( තිළිණි ද සිල්වා )
ලබන වසර තුල මෙරට උද්භිද උද්‍යාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 517ක් වෙන්කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
පේරාදෙණිය, ගම්පහ, හග්ගල, සීතාවක හා මිරිජ්ජවිල උද්භිද උද්‍යාන මේ යටතේ සංවර්ධනය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.
ඒ අනුව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 177.1ක් ද ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය හා ගනේවත්ත වන ඖෂධ උද්‍යාන සංවර්ධනයට රුපියල් මිලියන 60.5ක්ද ,හග්ගල උද්භිද උද්‍යානය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 63.5ක්ද , මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය සංවර්ධනයට රුපියල් මිලියන 25.58ක්ද, සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය සංවර්ධනයට රුපියල් මිලියන 24.2ක්ද වෙන් කර ඇතැයිද ඇමතිවරයා පෙන්වා දේ.
මීට අමතරව මල් වගාකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම සඳහා රුපියල් මිලියන 47ක් වෙන් කර ඇති අතර , මේ යටතේ මල් වගාකරුවන් 5000කට පමණ අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට නියමිතය.
මීගලෑව හරිත පියස පුහුණු මධ්‍යස්ථානය, ශාඛාගාරය හා ශාඛා වර්ගීකරණය හා පර්යේෂණ වැඩසටහන සඳහා ද ප්‍රතිපාදන වෙන්කර තිබේ.
මෙවර උද්භිද උද්‍යාන සංචාරක අමාත්‍යංශය යටතට ඇතුලත්ව පවතින බැවින් මෙරට ඇති සියලුම උද්භිද උද්‍යාන දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බවත් , මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කීවේය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ගුවන් තොටුපොළ කිසිවක් ප්‍ර
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උද්භිත උද්‍යාන සංවර්ධනයට මිලියන 517ක්
janabala asamagi Monday, 28 December 2020 04:09 AM
දුප්පත් ජනතාව නගා සිටුවන්න.. මේ මුදල් යොදවන්න තිබුණු විශාල ගොවිබිම් ඇතිකරන්න තිබුණා.
wicky Monday, 28 December 2020 07:15 AM
බොහෝම හොඳයි... ඒ වගේම අපේ වන සම්පතත් ආරක්ෂා කිරීමටත් වගබලා ගන්නවා නම් හොඳයි.