IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


උදම්රළක් යුරෝසන් නෞකාව අවදානමෙන් මුදවයි

(විනීතා එම් ගමගේ)
 
දකුණු මුහුදේ කුඩා රාවණ පරයේ හැපී නොගැඹුරු වැල්ලේ සිර වු  යුරෝසන් නෞකාව උදම්රළක් සමග යළි එසැවී  දැනට වැලි පරයෙන් මිදී මේ වන විට කිලෝමීටර් පහක් පමණ ඈතට ගොස් නැංගුරම් ලා ඇති බව සමුද්‍රීය පරිසර අධිකාරිය කියයි.

අනතුර සම්බන්ධව සොයා බැලීම සඳහා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් පිරිසක් 24 දා එහි යැවූ නමුත් දියවැල් ගහන වීම හා සාගරය ප්‍රචණ්ඩව පැවැතිම හේතුවෙන් කිමිදුම්කරුවන්ට කිමිදිය නොහැකි වූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.

කුඩා රාවණ පරයට හා එහි ජීවී ප්‍රජාවට යම් භෞතික හානියක් වී ඇත්දැයි බැලීම සඳහා තම නිලධාරින් දිගින් දිගටම  පරික්ෂණ පවත්වන බවත් එවන් හානියක් සිදුව ඇත්නම් ඒ වෙනුවෙන් යම් වන්දියක් ඉල්ලා සිටිය යුතු බවත් සභාපතිනිය පැවැසුවාය.

නැවෙන් තෙල් විසිරීමක් සිදුව නැතැයි ද නැව නිරුපද්‍රිතව යලිත් දියත් කළ හැකි මට්ටමක ඇත්නම් එය පරික්ෂා කර බලා ත්‍රිකුණාමලය බලා පිටත් වීමට අවසර දීමට නාවික හමුදාව, වෙළඳ නැව් ලේකම් කාර්යාලය හා එක්ව පරික්ෂණයක් පවත්වනු ඇතැයි ද ඇය කීවාය. 

ලයිබීරියානු ධජය යටතේ දියත් වන මෙම නෞකාව සිමෙන්ති නිපදවීම සඳහා යොදා ගන්නා ක්ලින්කර් මෙට්‍රික් ටොන් 33,000 ක් පමණ රැගෙන ත්‍රිකුණාමලය බලා යාත්‍රා කරමින් සිටිය දී මෙම නෞකාව අනතුරට පත්වූයේ ගොඩබිම සිට නාවික සැතපුම් 35 ක් පමණ ඈතින් කුඩා රාවණ පරය ආසන්නයේ දීය.

නෞකාව අනුරට පත්වෙද්දී එහි ක්ලින්කර් තොගයට අමතරව එම් ජී ඕ තෙල් (marine gas oil) මෙට්‍රික් ටොන් 62ක් හා නැව සඳහා වන ඉන්ධන මෙට්‍රික් ටොන් 700 ක් පමණ ද තිබී ඇතැයි ද ඇය කීවාය.



අදහස් (1)

උදම්රළක් යුරෝසන් නෞකාව අවදානමෙන් මුදවයි

තරං/ Tuesday, 26 January 2021 01:49 AM

මොකක් හරි වෙච්ච ගමන් බලන්නේ කීයක් හරි කඩාගන්න. රාවණා පරයට මොකක් හරි වුණා නම් වන්දි අරගෙන ඒක හදයි බලන් ඉන්න. නීතිය ගැන දන්නවා සාමාන්‍ය දැනීම නැති නෝනා කෙනෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු අල්ලයි
2024 නොවැම්බර් මස 08 1191 0

කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම


තැනින් තැනට අදත් තරමක තද වැසි
2024 නොවැම්බර් මස 08 40 0

උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු


පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 1073 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී
2024 නොවැම්බර් මස 08 1719 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත


පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 3116 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 779 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 73 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 448 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1403 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site