IMG-LOGO

2024 දෙසැම්බර් මස 20 වන සිකුරාදා


උත්සය සමයේ ආරක්ෂාවට 40000 බල ඇණියක්

(ගයාන් සූරියආරච්චි)

නත්තල් උත්සවයට සමගාමීව දේවස්ථානවල සහ ආගමික ස්ථානවල ආරක්ෂාව සදහා දිවයින පුරා පොලිස් නිලධාරීන් 40,000 ක් පමණ යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

බස්නාහිර පළාතට පමණක් පොලිස් නිලධාරීන් 6500 ක් පමණ යෙදවීමට නියමිත අතර ගැට කපන්නන් අත්අඩංගුවට ගැනීම සදහා සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 500 ක් යොදවා ඇති බවද මනතුංග මහතා කීය.

රථවාහන තද බදය නතර කිරීම සදහා කොළඹ නගරයේ පමණක් රථවාහන හැසිරවීමට පොලිස් නිලධාරීන් 600 ක් පමණ යොදවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

උත්සව සමයේ ඇදුම් පැළදුම්, බඩු බාහිරාදිය මිලදී ගැනීමට යාමේදී තමන් සතු මුදල්, ජංගම දුරකතන, රන්භාණ්ඩ ඇතුළු දේපොළ පරිස්සම් කරගන්නා ලෙසත් මෙම කාලසීමාව තුළ ගැට කපන්නන් සහ සොරුන් නිතර ජනතාව ගැවසෙන ස්ථානවල සැරිසරන බවත් බුද්ධික මනතුංග මහතා පැවැසීය.

 



අදහස් (1)

උත්සය සමයේ ආරක්ෂාවට 40000 බල ඇණියක්

Niranga Friday, 20 December 2024 03:57 PM

පොලිසියේ වැඩිපුර හොරු ඉන්නේ...!

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

අඹුසැමි යුවළට වෙඩි:සැමියා මරුට
2024 දෙසැම්බර් මස 20 284 0

ගාල්ල දඩල්ල කනත්ත අසලදි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අඹු සැමි යුවලකට මීට සුව වේලාවකට පෙර එල්ල කළ වෙඩි පහරකින් සැමියා එම ස්ථානයේම මියගොස් තුවාල ලැ


ජනපතිවරණයට පෙර අනුර ඝාතන තැතේ විමර්ශන තවදුරටත්
2024 දෙසැම්බර් මස 20 8 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපතිවරණයට පෙර ප්‍රහාරයක් එල්ලකර ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිස් විමර්ශන තවදුරටත් සිදුකරන බව


කළුතර හෝටලයක වෙඩි තැබීමක්
2024 දෙසැම්බර් මස 20 414 0

කළුතර සංචාරක හෝටලයක ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇතිවීමට ගිය ගැටුමක් පාලනය කිරීම සඳහා හෝටලයේ උසස් නිළධාරියෙක් අහසට වෙඩි ප්‍රහාර


ජනපති මල්වතු - අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2024 දෙසැම්බර් මස 20 419 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


“ජනාධිපති එට්කා ගිවිසුමට අත්සන් කළේ නෑ“
2024 දෙසැම්බර් මස 20 488 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී එට්කා ගිවිසුමට අත්සන් නොතැබූ බවත් එට්කා පිළිබඳව මෙතෙක් ඇති වී තිබෙන එකඟතාවන් තවත් සාකච්ඡාවලට භ


ඔලිම්පික් කමිටුව වෙනුවෙන් ක්‍රීඩා ඇමති ඉදිරිපත්වෙයි
2024 දෙසැම්බර් මස 20 329 0

ජාතික ඔලිම්පික් කමිටුව මුහුණ පා ඇති වත්මන් අර්බුදයට ඉක්මන් විසඳුමක් ලබා ගැනීම සඳහා කඩිනමින් මැදිහත් වන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (20


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 7 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 14 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site