IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


උපදේශකවරුන් දෙන්නෙකුට ලක්ෂ විසි හතක් නිකන් පඩි ගෙවලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ  හිටපු උපදේශකවරුන් දෙදෙනෙකුට කිසිදු සේවයක් ලබා නොගෙන රුපියල්  ලක්ෂ 27ක මුදලක් ගෙවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

මේ දෙදෙනා පත්කර ඇතැයි පැවසෙන්නේ හිටපු අමාත්‍යවරයාගේ නිර්දේශ මතය.

මින් එක් උපදේශකයකු  සමාගමට 2020 දෙසැම්බර් 07 වන දින උපදේශකවරයෙකු  ලෙස  බඳවා ගෙන රුපියල් ලක්ෂ 18 ක මුදලක් ගෙවා ඇතැයි කෝප් කමිටුව පවසයි.මෙයට අමතරව  ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත නිදහස් කර තිබූ තවත් උපදේශකයකු සදහාද සමාගමට කිසිදු සේවයක් නොගෙන උපදේශක ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 9 ක මුදලක්  ගෙවා ඇතැයි  විගණකාධිපතිවරයා කරුණු පෙන්වා දුන්නේය.

මේ සඳහා එවකට අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු බවද කෝප් කමිටුව පෙන්වා දුන්නේය.

මේ අතර රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක  මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ   හිටපු අලෙවි ප්‍රධානියාට  රුපියල් ලක්ෂ 25 ක පාරිතෝශික ගෙවීම පිළිබද පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස කමිටුව නියෝග කළේය.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ 2020 හා 2021 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබද විමර්ශනය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

මේ අතර ආයතනයේ සිටි 1200 කට ආසන්න සේවක සංඛ්‍යාව මේවන විට 972 දක්වා අඩුකොට ඇති බවත් මෙම ප්‍රමාණය 850 දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ  එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති අනුෂ පැල්පිට මහතා මෙහිදී පැවසීය.



අදහස් (0)

උපදේශකවරුන් දෙන්නෙකුට ලක්ෂ විසි හතක් නිකන් පඩි ගෙවලා

ඔබේ අදහස් එවන්න

දියත

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 314 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 357 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 314 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 521 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 2078 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 341 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27171 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18889 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site