IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


උද්ඝෝෂණ සංවිධායකයන්ට වැඩ වරදී

(සුජිත් හේවාජුලිගේ )

සෞඛ්‍ය නීති කඩකරමින් උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සංවිධායකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක්  අරඹා කරුණු සොයා බලා ගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

සමගි ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් විවිධ ප්‍රදේශවලින් කැදවූ ජනතාව සහභාගි කරවා ගෙන කොළඹදී අද පැවැත්විණ.

මේ අතර උද්ඝෝෂණ රැස්වීම් සහ  ජන ඒකරාශී වීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් පෙරේදා (15) නිකුත් කරනු ලැබීය. මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ එම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය  නිකුත් කිරීමෙන් පසුවය



අදහස් (24)

උද්ඝෝෂණ සංවිධායකයන්ට වැඩ වරදී

හසිත Tuesday, 16 November 2021 08:33 PM

දහසය වෙනිදා උද්ඝෝෂණය සංවිධානය කලේ සතියක් තිස්සේ, ආණ්ඩුව බයවෙලා පහළොව රෑ උද්ඝෝෂණ තහනම් කරනවා. අන්තිම අසාධාරණයි.. හෙන ගගහ වහින්නේ ඒකයි... කොවිඩ් වයිරසය ආණ්ඩුවට ආශිර්වාදයක්... මේ ආණ්ඩුව සදාකාලික නැහැ. ලැජ්ජයි කරන මර්ධනය...

:       23       117

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 16 November 2021 10:02 PM

තල්දූව මහත්තයා නීතිඥ වරයෙකු වෙලත් රටක ජනතාව සතු උද්ඝෝෂණය කිරීමේ අයිතිය ගැන නොසිතන්නේ ඇයි .. ? පාලක පක්ෂයේ අයගේ රැස්වීම් උත්සව වලදී සෙනඟ ගැවසීම් ගැන නැති නීති රීති විරුද්ධ අදහස් දරන්නන්ගේ වැඩ කටයුතු වලදී පමණක් තිබීම, නීතිය සැමට පොදු විය යුතුය යන දේ පෙන්නුම් කරන්නේ නැහැ නේද ?

:       14       92

PereraWednesday, 17 November 2021 01:41 AM

මේ අය රජයේ පොලිසියේ සේවය කරන අය නොවේ.

:       1       5

ErangaWednesday, 17 November 2021 07:14 AM

අපිට නම් ඔය උද්ඝෝෂණය වගේම කඨින පිංකම් එහෙමත් පේන්නෙ මේ වෙලාවෙ නොකරන්න ඕන දේවල් විදියටම තමයි. හැබැයි ඔය මහත්මයාට එහෙම නොවෙනව ඇති කඩේ යන පිළ අනුව.. තමන්ගෙ නංගිගෙ හොර සල්ලි අහු උනාම රාජපක්ෂලාගේ කකුල් දෙක ලග වැටිල වැඩේ ශේප් කර ගත්ත ඩීල්දාස කෙනෙක් කොහොමද මහත්තයෝ රටේ මිනිස්සුන්ට සාධාරණත්වයක් කරන්නෙ??? පත හෑලි ලියාගෙන කඩේ යන්න කලින් පොඩ්ඩක් මතක් කරගෙන ඉන්න.

:       4       13

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 17 November 2021 03:07 PM

ඔබතුමාගේ මිනුම් දන්ඩෙහි සාක්ෂරතාවේ අඩු ලුහුඬුකම් වලට මා කුමක් කරන්නද ? මා කිසිවෙකුට කඩේ ගොස් නැහැ. මට කොයි දේශපාලනයත් එකයි. මගේ ඒ අය ගැන පිළිගැනීමක් නැහැ. ඔබතුමා කඩේ යන පක්ෂයට වැදී ඇති නිසා තමයි මේ හැසිරීම. අනික, මා ලියා ඇත්තේ පල් හෑලි නොවේ. අර්ථවත් ස්වල්පයකි. නීතිය ගැන දැනීම අඩු සාක්ෂරතාව අඩු අයට එය නොතේරීම ගැන කුමක් කරන්නද ?

:       0       1

සමන් Tuesday, 16 November 2021 10:22 PM

මට හිතෙන්නෙ මේ රබර් බොලේ හුගක් කල් යට තියන් ඉන්න බැහැ. සමාජය තුල ඇසෙන කියන කතා අනුව රජයේ අසාර්ථකත්වය ගැන මිනිසුන් තුල තියෙන්නේ දැඩි කලකිරීමක්. මෙතෙක් සියලුම ගැටළු සදහා දුන් ප්‍රවිෂ්ට අන්තිම නෙමේරු ප්‍රවිශ්ටයන්. මර්ධනය දැන් යල් පිනු ක්‍රම වේදයක් . මන් හිතන්නේ නැහැ හුගක් කල් ඔය මර්ධනයෙන් පාලනය කල හැකියි කියා.. අද ඇත්තටම හැමතැනම යුද්දෙකට වගේ පොලිසිය දැක්කම පුදුම අප්‍රසන්න බවක් දැනුනේ. කොවිඩ් වලට වැහිලා අපි කොච්චර නම් කලක් ඉන්නද?

:       8       85

ගමේ එකාලා Tuesday, 16 November 2021 10:22 PM

උද්ගෝෂණය එක රැයෙන් පටන් ගත්තෙ නැහැ. කල්තියාම කියලා තිබුනා .දුශිත බලලෝබි බඩගොස්තරවාදියෝ හොදටම බයවෙලා කඩිමුඩියේ නීතියක් ගෙනවා. ඒක මුලු රටම දන්නවා .

:       12       82

ප්‍රේමසිරි Tuesday, 16 November 2021 10:33 PM

විවිධ ප්‍රදේශවල ජනතාවට බාධා කර පැමිණීම අඩුකර තිබියදී පැමිණි පිරිස් දුටුවෙක් ඔහොම කියන්නෙ නැහැ.

:       10       79

Senevi Wednesday, 17 November 2021 12:05 AM

කටින පිංකමට ඔය නීතිය බලපාන්නේ නැද්ද? එතනත් සැහෙන සෙනඟක් හිටියා දැක්ක. ඒකයි ඇහුවේ.

:       11       74

පිටිගල මිලානෝ Wednesday, 17 November 2021 02:33 AM

බන්කොලොත් ආන්ඩුව....

:       2       8

Demuni Uduwara Wednesday, 17 November 2021 03:36 AM

මාධ්‍ය ප්‍රකාශක තුමනි, අපි එක රටක්-එකම නීතියට ගරු කරමු. ඒ අනුව සංවිධායකයින්ට සහ සහභාගිවන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. විහිළු නොකරන්න!

:       0       4

ranjith Wednesday, 17 November 2021 04:09 AM

පොදු ප්‍රවාහනයේ මිනිස්සු පොල් පටවනවා වගේ අරන් යන්නේ බස් වල මෙහෙම යනකොට කොරෝනා බෝ වෙනේ නැතිද.?

:       1       3

මසිරිපාල Wednesday, 17 November 2021 06:54 AM

සෙනෙවිගෙ සටහන ගැන කියන්න වෙන්නෙ කොවිඩ් නැත්නම් කොරෝනා හැදෙන්නේ විපක්ෂයේ අයගෙන් පමණක් මිසක් රජය කරන උතුමන්ගෙන් නොවේ කියලයි.

:       0       4

Missi Wednesday, 17 November 2021 07:54 AM

උද්ඝෝෂණ සංවිධායකයෝ ඒවා කෙරෙව්වේ අපිට ආදරයකට නෙවෙයි එයාලගේ බලය ලබාගැනීමේ පියවරක් හැටියට. අන්තිමට වුණේ සජිත් එයා බලයට ආවාම දූෂිත නොවෙන ආන්ඩුවක් හදනවා කිව්ව ඒක විතරයි. ඒත් ඔය.දැන් ඉන්න ගොඩෙත් අර්ජුන් ඇලෝසියස් ගෙන් මිලියන ගණන් ගත්තු අජිත් පෙරේරා සරත් ෆොන්සේකා එහෙම ඉන්නවා. ඒ අය කියන්නේ ඡන්ද වැඩට දුන්නේ ඔවුන් දන්නේ නෑ කියලා. ඉතින් කොහෙද දූෂණය නැතිවෙන්නේ. සජිත්ට තනියෙන් ආණ්ඩු කරන්න තමයි වෙන්නේ. අනිත් එක, බලන්න ඔය පින්තූර සහ වීඩියෝ දිහා. කියෙන් කී දෙනෙක් සෞඛ්‍යාරක්ෂිත ලෙස ඉන්නවාද. තව සුමානයක් සහ සුමාන තුනක් විතර යනකොට ඔය කී දෙනෙක් කොරෝනා හදාගෙන ඉවර වේවිද? සජිත්ට ඒවා වැඩක් නෑ. එයාටත් ඕන බලය ගන්න විතරයි.

:       8       3

Rohana Wednesday, 17 November 2021 08:23 AM

දැන් ආණඩුකරන අය විපක්ෂයේ සිටියානම් රටේ ජනතාව මෙවැනි අභාග්‍ය සම්පන්න අවස්ථාවකට මුහුන දුන්නානම් බලය සදහා මේවගෙ උද්සෝෂන කරන්නේ නැද්ද? අවංකව කියන්න. උද්ඝෝෂන ඇතිවක්නේ ආණ්ඩුවේ වරදින් ජනතාව හෙම්බත්වනවිට මිස ආසාවට නොවෙයි. ඒ නිසා ඔය නීතිමය ක්‍රියාමාර්ග වලින් අවසානයේ හැමෝටම නිදහස ලැබෙන එක විතරයි වෙන්නෙ. හේතුව වර්තමානයේ ඇති මේ අදක්ෂ ආණ්ඩුව පලවා හැරීමට ජනතාව පෙල ගැසෙන නිසයි.

:       1       10

sharm warn Wednesday, 17 November 2021 08:51 AM

රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන දේවල් වලදී මොන නීතියක් වත් නැහැ .ප්‍රේමදාස ඇන ගත්ත විදියටම ගොටභයත් ඇන ගන්න වගේ යන්නේ .බලමු

:       0       6

dinuka Wednesday, 17 November 2021 09:07 AM

මිස්ටර් තල්දුව, ඔබ නීති විරෝධී ලෙස මිනිසුන් අල්ලන්න ගියොත් වෙනත් රජයක් යටතේ ඔබට අනිවාර්යයෙන්ම ජම්පර් අන්දලා කුඩුවේ ලගින්න වෙනවාමයි. ගරු අධිකරණයෙන් ස්ථිරවම දැන්වුවා උද්ගෝෂණ නවත්වන්න ආණ්ඩුක්‍රම වියවස්ථාවට විරුද්ධයි කියලා. ඒ ගරු අධිකරණය. මේ රටේ සියලු දෙනාම නීතියට යටයි. එතකොට ඔබ කියන්නේ ඔබ අධිකරණයටත් වඩා ඉහලින් ඉන්නේ කියලාද..? ටිකක් ප්‍රවේශමෙන් වැඩ කරන්න. ඔබ අමාරුවේ වැටුනාම රාජපස්සලා එන්නේ නැහැ ඔබව බේරාගන්න. ආණ්ඩුව වැටුන ගමන් ඒ හොරු පනබෙරාගෙන හොරාකාපු සල්ලිත් අරගෙන කොහෙට හරි චීනෙට හරි ,රුසියාවට පනිවි. අනිත් දියුණු රටවල්වලට ගියොත් ඒ වෙලාවෙම ඒගොල්ලන්ව කුඩුවේ දමනවා කියලා දන්නවා.

:       0       10

mohomed agarapatana Wednesday, 17 November 2021 09:10 AM

අපි වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටකට මර්ධනය හරි නැහැ.

:       0       6

80 ජූලි වර්ජකයෙක්Wednesday, 17 November 2021 02:43 PM

ඔය හරි, ඒත් පුතේ, සජිත්ගේ තාත්තා මර්ධනය ගෙනිච්චේ රොනී ගුණසිංහ සහ ගෆූර් වගේ පොලිසියේ ලොක්කන් දම්මලා කෙලින්ම පෙළපාලි කරුවන්ට ගස්සලා. විවියන් ගුණවර්ධන මහත්මිය කොළඹදි පාරදිගේ බිම ඇදගෙන ගියෙත් ඔයාලගේ සජිත්ගේ තාත්තා පොලිසිය යොදා මර්ධනය කරනකොට. ඔයාලා පොඩි අය නම් ඒවා නොදන්නවා ඇති. හැබැයි සජිත් නොදැන ඉන්න බෑ එයාගේ තාත්තා පොලිසිය විතරක් නෙමෙයි පාතාලයෝත් දාලා මර්ධනය ගෙනිච්චා හැටි. ඊයේ කොළඹදි අඩු ගානේ එහෙම දේ වුණේ නෑ.

:       0       0

පුටු පොලිස් Wednesday, 17 November 2021 09:33 AM

ඊයේ හොදටම කලේ සරත් වීරසේකර.... කාලෙකට පස්සේ ඊයේ පොලීසියට තිබුනු කොරෝනා මර්ධන උනන්දුව අද කෝ.... මේ ආන්ඩුව කොරෝනා මර්ධනය වෙනුවට විරුද්ධ අදහස් දරන අය මර්ධනයට කොරෝනා යොදා ගත්තා... ජනතා නැගිටීමක් නැවතත් ඉක්මනින්ම අවශ්‍යයි.

:       1       7

Royfedricks Wednesday, 17 November 2021 09:52 AM

ඔය උනන්දුව පාස්කු ප්‍රහාරයටත් රත්වත්තේගේ වීර වික්‍රමයටත් නිරූපමා හොරකම් කල සැටි සෙවීමටත් ඔය ආදී සියලුම අපරාද සම්බන්දයෙන් නැත්තේ මන්ද?

:       0       9

Janith Wednesday, 17 November 2021 11:12 AM

මේ වගේ වෙලාවක මොලේ කලඳක් තියනවනම් ආපහු අමාරුවේ වැටෙන්න උද්ගෝෂණ කරන්නේ නැහැ .ළමුන්ගේ අධ්‍යාපනය අවුරුදු ගානක් නැති වෙලා .රට යන්තම් ගොඩ යාගෙන එනකොට ආපහු පස්සට හරවන්න හදන්නේ .මිනිස්සුන්ට ප්‍රශ්න තියනවා .මේකට වග කියන්න ඕනේ ආණ්ඩුවේ වැඩ බැරි වෙළඳ පාරිභෝගික ඇමතිලා සහ ලෝක් ඩවුන් කරන්න කියලා කෑ ගහපු විපක්ශයේ සෙට් එක .ඒ වගේම ගුරු වරු අල්ලාගෙන උද්ගෝෂණ කරලා රට වහන්න වැඩ කරපු එන්.ගී.ඕ නඩය .මෙයාලා අල්ලලා හිරේ දාන්න ඕනේ අනිත් මිනිස්සු වෙනුවෙන්

:       17       6

kamal Wednesday, 17 November 2021 12:44 PM

කලබල වෙන්න එපා.

:       1       3

sampath Wednesday, 17 November 2021 09:59 PM

උද්ඝොෂණ කිරීමටඔනිම තැනකට යාමට ඒමට ඔනැම නෙනෙකඅට අවසර තියෙනවා.අයිතියක් තියෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 637 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1927 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1500 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1460 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 947 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 732 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25650 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 372 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site