IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


උද්ඝෝෂකයන්ට ජනපතිගේ ආචාරය

(ඩයනා උදයංගනී)

විරෝධතාකරුවන් පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාල භූමිය තුළට නිදහසේ පැමිණ විරෝධත‍ාවය දැක්වීමට අවස්ථාව අද (16) හිමිවිය.

මෙවැන්නක් සිදුවූයේ ඉතිහාසයේ පළමු වරට බව එහි සිටි වෘත්තීය සමිති නායකයෝ පැවසූහ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා ඇතුළු නිරෝධායන කඳවුරුවල රඳවා සිටින වාත්තීය සමිති නායකයින් සහ සමාජ ක්‍රියාකාරිකයින් වහා නිදහස් කරන ලෙසත් නිරෝධායන මුවාවෙන් සිදුකරන මර්ධනය නතරකරන ලෙසත් ඉල්ලා 'ආණ්ඩුවේ මර්ධනයට එරෙහි වාත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව' කොළඹ ගාලු මුවදොර පිහිටි උද්ඝෝෂණ සදහා වූ වෙන් කළ ස්ථානයේ රැස්වී පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි අතර එහිදී ඔවුන්ට බාධාවකින් තොරව එම කාර්යාල භූමියට ඇතුළුවී‍මේ අවස්ථාව හිමිවිය.

වෙනත් දිනවල විරෝධතාකරුවන්ගේ ගමනට බාධා කරමින් යොදවන මාර්ග බාධක, පොලිස් වැටවල් යොදා නොතිබූ අතර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් පැමිණ විරෝධතාකරුවන්ගේ අවශ්‍යතාවය විමසා සාකච්ඡාවකට අවස්ථාව ලබාදෙන බව දැනුම් දුන්හ.

ඉන්පසු විරෝධතාකරුවන් විරෝධතා බැනරයක් ද රැගෙන ජනාධිපති කාර්යාල භූමියට ඇතුළු වී එහි අමුත්තන් ඇතුළු කරගන්නා ස්ථානය දක්වාම පැමිණි අතර එතැනදී පොලිස් නිලධාරීන් මැදිහත් වී ඔවුන්ට සංදේශයක් භාරදීමේ අවස්ථාව ද උදා කරදෙනු දක්නට ලැබිණි.

එම අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ජනාධිපති ගෝ්‍ඨාභය රාජපක්ෂ මහතා ද විරෝධතාකරුවන් අසලදී තම රථයේ වීදුරුව පහත් කර ඔවුන්ට අත වනමින් ගමන් කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් එම කාර්යාලයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත වී එම නිලධාරීන් සමඟ ඉන් පිටතට පැමිණ ඔවුන් වෙත සිය සංදේශය භාරදුන් අතර වෘත්තීය සමිති නායකයින් වන සමන් රත්නප්‍රිය ,වසන්ත සමරසිංහ, ඇතුළු ක්‍රියාකාරිකයින් රැසක් මෙයට සහබාගි වූහ.

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (31)

උද්ඝෝෂකයන්ට ජනපතිගේ ආචාරය

කිරිප්තා Friday, 16 July 2021 02:05 PM

බාලයින් සෙල්ලම් කරනකොට වැඩිහිටියන් ඔවුන් දිහා බලාගෙන සිනාසෙනවා..

:       3000       3846

PrabaFriday, 16 July 2021 04:18 PM

කවුදෝ දෙන්නෙක් තරඟෙට ලයික්, ඩිස්ලයික් දානවා...

:       315       343

VithanaSaturday, 17 July 2021 02:30 PM

අන්තිමේදි සමහර වැඩිහිටියන්ට සිද්ද වෙනවා බාලයින්ට අවනත වෙලා දඩබ්බරකම් අඩු කරගන්න...

:       10       22

Senevi Friday, 16 July 2021 02:10 PM

හිනාවෙවී අත වැනුවට හිතේ තියෙන දේ ගැනනම් හිතන්නත් බයයි...

:       1523       1041

gunarathnaFriday, 16 July 2021 03:36 PM

පිට් පොකට් කාරයා පොලිස් නිල ඇඳුමක් වැටක වනලා තිබ්බත් බයයිලු.. ගෝඨාභය හිනාවුණත්, ඇඬුවත් මේ අය බයවෙනවා.

:       978       830

arunashantha Friday, 16 July 2021 05:01 PM

මේ සහෝදරයින් තමයි මුළුරටම පික්පොකට් ගැහුවේ...

:       658       874

RanjiFriday, 16 July 2021 07:40 PM

ඉතිහාසය හොඳහැටි දන්නා නිසා බය හිතෙනවා මිසක් වෙන කාරණාවක් නිසා නොවේ වෙන්නත් පුළුවන්...

:       0       44

මුණසිංහ Friday, 16 July 2021 02:20 PM

ඊට වඩා නරකද රත්නප්‍රිය ඇතුළු පිරිසට තමන්ගේ අතින්ම කම්මුලට දෙකක් ගහ ගත්තා නම්...! වෘත්තීය සමිති සටන් කලාව එහෙම පිටින්ම පාච්චල් කළා. සමච්චලයට ලක් කළා. මෙවැනි වෘත්තිය සමිති රටට විතරක් නෙමේ වාමාංශික ලෝකයටම නිගාවක්...

:       2261       3583

V8 Friday, 16 July 2021 03:06 PM

මේ ඉන්නේ දේශ මාමක, ජාති හිතෛෂී, කම්කරු නායක "පැජරෝ රත්නප්‍රිය" . මුන්නැහේට මේ පාර හෙලිකොප්ටරයක්වත් ගන්න හිතිලද? ජවිපෙ කාරයින් නම් ඉතින් කැට අල්ලන්න කොල්ලෝ හොයාගන්නයි, තමාටත් දේශපාලන පක්ෂයක් තියෙනවා කියලා පෙන්වන්නත්, රට ඉන්න අයගෙන් ලැබෙන පිං පඩි ටික ගන්නයි... ඔක්කෝටම එක්ක එළියටම බැහැලා...

:       1081       2038

සමිත සේනක අලුත්ගමගේ. Friday, 16 July 2021 03:27 PM

ආචාරයට ස්තූතියි. ඒත් ආචාරය විතරක් මදියි. මේ ජනතා අයිතියට ගරු කරන්න. ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකරන්න...

:       39       594

gunrathnaFriday, 16 July 2021 03:42 PM

මෙතන තියෙන්නේ ජනතා ඉල්ලීම් නෙවෙයි.. ගුරුවරුන්ගේ ඉල්ලීමත් නෙමෙයි. වෘත්තීය සමිති කාරයින්ගේ ඉල්ලීම්... ජනතාවගේ ඉල්ලීම තියෙන්නේ ගුරුවරුන්ගෙන් දරුවන්ට ඉගැන්වීම... ජනතාව කියන්නේ නැහැ ස්ටාර්ලින්ව එළියට දාන්න කියලා..

:       1068       804

සමිත සේනක අලුත්ගමගේ.Friday, 16 July 2021 06:10 PM

එහෙනම් ජනතාව කිව්වද ඇතුලට දාන්න කියා. ජනතාව කිව්ව නිසා වෙන්නැති ඇතුලට දැම්මේ. වෘත්තීය සමිති වැඩ වලට විරුද්ධව අපත්, අදහස් පළකොට තිබෙනවා. ඒ වුණාට මේ මිනිසුන්ව, මේ ඇතුළත දැම්මේ නිරෝධායන නීතිය දඬුවම් නීතියක් කරගෙන. දේශපාලනයට ගැතිකම් කරනා අයට විනිවිද භාවයෙන් පේන්නේ නැහැ. ඔවුන් නිතරම සිතන්නේ, තමන්ගේ පැත්ත කියනා කරනා දේ තමයි නිතරම හරියි කියලා. අනිත් හැමදේම, හැමදෙනාම වැරදියි කියලා. ඒක පුහුදුන් මිනිස් ස්වභාවය.

:       1123       1011

විජිත් Friday, 16 July 2021 04:48 PM

මේ බොරු සෝබනයක් පමණයි. මේ සියලුම (අ) "මානුෂිය" මුහුණුවරක් ඇති ආණ්ඩුවේ වැඩ පිටුපස තියෙන්නේ ලේ පෙරාගත් මිනීමරු, අසික්කිත, මෝඩ, ලේ පිපාසයෙන් පෙලෙන එකාධිපතියෙකුගේ ගරා වැටෙමින් ඇති පිළිරුවක් පමණයි. මුළු ලෝකයම අපේ රට සලකන්නේ හිඟන මිනීමරු පාලක පවුලක් විසින් බලෙන් පාලනය කරන බන්කොළොත් වුණු රටක් විදිහටයි. පාලකයින් පන්නා දමන්න කෙලින්ම විදේශීය රටවලට බැහැ. ඒ නිසා ඒ අය නොයෙකුත් සම්බාධක දමනවා. සම්බාධක ඉවසාගන්න බැරි රටේ දුප්පත් ජනතාව පෙරට ඇවිත් කාලකන්නි මුස්පේන්තු දේශපාලුවන්ව මහා පාරේදීම "අපායට යැවීමේ" ක්‍රමවේදය පටන් ගනීවි අද හෙටම. සමහරවිට ආණ්ඩුව හමුදාව යොදවා මේ පිරිස් පාලනය කරන්න බලයි. වැඩිම වුණොත් 20ක් 25ක් විතර මැරුම් කයි. නමුත් අන්තිමට හමුදාව අනිවාර්යයෙන්ම ජනතාවගේ පැත්ත අරගෙන තුවක්කුව මේ දුෂ්ඨ පාලකයින් දෙසට හරවනවා. ලෝකයේ හැමදාමත්ම සිදුවුනේ මේ සත්‍යයි. මේ රැල්ල තව මාස දෙක තුනකින් මහා මුහුදක් වී රට පාවාදුන් දුෂ්ට පවුල ඇතුළු ඔවුන්ගේ වහල්ලුන් විනාශ කරන බලවේගයක් වේවි. මර්දනකාරී දූෂිත, මිනීමරු රජයට විරුද්ධව උද්ඝෝෂණ කරන මහත්වරුනේ ඔබලා " ශ්‍රේෂ්ටයි "....!!! මගේ ආචාරය ඔබ සැමට...

:       2135       2075

Jude perera Friday, 16 July 2021 03:37 PM

කපන්න බැරි අත ඉඹිනවා වගේ... !!!

:       145       261

Raveendra Friday, 16 July 2021 04:20 PM

පඹයෙක්ගෙන් ඊට වැඩිදෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

:       1816       1681

Thilina Friday, 16 July 2021 04:45 PM

මගේ අදහස වෙනස්.. ඇත්තටම මොවුන්ට රට ගැන පොඩි හරි හැඟීමක් තිබ්බා නම් කවදාවත් උද්ඝෝෂණ කරන්න පෙළඹෙන්නේ නැහැ. මුළු රටම වසංගතයකට මුහුණ දෙන මේ වෙලාවේ.. කොහොමද මේ විදිහට රටක් ගෙනියන්නේ..? අඩුම ගානේ රටට ආයෝජකයෙක් එන්න දෙනවද මේ ජරා දේශපාලනය නිසා.. අපිට රට ඉස්සරහට දුවන්න ඩොලර් ඕනේ.. ඒත් මේ ඉල්ලන ඉල්ලීම් දිහා බැලුවාම පේන්නේ මේ රට තවතව අගාධයකට යන එක විතරයි. ගුරුවරු විතරක් නෙමෙයි රජයේ සේවකයින් අති බහුතරයක් හිටියේ ගෙදර පහුගිය කාලේම.. කොහොමද රටට ආදායම් එන්නේ..? ඒත් පඩි වැඩි කරන්න දීමනා ඉල්ලන්න තරම් මොවුන් කුහක වුනේ කොහොමද? අපි පුද්ගලික අංශයේ රස්සාව කළා වසංගතය තිබිලත්.. ඒත් අපේ යම්යම් කප්පාදු කළා ආයතනය පාඩු නිසා.. අපි ඒකට මුහුණ දුන්නේ ආයතනය පවත්වාගෙන යන්න අවශ්‍ය නිසා.. ඒත් මේ වගේ කුහක මිනිස්සු රටක ඉන්නකම් කවදාවත් මේ රට ගොඩගන්න බැහැ.

:       334       506

Narada Friday, 16 July 2021 04:57 PM

අනිත් අය හරි.. පැජරෝ අය හැර...

:       47       221

chithral Friday, 16 July 2021 05:03 PM

බයවෙලා වගේ....

:       91       162

Rata Perata Friday, 16 July 2021 05:27 PM

නියම සංදර්ශන. බයියන් නියමෙට චූන් වෙයි.

:       209       320

ජනක Friday, 16 July 2021 05:30 PM

හොඳ නළුවෙක්... දැන් ප්‍රශ්නය ඉවරයි.

:       113       75

sunil Friday, 16 July 2021 05:33 PM

ජනපතිගේ ප්‍රතිචාරය පොලිසියටත්, චණ්ඩි විදිහට කට ගහන පොලිස් ඇමැති, මාර්ග ඇමති, මාධ්‍ය ඇමති සහ අනෙකුත් අවශේෂ ඇමතිලාටත් පාඩමක්... ඒ ගොල්ලෝ කතාකරන්න වත් දන්නේ නැහැ. කට නිසා මාලුවා නසින සේ මෙවන් ඇමතිලා නිසා මිනිස්සු කුලප්පු වීමෙන් ජනතා අප්‍රසාදය තීව්‍ර වෙනවා..

:       83       137

ඉමාෂ Friday, 16 July 2021 06:27 PM

ඔළුව අතගාලා ටොක්ක අනින්න වගේ යන්නේ..

:       0       2

මහකන්දේ විජිතසිරි හිමි Friday, 16 July 2021 06:54 PM

ගුරු හොරුනම් උගන්වන එකක් නෑ. නමුත් ගුරු උතුමන් උගන්වනවා.

:       13       2

Koka Friday, 16 July 2021 08:43 PM

හිනාවෙලා අත වනාගොස් නිරෝධනය වෙමින් සිටි පිරිස නියමිත දිනට පෙර නිදහස් කිරීමෙන් තැබූ කකුලක් පිටිපස්සට ගැනීම හොඳයි.

:       1       5

dfsdfsfsdf Friday, 16 July 2021 11:01 PM

කොහොමද ඒක..?

:       1       1

බද්රානි Saturday, 17 July 2021 12:25 AM

අවශ්‍ය තැනදී නැට්ට බඩ යට ගහගෙන ඉඳලා.. අනවශ්‍ය තැනදී නැට්ට කෙළින් කරගෙන දඟලන මේ දේශපාලන විගඩම් කාරයින්ට අඩු තරමේ මඩු වලිගයෙන්වත් සලකන්න ඕනෑ. මේ විපරිත නඩය සිටින තාක්කල් මේ රටට ගොඩ ඒමක් නැහැ.

:       38       92

සෙනෙවිරත්න Saturday, 17 July 2021 01:14 AM

රාජපක්ෂවරු විතරද දේශමාමක? සහෝදරවරු සහ පුතණ්ඩියන් හරිම දේශමාමකයි නේද? කරපු කෙරුවාවල් වල මහිමයෙන් රටට තෙල් ටිකවත් ගෙන්නන්න බැරි වෙන තැනට ඇවිත්... තවම ජෙප්පන්ට බැනලා හිත හදාගන්න. වහල්ලු තම ස්වාමීන්ට බනින සිරිතක් නැහැ...

:       8       37

Demuni Uduwara Saturday, 17 July 2021 03:07 AM

මම ලසන්තවත් නැවත එකතු කරගත්තා..!

:       1       34

Vithana Saturday, 17 July 2021 02:34 PM

මුලු රටම වර්ජනයට කැඳවනවා කිව්වාම ඉබේම සැලියුට් ගැහුණා...

:       63       36

fairoos Sunday, 18 July 2021 02:25 PM

වැඩබැරි සර් ඉතිහාස ගත වෙලා ඉවරයි. සිරිසේන අවුරුදු 04න් පස්සේ තමයි හොඳම විහිළු කාරයා වුණේ..

:       104       56

බද්රානි Friday, 23 July 2021 12:50 AM

අපේ ජනාධිපතිතුමා, ගුරුවරුන් වැනි වියත්තු දෙස බලා කටින් සිනාසුණාට වඩා පිටිපස්සෙන් සිනාසෙන විට අමුතු ලස්සනක් තියනවා කියලා තමයි මට නම් හැඟෙන්නේ... අනේ ජනාධිපතිතුමනි, දොස්තරලා දෙස බලලාත් ඒ විදිහටම හිනාවෙන්නකෝ...!!! 

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1493 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1320 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2066 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2387 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 564 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1138 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35893 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site