IMG-LOGO

2025 මාර්තු මස 04 වන අඟහරුවාදා


උපන් ඇඳුමින් කොළඹ සිට පිදුරුතලාගල ගිය තරුණයා අල්ලයි

(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)

ශරීරයේ කිසිදු ඇඳුමක් නොමැතිව නිර්වස්ත්‍රව අධිබල යතුරුපැදියකින්  කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරමින් සිටි තරුණයකු මහත් පරිශ්‍රමයක් දරා මාර්ග බාධක යොදා අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය කියයි.

එම තරුණයා අ පෙරවරුවේ මහනුවර - කොළඹ මාර්ගයේ  අධිබල යතුරුපැදියක නැගී ගමන් කරන ආකාරය පොලිසි ගණනාවක නිලධාරීන් නිරීක්‍ෂණය කොට ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ලුහුබැඳ ගියත් ඒ කිසිවකුටත් ඔහු වෙත ළඟාවීමට හැකිව නොමැති බව පොලිසිය කියයි.

කෑගල්ල සහ මාවනැල්ල පොලිසිද එම පුද්ගලයා ලුහුබැඳ ගොස් ඇතත් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම හේතුවෙන් කඩුගන්නාව සහ පේරාදෙණිය පොලිසි දැනුවත් කිරීමෙන් අනතුරුව කඩුගන්නාව පොලිසිය විසින් මාර්ග බාධක යොදා වාහන හරස්කොට එම පුද්ගලයා කොටු කර ගැනීමට හැකිව තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ ඔහු පිදුරුතලාගලට යාමට පැමිණියි.

අහංගම සිට පැමිණ කොළඹ හෝටලයක නැවතී අද පෙරවරුවේ ඉන් පිටත්වී යතුරුපැදියේ ගමන් කරන අතරතුර විටින් විට ඔහු හැඳගෙන සිටි ඇඳුම් ඉවත් කළ බවත්යි. ජීවිතය නිදහසේ විඳිය යුතු නිසා එසේ ඇඳුම් ඉවත් කළ බවත් ඔහු භාවිතා කළ ඇපල් වර්ගයේ දුරකථනයද අතරමගදී විසිකර දැමූ බවද ඔහු පොලිසියට පවසා තිබේ.

 



අදහස් (14)

උපන් ඇඳුමින් කොළඹ සිට පිදුරුතලාගල ගිය තරුණයා අල්ලයි

බකල ජයා Monday, 03 March 2025 10:08 PM

ප්‍රදර්ශන කාමය කියන්නෙත් සමහරුන්ට තියෙන තත්ත්වයක්. කඹ වගේ රත්තරන් මාල දාන එක, "මං-දිහා-බලන්න" ඇඳුම් අඳින ඒවත් ටිකක් ඒ වගේ. මේ ෆොටෝ එකේ හැටියට මෙයා කායවර්ධකයෙක්, හැබැයි මොලෙත් ටිකාක් හරි වර්ධනය කරගත්තනම් දෙමව්පියෝ බැණුම් අහන්නෑ.

:       0       0

ගුණරත්න Monday, 03 March 2025 11:42 PM

මානසික ගැටළුවක් ඇති. හැබැයි ඉතින් මාලිමාවෙක් වෙන්නත් බැරි නැහැ, උනුත් මන්ද මානසික නිසා ඔහොම විගඩම් කරලා හිනාවට ලක් වෙනවා.

:       17       14

Jothi Tuesday, 04 March 2025 12:21 AM

මාලිමාවෙක් කඩේ යන ගමන්

:       14       12

Kkule Tuesday, 04 March 2025 12:49 AM

අසනීප තත්වයක් , මොහුට අනුකම්පාකර සුදුසු වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න.

:       1       16

සිංහල නිංජා Tuesday, 04 March 2025 03:49 AM

මේ විරයාගේ දැත් සත්තිමත් කිරිමට අපේ ගමේ සියලුම දෙනා හෙට උපන් ඇඳමින් නැඩට යමු. මාලිමාවට ජය වෙිවා

:       6       6

මනුසතා - Tuesday, 04 March 2025 06:09 AM

මේ තරුණයාගේ කියාව අනුමත කරන්න පුලුවන් . හැමදේම අත් හැරීම තමයි නිදහස . ඒක එයාගෙ කැමැත්ත. අපේ අය ගොඩක් කරන්නේ පුලුවන්තරම් බදා ගන්න එක. අධිකරණයකට ගියත් මේ තරැණයාට දඩු්වම් කරන්න බැරිවේවි. මොකද, එයා හැම දේම අත්හැරල.බුද්ධ ඉගැන්වීම් වලට එකගයි. ක්ලින් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ මුලින්ම පාර්ලිමේන්තුවේ අයත් ඔන්න ඕක කරානම් වැඩේ නියමයි. අනික කොහොමත් දැන් ගොඩක් අය ඇදුම් ඇන්දත් හෙලුවෙන් වගේ තමයි.

:       6       9

Perera Tuesday, 04 March 2025 06:28 AM

මූ අර අර්චුනාට වඩා හපන් පිස්සෙක්

:       4       5

විහන්සි මෙතුල්‍යා Tuesday, 04 March 2025 06:52 AM

මේ දවස්වල බුකියෙ කෙල්ලන්ගෙ ක්‍රෂ් එක! ටික්ටොක් මල්ලිලා අයියලා දෙන්න බලන්න මෙයාට චැලෙන්ජ් එකක්.

:       0       3

Lal Tuesday, 04 March 2025 07:21 AM

සෙනවිරත්න හරි, රට වලට හරි, පයිරූස් හරි, මාලිමාවට කඩේ යන ගමන්.

:       3       5

සාලිය Tuesday, 04 March 2025 07:41 AM

ඌට ආස නම් යන්න දියල්ලා බන්. ඕක හැංගුවා කියලා මෙතක් කල් පට්ට හොදක් උනැයි.

:       0       6

Wimal Tuesday, 04 March 2025 08:21 AM

ඇපල් පෝන් එක හම්බ උනොත් , හම්බවුනු කෙනෙක් කිව්වොත් අපේ සදාචාරේ, නැත්නම් සුද්දගෙ සදාචාරේ!

:       0       4

අරුණි Tuesday, 04 March 2025 08:42 AM

ඊය. ඒත් අනේ මම දැක්කේ නෑනේ එයාව!

:       1       6

Tharaka Tuesday, 04 March 2025 10:00 AM

ආසාවෙන්න ඉන්න ඇති නේද බලාගෙන

:       0       4

Hasith Tuesday, 04 March 2025 09:32 AM

අපරාධකාරයෙක් ගියත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමා.. අපි පොඩි කාලේ හොරා පොලිස් කරා මීට වඩා හොඳට

:       2       7

ඔබේ අදහස් එවන්න

දියත

කලුතර පාසලක දරුවන් දුන් උදේ ආහාර වෙිලේ පණුවන් ඉදලා
2025 මාර්තු මස 04 21 0

කලුතර නගර මධ්‍යයේ පිහිටී පාසලක දරුවන්ට උදේ ආහාරය සදහා ලබාදුන් බත් පාර්සලයේ මාළු වල පනුවන් සිටී බවට ලද තොරතුරකට අනුව කලුතර සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර


ලක්ෂ 30ක දුම්වැටි සමඟ දෙන්නෙක් ගුවන්තොටේදී අල්ලයි
2025 මාර්තු මස 04 235 0

රුපියල් ලක්ෂ තිහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී


යුක්රේනයට හමුදා ආධාර දීම නවත්වනවා - ට්‍රම්ප්
2025 මාර්තු මස 04 1526 3

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ ඇයිහොඳයිකම් පළුදු වීමත් සමඟ, රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනයට ලබා දෙන සියලුම හමුදා ආධාර නැවැත්වීම


වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකට වරෙන්තු
2025 මාර්තු මස 04 1304 1

වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී සිදුවු වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලැබීමේ සිද්


දේශබන්දු අනිද්දා බාර වෙයි?
2025 මාර්තු මස 04 2975 6

වැලිගම පැලෑණ හෝටලයක් ඉදිරිපිට සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි නියෝග ලබා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා බ


අද සිට වැස්ස අඩු වේ
2025 මාර්තු මස 04 261 0

දිවයින පුර පැවැති වැසි තත්වය අඩු වීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20024 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 113 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 436 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 520 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site