IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


උදුල් ප්‍රේමරත්නට-මිතුරියට පහර දුන් අය අධිකරණයට ගේන්න නියෝග

(කේ බුද්ධික කුමාරසිරි)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ මිතුරියට ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන් බව කියන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා තල්දූව මහත්මිය අද (15) දින තලංගම පොලිසියට නියෝග කලාය.
මෙලෙස පහර කෑමට ලක් වූ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සහ ඔහුගේ බිරිඳ  තලවතු ගොඩ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ආපනශාලාවක ආහාර ගනිමින් සිටියදී එහි පැමිණි පුද්ගලයන් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයෙහි කටයුතු කල සමයෙහි සමකාලීන දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් පහකට ආසන්න පිරිසක් පැමිණ පහර දී ඇතැයි  ද යනුවෙන්  නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා විසින් සිදුකළ පැමිණිල්ලේ සඳහන් යැයි පවසමින් තලංගම පොලිසිය මගින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.

පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන ,දසුන් සිල්වා සහ සජිත් ගුණසේකර යන නීතිඥයන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස කීය

මෙම පහරදීම සිදුවෙලා දැනට පැය 48ක් වෙනවා තලංගම පොලිසිය සිද්ධිය වී පැය 48 කට පසුව තමයි අධිකරණයට කරුණු වාර්තා කරන්නේ. පොලිසියේ ක්‍රියා කලාපය ගැනත් අපිට සැක සහිතයි. මේක රාජ්‍ය බලය යොදවාගෙන සිදු කරන කටයුත්තක්.

අපගේ සේවා දායකයා පහර කෑමට ලක්වූ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙක්. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳුම්කරු විදිහට කටයුතු කළා.

 



අදහස් (5)

උදුල් ප්‍රේමරත්නට-මිතුරියට පහර දුන් අය අධිකරණයට ගේන්න නියෝග

පොඩි එකා Tuesday, 15 October 2024 08:53 PM

එහෙනං හරි, එච්චරයි අඩුවකට තිබුනේ, ඔහොම යං.

:       17       79

රඛිත Tuesday, 15 October 2024 09:14 PM

NPP ආණ්ඩුවේ අනාගත මාර්ගය ගැන ඉඟියක් මේ සිද්ධියේදී අපිට බලාගන්න පුළුවන් වෙයි වගේ.

:       9       91

Perera Wednesday, 16 October 2024 03:00 AM

අපි හැමෝටම දැනගන්න මේ නඩුවේ ප්‍රගතිය දිගටම වාර්තා කලොත් හොඳයි

:       0       8

අරවින්ද මොනරවිල Wednesday, 16 October 2024 09:27 AM

උදුල ඔයා පවු. ඔය වගේ සිල්ලර වැඩ කරලා එන්.පී.පී එක පරද්දවන්න දැන් බැහැ. ඕවා වසර දෙදහස් දහනවයට පෙර වැඩ කෙරුව උපක්‍රම. දැන් ඕවා අදාලම නැහැ. අහක යන බල්ලන්ට ගල් ගහන්න ජ.වි.පෙ.ට දැන් වෙලාවක් නැහැ.

:       4       6

Ajith Wednesday, 16 October 2024 11:26 AM

මාලිමාවේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නැහැ කීවාට ඔය තියෙන්නේ...

:       4       2

ඔබේ අදහස් එවන්න

දියත

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 648 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 2324 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4980 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1260 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1948 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1306 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site