(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
උපාධිධාරීන් 600 ක් පමණ මේ වන විට ආණ්ඩුවේ කම්කරු රැකියා කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
කම්කරු රැකියා කරන එම උපාධිධාරීන් සඳහා උසස් වීම් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය .
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය,පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මේ බව කීය.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උපාධිධාරීන් 600ක් ආණ්ඩුවේ කම්කරු රැකියා කරනවා
lakvidu Wednesday, 24 November 2021 07:56 PM
ධනාත්මකව සිතන්න පුරුදු වෙන්න.
Bamunuarachchi Wednesday, 24 November 2021 08:14 PM
එහෙනම් ඒ උපාධිදාරීන් කොට අය වෙන්න ඇති. උස නම් සිකියුරිටි වැඩක් කරන්න තිබුණානේ නේද? ඔය තත්වය ඉන්දියාවේ ඇති වුනේ 1960 ගණන්වල..
naushiThursday, 25 November 2021 09:04 AM
අපරාදේ කියන්න බැහැ
විපරමා Wednesday, 24 November 2021 08:27 PM
කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති, අට පාස් අයත් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා.
BamunuarachchiThursday, 25 November 2021 10:56 AM
අට පාස් කතාව කොහොමද ආවේ කියන එක දන්නවාද? ෂුවර් එක දන්නේ නැති බවට. ඔහේ දන්නවාද අට පාස් නැති මහා ව්‍යාපාරිකයෝ ලංකාවේ ඉන්න බව? ඔවුන් යටතේ උපාධිදාරීන් සේවය කරන බව දන්නවාද? අට පාස් නැති උනත් හරියට හිතන්න පුළුවන්කම ඉතා වැදගත්. ඔහෙට එහෙම හිතන්න බැරිබව පෙනෙනවා.
මොහොමඩ් හනීෆා.Thursday, 25 November 2021 12:01 PM
ඔයාලගේ කට්ටිය ඇතිකරපු සව්බාග්‍යය නියමයි. කියලා වැඩක් නැහැ .. අති විශිෂ්ඨයි ..
kamalThursday, 25 November 2021 01:19 PM
පාර්ලිමේන්තුවයි ව්‍යාපාරයි ලෝකයයි කියන්නේ දෙකක් කියල අට පාස් කරපු අපි දන්නවා, ඒක නොදන්නා අට පාස් නොවුණු අය තමන් වගේම අට පාස් නොකරපු අය පාර්ලිමේන්තුවට සුදුසුයි කියනවා.
BamunuarachchiThursday, 25 November 2021 07:52 PM
මිනිස්සු ඡන්දෙ දෙන්නේ අට පාසදකියලා බලලා නොවෙයි පුද්ගලයා පලාතට රටට වැඩක් කරයිද කලාද කියලා බලලා. පාසල් අද්‍යාපනය නැති උනාට බින්දුවෙන් පටන් අරන් මහා ව්‍යාපාර කරගෙන යන්න පුලුවන්නම් පර්රලිමෙන්තුවේ වැඩත් කජ්ජක්ද ? දැක්ක නේද වියත්තු කියාලා සභාපති කම් අරගෙන අනාගෙන ගෙදර ගිය හැටි. ඒගොල්ලෝ පාර්ලිමේන්තු ගියොත් කොහොම හිටීද?
Sampath Wednesday, 24 November 2021 08:33 PM
ඇයි ඒ කම්කරු රැකියා කරන්න? පුද්ගලික අංශයේ කොයිතරම් නම් හොඳ රැකියා තියෙනවද?
Nihal Wednesday, 24 November 2021 09:42 PM
යුරෝපේ ඕන ජොබ් එකක් කරන්නේ, සුළු පඩියට වැඩ කරන්නේ.
Rasika Wednesday, 24 November 2021 11:28 PM
උපාධියේ ගුණාත්මක කම හොඳටම අඩුවෙලා.
Royfedricks Thursday, 25 November 2021 01:37 AM
වෙන මොනවා කරන්නද? යල් පැනගිය අද්‍යාපන ක්‍රමයේ ප්‍රතිපල. නූතන ලෝකයට ගැලපෙන්නෙ නැහැ. මක් නිසාද පාලකයෝ අද්‍යාපන ක්‍රමය වෙනස් නොකරන්නෙ? මෝඩයන් වැඩිපුර සිටින තරමටම ඔවුන්ට නැවත නැවතත් පහසුවෙන් බලයට පැමිණිය හැකි නිසා.
Perera Thursday, 25 November 2021 04:21 AM
කම්කරු කමකටවත් සුදුසුකම් නැති අය මැති ඇමතිලා වෙලා ඉන්නවා
Ramsy Thursday, 25 November 2021 04:52 AM
බලන්න එයාල කොච්චර නිහතමානීද?
reks Thursday, 25 November 2021 04:54 AM
මම පශ්චාත් උපාධියකුත් අරගෙන වයිෆ්ගෙ ඩ්‍රයිවර් වැඩේ කරනවා....!
Chinthaka Thursday, 25 November 2021 08:44 AM
අපරාදේ උගත් මිනිස්සු.
BamunuarachchiSaturday, 27 November 2021 02:19 PM
උපාධියට රැකියා දීමේ ප්‍රවණතාවය දැන්තුරන් වේගෙන යනවා. දැන් රැකියා ලැබෙන්නේ එක්ෂ්පීරියන්ස් වලට. ඔය සම්බන්ධව රීඩස් ඩයිගෙස්ට් එකට ලිපියක් ලියපු හොන්ඩා සභාපති කියනවා.. ඔහු ඩිප්ලෝමා සහතිකය සිනමා ප්‍රවේශ පත්‍රයක් තරම්වත් ගණන් ගන්නේ නැහැ කියලා... හේතුව සිනමා ප්‍රවේශ පත්‍රය ඒ සිනමාව බලන්න පුළුවන් කියා සහතික කරනවා... නමුත් ඩිප්ලෝමා සහතිකය අදාළ කාර්ය කරන්න පුළුවන් කියලා සහතික වෙන්නේ නැහැ කියලා...
naleen Thursday, 25 November 2021 09:00 AM
උපාධියක් තිබුන පලියට හොද රැකියාවක් දෙන්න කියල කියන්නේ කොහොමද? දක්ෂ සහ හැකියාවන් ඇති ඕනෑම කෙනෙකුට උපාධිය ඇතුව හෝ නැතුව රැකියා තිබෙනවා. උපාධිය යනු එක් සුදුසුකමක් පමණි
SL Thursday, 25 November 2021 10:14 AM
කිසිම දැක්මක් නැති දේශපාලකයෝ බුරුත්තක් ඉන්න රටක් වුනහම මෙහෙම වෙනවා. උපාධි ගත්ත අයට රජයේම රැකියා දෙන්න කියල පෝලිමේ යන මාක්ස් වාදියෝ ටික තමයි මේ උපාදිධාරි දරුවන්ට තියෙන එකම හෙනේ . ඔලු සුද්ධ කරලා ,හිඟා කන තත්වෙට උපාධිකාරයෝ පත්කරල තියෙනවා. පාසල් වල , විශ්වවිද්‍යාල වල ආට්ස් ,කොමස් වලට ගන්න සිසුන් ප්‍රමාණය 60% වත් අඩු කරලා ,තාක්ෂණික විෂයන් වලට යොමු කරන්න ඕනේ. රටට ඕනේ මොකක්ද කියල හිතාගන්න බැරි වුනාට ,පාර්ලිමේන්තුවට ගිහින් ඉන්න 60 පැන්න කිරි ඇල්ලට නුවන පහල වේවා !!