(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට එහි ප්‍රධානීන් දක්වන අඩු සැලකිල්ල පිළිබඳව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ අප්‍රසාදය පළ කර ඇත.
පසුගිය 2020 වසරේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව එම කාරක සභාව සැලකිල්ලට ගත් අවස්ථාවේදී මේ පිළිබඳ කරුණු අනාවරණය විය.
එම කාරක සභාව එහි සභාපති
මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 10 වැනිදා රැස්විය.
පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කිරීම සඳහා ක්‍රියා කිරීමේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ඒ සඳහා දක්වන අඩු සැලකිල්ල පිළිබඳව කාරක සභාව ප්‍රශ්න කළේය.
පාර්ලිමේන්තුව විසින් දෙන ලද නියෝග ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම උත්තරීතර සභාවට අගෞරවයක් බව පැවසූ කාරක සභාව පද්ධතිය භාවිත කිරීමේදී මානව මැදිහත්වීම් අවම කළ යුතු බව ප්‍රකාශ කළේය.
ඩිජිටල්කරණයට ලක් කිරීම පද්ධතියේ එක් කණ්ඩායමක් හේතුවෙන් අභියෝගකට ලක්ව ඇති බවත් මෙයාකාරයෙන් එක් කණ්ඩායමකට ඉඩ දීමෙන් සිදුවන්නේ පාරිභෝගිකයා මත බර පැටවීම පමණක් බවත් කාරක සභාව පෙන්වා දෙයි.
මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් මීට වඩා දැඩිව ක්‍රියා මාර්ග ගත යුතු බවද කාරක සභාව අවධාරණය කර ඇත.
මේ රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණතිලක රාජපක්ෂ, මධුර විතානගේ, සහ එම ආයතන දෙකේ ප්‍රධානීහු සහභාගි වූහ.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උපයෝගිතා කොමිසමේ වැඩ ගැන ආර්ථික කමිටුවේ අප්‍රසාදය