IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


උතුරේ හර්තාලයක්

(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)

මුලතිව් , කොක්කුතුඩුවායි ප්‍රදේශයේ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩලබා දෙන ලෙස ඉල්ලා උතුරු පළාතේ වෙළෙඳ ව්‍යාපාරිකයෝ සිය ව්‍යාපාරික ස්ථාන වසාදමා අද හර්තාලයක නිරත වූහ.

හර්තාලයට සහය පලකරමින් උතුරු පළාතේ ධාවනය වන පෞද්ගලික බස්රථ , .ත්‍රීරෝධ රථ සහ වෙනත් පොදු ප්‍රවාහන සේවා ධාවනයෙන් ඉවත්ව සිටීම හේතුවෙන් පාසල් අධ්‍යන කටයුතු සහ පාසල් වෙත ළමුන්ගේ පැමිණීම අඩුවක් පැවති අතර ගමනා ගමන පහසුකම් නොමැතිවීමෙන් රාජ්‍ය ආයතනවලටද දැඩි බලපෑමක් එල්ලවිය.

යාපනය , මුලතිව් , කිලිනොච්චිය , මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්කයන් හි සියළු ව්‍යාපාරික ස්ථාන වසා දමා හර්තාලයට සහය පලකොට තිබූ අතර අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක විය.

කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා ජලසම්පාදන මණ්ඩලයේ සේවකයන් පිරිසක් පසුගිය ජුනි 29 වැනිදා බැකෝ යන්ත්‍රයකින් කාණු කපා ජල නළ එළීමේදී පොළව යට තිබී මිනිස් අස්ථි කොටස් හා හමුදා නිලඇඳුමකට සමාන ඇඳුම් කොටස් කිහිපයක් හමුවිය.

කෝකිලායි පොලිසිය මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයටතේ අදාළ ස්ථානයේ කැණීම් සිදුකළ අතර එහිදී මිනිස් අස්ථිකොටස් කිහිපයක් හා හමුදා නිලඇඳුමකට සමාන ඇඳුම් කොටස් කිහිපයක් සොයාගෙන තිබූ අතර එය යුද සමයේ මියගිය එල්.ටි.ටි.ඊ කාන්තා සෙබලියකගේ සිරුරක කොටස් බවට විමර්ශන නිලධාරීන් හදුනාගෙන තිබිණ.



අදහස් (2)

උතුරේ හර්තාලයක්

කිරිපුතා Friday, 28 July 2023 11:30 AM

ප්‍රංශෙ එක්කෙනෙක් එනවනෙ. මේවා කිට්ටිය පිලිගන්නෙ නෑ. මොකද කට්ටියගෙ මොල කොළ , රතු නිල් වැනි පාට පාට ගොම වලින පිරිලා

:       1       7

Senarath Friday, 28 July 2023 11:46 AM

මඩකලපුවේ හාරලා බැලුවොත් පොලිස් නිලධාරීන් 650 කගේ අස්ථි කොටස් සහ නිල ඇඳුම් අදටත් හමුවෙන්න පුළුවන්. ඒ වගේම උතුරේත් ඕනෑතරම් සිද්දි සිදුවුණා. ඒත් ඒ තරම් ප්‍රසිද්ධියක් නොලැබුණාට ... එදා පැවැති රජයන් වුණත් ඒ වගේ සිදුවීම් වලට ප්‍රසිද්ධියක් දුන්නේ නැහැනේ... රටේ ජනතාව කුපිත වෙලා කලබල සිදුවන නිසා... යුද්ධය 2009දී ඉවර වුණේ නැතිනම්, ඔය කෑ ගහන කට්ටියෙන් කී දෙනෙක් එල්.ටී.ටී.ඊ. එකෙන් මැරුම් කාවිද?

:       0       12

ඔබේ අදහස් එවන්න

දියත

’’මාන්නප්පෙරුම ජනපතිවරණයෙදි වැඩ කළේ නෑ’’
2024 ඔක්තෝබර් මස 15 0 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කළ යුතුයි කියන මතයේ සිටි බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජය


නඩු භාණ්ඩ භාරකරුගේ දුරකථන - බැංකු වාර්ථා කැඳවයි
2024 ඔක්තෝබර් මස 15 37 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භ


වැස්ස ක්‍රමයෙන් අඩු වෙයි
2024 ඔක්තෝබර් මස 15 236 0

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


නිදහස් උළෙල සංවිධානයට මෙහෙයුම් කමිටුවක්
2024 ඔක්තෝබර් මස 15 908 0

77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


IMF වැඩපිළිවෙල නිසා සුබ වාදී වෙමු
2024 ඔක්තෝබර් මස 15 135 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාව


ඩෙංගු හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 15 66 0

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 472 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 463 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1456 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site