IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


උතුර දකුණ එකතු කරන දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා

(අංජුල මහික වීරරත්න)

උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර  යන සියළු පළාත් එකතු කරන දේශපාලන සංස්කෘතියක් ඇති කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව  මාධ්‍ය අමතමින් පැවසීය.

මහ මැතිවරණයට අදාලව  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  මරදාන පංචිකාවත්ත අබේසිංහාරාමයේදී අද (14) පෙරවරුවේ සිය ඡන්දය  ප්‍රකාශ   කළේය.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයට ශක්තිමත් පාර්ලිමේන්තු නියෝජනයක් ලැබෙනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව සඳහන් කළේය.

ජනතාවාදී අණ පනත් සම්මත කළ හැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක්  ගොඩ නැඟීම තුළින් මේ රට නව දේශපාලන සංස්කෘතියක් සහිතව ඉදිරියට ගෙන යා හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර  යන සියළු පළාත් එකතු කරන දේශපාලන සංස්කෘතියක් ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ඇති  කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ රට තුළ ඇති කළ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉදිරියේ පැවැත්වෙන සියළු මැතිවරණවලදීත් ජනතාව අපේක්ෂා කරන බවද මැතිවරණ ඉතිහාසයේ සාමකාමී මැතිවරණ ව්‍යාපාරය ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ජනතාව අත්විඳි බව ද පැවසූ ජනාධිපතිවරයා එය මෙරට දේශපාලන සංස්කෘතිය බවට පත්විය යුතු බව   ප්‍රකාශ කළේය. 

(ඡායාරූප: ගයාන් අමරසේකර)




අදහස් (0)

උතුර දකුණ එකතු කරන දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා

ඔබේ අදහස් එවන්න

දියත

පුත්තලම තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 61 0


බදුල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 191 0


රත්ගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 148 0


යාපනය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 960 0


වන්නි තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 385 0


හබරාදූව ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 537 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 239 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 560 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1671 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site