 2021 11:55 PM
දැන් සැපද