(දයාරත්න ඇඹෝගම)
මේවන විට උතුරු මැද පළාතේ ගුරු හිගය 2000ක් දක්වා වර්ධනය විමේ හේතුවෙන් පාසල් සිසුන්ගේ අධ්‍යාපනය බිදවැටි ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසිය.
අනුරාධපුර නගරයේ අද (20)දින පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව පැවසිය.
මෙම මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක්වු ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා මෙසේද පැවසිය.
උතුරු මැද පළාතේ පාසල් රැසකට ගණිතය,විද්‍යාව,තාක්ෂණික විෂය,ඉගැන්විම සදහා ගුරුවරුන්ගේ විශාල හිගයක් දක්නට ලැබෙනවා.ඒ වාගේම ප්‍රථමික අංශයේ ගුරු හිගයත් දැඩිව දක්නට ලැබෙනවා.
උතුරැ මැද පළාතේ පාසල් සදහා ගුරැවරැ 16,900 ක් ඉන්න ඔනේ.ඒ වුනාට ගුරැවරු ඉන්නේ 14,600 යි.මේ අතරින් සමහර ගුරුවරු වැඩ බලන විදුහල්පතිවරු ලෙසත් තවත් සමහර ගුරුවරුන් පිරිසක් ගුරු උපදේශකයන් ලෙසත් සේවය කරනවා.ඒ නිසා ඔවුන් ඉගැන්විමේ කටයුතු වලින් බැහැරවි සිටිනවා.
පළාතේ ගුරු හිගයට හේතු කිහිපයක්ම තියෙනවා.2019 වසරේ පළාතේ පාසල් සදහා ගුරුවරු 986 ක් බදවා ගන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවුනා.මහ භාණ්ඩාගාරයෙන් ඒ සදහා මුදල් පවා වෙන් කලා.නමුත් දේශපාලඥයන්ගේ කඹ ඇදිල්ල නිසා බදවා ගත්තේ නැහැ.
එවාගේම 2019 වසරේදි පළාතට විද්‍යාපීඨ ගුරුවරු 460 ක් බදවා ගැනිමට අනුමැතිය ලැබුනා.පළාතේ උපාධිදාරින් ගුරු සේවයට බදවා ගන්න ඔනේ කියලා විද්‍යා පීඨ ගුරැවරැ බදවා ගත්තේ180 යි.අන්තිමට උපාධිදාරි ගුරුවරු බදවා ගත්තෙත් නැහැ.ඉතිරි විද්‍යා පීඨ ගුරුවරු බදවා ගත්තෙත් නැහැ.
ඒ වාගේම මෙම වසරේ ගුරුවරුන් වයස හැට සම්පුර්ණ විම නිසා විශ්‍රාම යනවා.තවත් ගුරුවරුන් විශාල පිරිසක් පළාතෙන් වෙනත් පළාත්වලට ස්ථාන මාරු ලබා යනවා.ඒ නිසා තවත් 500ක් පමණ ගුරුවරුන්ගේ හිගයක් ඉදිරියේදි ඇති වෙනවා.
මෙම තත්වය අපි කල්තියා බලධාරින්ට පැවසුවා.එහෙත් ඔවුන් මුණිවත රකිනවා. උතුරු මැද පළාතේ පාසල්වල සේවය සදහා විද්‍යා පීඨ ගුරුවරු මෙන්ම උපාධිදාරි ගුරැවරැන් වැඩි පිරිසක් බදවා ගත යුතු බවද ලංකා ගුරැ සංගමයේ සභාපතිවරයා මෙහිදි පැවසිය.
මේ සම්බන්ධයෙන් අප පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය ගෙන් කළ විමසුමේදි ඇය මෙසේ පැවසුවාය.
ගුරැවරැන්ගේ හිගයක් තියෙනවා.විශ්‍රාම යන ගුරුවරු පිරිසත් වැඩියි.පුහුණු ගුරැවරැ අවශ්‍යයයි.ඒ නිසා විද්‍යා පීඨ ගුරුවරු පළාතට ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.ඉදිරියේදි තවත් ගුරුවරුන් පිරිසක් බදවා ගත යුතු බවද අධ්‍යක්ෂකවරිය මෙහිදි පැවසුවාය.
වරකාගොඩ කටුහේන බලිකන්ද ප්‍රදේශයේ හිටපු පොලිස්පතිවරයෙකුට අයත් බව කියන ඉඩමක වල දමා තිබූ ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් අද (30) උදෑසන සොයාගත් බව වරකාගොඩ පොලිසි
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාද
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක
ශ්රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
උතුරු මැද පළාතේ ගුරු හිගය වැඩි වෙයි
latha Tuesday, 21 July 2020 04:43 AM
ගුරු හිඟයක් එන්න ගුරුවරු පාසල් යන්න එපැයි.