(කේ බුද්ධික කුමාරසිරි)
කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය නඩු කටයුත්තක් මෙහෙයවමින් සිටියදී මහේස්ත්‍රාත්වරිය දෙසට ලේසර් කිරණයක් එල්ල කල බව කියන උපකාරක පන්ති ගුරුවරයකු ලබන 27 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (15) දින නියෝග කළාය.
කෝට්ටේ කොටුබැම්ම පාර පලමු පටුමග පදිංචිකරුවකු වන බෝපිටිය විදාන ගමගේ චතුෂ්ක ජනිත් ඩයස් නමැති උපකාරක පන්ති ගුරුවරයකු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළේය.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් දිලූපා ප්‍රියදර්ශනී මහත්මිය කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයාට සිදු කල පැමිණිල්ලක් මත අධිකරණයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිළධාරීන් විසින් අධිකරණය තුළ සෝදිසියට ලක්කර සැකකරු අත් අඩංගුවට ගත්තේය.
සැකකරුගේ මානසික ආබාදයකින් පෙලෙන බව ඔහුගේ මාපියන් දැනුම් දුන් බව සැකකරු වෙනුවෙන් පනී සිටි නීතිඥ අශෝක විරසූරිය මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
එබැවින් සැකකරෙු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට හැකි බැවින් ඇප මත මුදා හරින ලෙස ඉල්ලීමක් සිදු කරන ලදී.
මෙහිදී කඩුවෙල පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නිළධාරීන් සැකකරුට ඇප ලබා දීමට විරුද්දත්වය පල කළේය.
දෙපර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේත්‍රාත්වරිය සැකකරු මෙම මස 27 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කළේය.
සැකකරු ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය ආයතනය වෙත ඉදිරිපත් කර අධිකරණ මානසික වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙසත් සැකකරුගේ දුරකතන දත්ත වාර්තා පරීක්ෂා කර බලා එම වාර්තා ද අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.
මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු
ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
උපකාරක පන්ති ගුරා මහේස්ත්‍රාත්ට ලේසරයක් අල්ලලා
City Friday, 15 September 2023 08:25 PM
මානසිකව ෆිට් නැතිනම්, කොහොමද ඔහු ළමයින්ට උගන්වන්නේ..?
lankasriFriday, 15 September 2023 11:00 PM
එහෙනම් ඉතිං ඔය රනිල් ජනාධිපතිත් වෙලා ඉන්නේ...
සංදීපා Friday, 15 September 2023 09:32 PM
මානසික ආබාධිතයින් කොහොමද උපකාරක පන්ති කරන්නේ...? ඒකත් එහෙනම් නවත්වන්න...!
චන්දන Saturday, 16 September 2023 03:16 PM
තත්වය භයානකයි. සියළු ටියුෂන් ගුරුවරුනගේ මානසික තත්වය පරීක්ෂා කරන්න. ළමා අපචාර වෙන්න ඒකත් හේතුවක් විය හැකියි.